ඉන්දියානු ගොවීන්ගේ දැවැන්ත පාගමන

ඉන්දියානු ගොවීන්ගේ දැවැන්ත පාගමන

මහාරාෂ්ට‍්‍රා ගොවීහු ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිති.

මහාරාෂ්ට‍්‍රා හි ගොවියන් 50,000 කට අධික ගොවීන් පිරිසක් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව වටලා ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගත්හ. මහාරාෂ්ට‍්‍රා හි දේවේන්ද්‍ර ෆද්නාවිස් රජය ගොවීන්ගේ ඉල්ලීම් ලබා දීමට එකඟ වූහ.

මේ ජයග‍්‍රහණය ලබා ගැනීමට ගොවීහු නෂික් හි සිට කිලෝමිටර් 180 පමණ දුරක් දින හයක් තිස්සේ දැඩි සූර්යතාපය නොතකා මුම්බායි වෙත ගමන් කොට තිබුණි. සමහරු පාවහන් පවා පැළඳ නොසිටියහ. ඔවුන්ගේ සියළු ඉල්ලීම් ලබාදුන් බව මහාරාෂ්ට‍්‍රා හි ආදායම් පිළිබඳ අමාත්‍ය චන්ද්‍රකාන්ත් පටිල් පැවසූහ.

රජය සිය ඉල්ලීම් පිළිගැනීමත් සමග ගොවීහු සිය රැළිය විසුරුවා හරින්නට කටයුතු කළහ. (2018 මාර්තු 12)

වාර්තාකරුවන්ට තා කරමින් ප‍්‍රධාන අමාත්‍ය, ෆද්නාවිස් ප‍්‍රකාශ කොට සිටියේ: ‘‘වගා කරමින් සිටින වන භූමි ආදිවාසීන්ට සහ ගොවීන් ට පවරන්න කමිටුවක් සකසන්න අපි එකඟවුණා, ගොවීහු සාක්ෂ්‍ය සහිතවම සනාථ කොට තිබෙනවා කලින් වගා කරන ලද ඉඩම් 2005ක් ඇති බව. ගොවීන්ගේ සහ ආදිවාසීන්ගේ නියෝජිතයින් සහිත රැස්වීමකදී ඔවුන්ගේ සියළු ඉල්ලීම් ලබා දෙන්නට අප අකඟ වුණා.’’

මෙයට සහභාගි වූවන්ගෙන් 90% දුප්පත් ආදිවාසීන්. ඔවුහු වන ඉඩම් අයිතිය සඳහා සටන් කරමින් සිටී. ඉඩම් නොමැති ඔවුන්ට වගා කිරීමට කිසිවක් නැහැ. රජය ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සංවේදී සහ ධනාත්මක ආකල්පයකින් කටයුතු කරන බව ෆද්නාවාස් ප‍්‍රාන්ත රජයේ පාර්ලිමේන්තුවේදී ‘දිග පාගමන’ගැන සාකච්ඡා කිරීමේදී ප‍්‍රකාශ කොට සිටියහ. ගොවීහු කොන්දේසි රහිත වගා ණය, ගොවීන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්, වසර ගණනාවක් තිස්සේ ආදිවාසී ගොවීන් විසින් වගා කරමින් සිටි වනාන්තර භූමි වගා කරන්නට අයිතිය සහ ඒවා වගා කරන්නට යන වියදම මෙන් 1.5 ක ප‍්‍රමාණයක් ගොවීන්ට ලබා දෙන්නට, දිස්ත‍්‍රික්ක තුනක ගංගා එකට සම්බන්ධ කරමින් මෙම ප‍්‍රදේශ යට කරමින් දැවැන්ත ජලාශයක් තනන්නට සිදු කළ සැලැස්ම ඉවත් කර ගන්නට රජයට බල කළහ. ගොවීහු රජය විසින් එම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනිමේදී, එමෙන්ම අධිවේගී දුම්රිය සහ මහාමාර්ග ඉදි කිරීම සඳහා ඉඩම් රජය විසින් අත්පත් කරගැනීමට එරෙහිය නැගී සිටියහ.

Advertisements

Posted on March 27, 2018, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Sinhala and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: