නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම
නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම
[https://revolutionaryfrontlines.wordpress.com/2016/06/21/revolutionary-dreams-of-nepal-a-photoessay/]
[නේපාලයේ මහජන යුද්ධයේ කාලය තුළදී රට පුරා, මෙන්ම දකුණු ආසියාව මුළුල්ලේ සහ ලෝකය පුරා මිලියන ගණනකගේ සිහින සහ අපේක්ෂාවන් ඉහළට එසවුණි.]
ග්‍රාමීය පෙදෙස්වල ගොවියන් වැඩවසම් සහ අර්ධ-රදළ සහ රාජ්‍ය පීඩනයට එරෙහිව සටන් වදිමින් මාඕවාදයේ උපායික චින්තනයෙන් සහ සාරගර්භ පාඩම් සලකුණු කරමින් සමාජය නැවත හැඩගැන්වීමට බලවත් පරිශ්‍රමයක් දරමින් ඉදිරියට ගමන් ගත්හ. ග්‍රාමීය පෙදෙස්වල අරගලය සහ මුදාගත් කලාප අත්හැර දමමින් නගරයට (කත්මණ්ඩු) පිවිස, නාට්‍යමය සාමය නොහොත් යටත්වීම මගින් පාර්ලිමේන්තු-ඡන්ද තනතුරකින්-විප්ලවීය අල්ලසක් ගනිමින්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකත්වය ආපස්සට හැරෙන තෙක් මහජන විමුක්ති හමුදාව ප්‍රබල බලවේගයක් විය. පාවාදුන් අයවළුන් ඉන්දියාව වැනි කලාපීය බලවතුන් සහ බටහිර අධිරාජ්‍යවාදීන් සහ නව-යටත්විජිතවාදීන් විසින් වර්ණනා කරන ලදි. පහත දැක්වෙන රූපමය රචනාව සිත්හි රැඳුණු නේපාල මහජන විමුක්ති හමුදාවේ සටන් කරුවන් ගැනයි.
ලෑංග්ස්ටන් හියුජ්ගේ කවියකි:
පමා වූ සිහිනයට කුමක්වේද?
සූර්ය තාපයෙහි ලූ ඵල වැල මෙන්
වියැලේවිද එය?
නැතිනම් තුවාලයක් මෙන් පැසවාවිද-
දිව යන්නද එවිට?
පිළුණු මස මෙන් එය දුඟද හමයිද?
නැතිනම් සීනි තැවරූ
රස කැවිල්ලක්ද?
එය එල්ලා වැටේවිද
මහත් බරක් මෙන්
නැතිනම් පිපිරී යාවිද?
ප්‍රමාද වූ විප්ලවයට කුමක් සිදුවේද? නේපාලයෙන් ‘‘නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම’’ නේපාලයේ සංචාරයේ යෙදෙන පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත් විසින් Raiot.in හි පල කරන ලදි. -ෆ්රන්ට්ලයින් සංස්කාරක]
2016 ජුනි 17 /පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත්
මම මගේ ස්වාමිපුරුෂයා සමග කඳවුරේදි ආදරයෙන් බැඳුණා මොකද එයා වැඩිය කතාබහ කලේ නැති නිසා. ඔහු අපේ කමාන්ඩර්ගෙන් අනුමැතිය අරගෙන අවුරුදු දෙකකට පස්සෙ විවාහ වුණා. දැන් අපි දෙන්නම කතා කරනවා නායකත්වය අපිව පාවල දුන්න ආකාරය ගැන.
ජානකි භත්තා – අක්චම්, නට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.
මට කළකිරීමක් ඇතිවෙනවා මගේ පුද්ගලික තත්ත්වය, මගේ පක්ෂයේ තත්වය සහ සමාජයේ තත්වය ගැන බැලූවම. මගේ කොටසක් මාඕවාදී සටන්කරුවෙක් ලෙස මට තිබුණ සිහින, මගේ කෝපය, මගේ ගින්දර බැඳ තබලා පසෙකින් තියල තියෙනවා. මගේ අනෙක් කොටසට ජීවත් වෙන්න වැඩ කරන්න සිදු වෙලා තියෙනවා.
ඉෂ්වෝර් තිමිල්සිනා – කුයිකා, අක්චාම්, දැනට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.
මේ දවස්වල මට දැනෙන දෙය මට මාඕවාදී විප්ලවයට සම්බන්ධ වෙන්න නොහැකිනම් මගේ ජීවිතයෙදි මොනවහරි කරන්න අධ්‍යයන කටයුතුවල නියැලිය යුතුයි. මම අවුරුදු 6ක් සේනාවාසයක මුකුත් නොකර ජීවත් වුණා.
බ්රම්හා කට්ටෙල්- බජුරා, දැනට ලම්කි, කයිලාලි වල රික්ෂෝ රියැදුරෙකු ලෙස සේවය කරයි.
මගේ පාදයට වෙඩි වැදුනට පස්සෙ මම පැය 56 සැඟවිලා හිටියා ආහාර සහ ජලය නැතිව. මගේ තුවාල වල මැස්සො වහල තුවාලය මත බිත්තර දමල මගේ තුවාල මස මැස්සන් විසින් කනවා මම අසරණව බලාගෙන හිටියා. මගේ තුවාලය වටේම හිටිය උන් හෙලිකොප්ටර් වගේ. යුද්ධයෙන් පස්සෙ මට නිවසක් නැතිවුණ මම නිදාගන්නෙ කත්මණ්ඩු නගරයේ වීදි වල. මම මගේ සිරුර සහ මගේ ජීවිතය සුව කර ගත්ත. මම දන්නවා අපි නැවත දවසක ඉක්මනින්ම සටන් කළ යුතුයි අපේ රට සුව කර ගැනීමට.

ගංගා ලාමා – කව්රේ, කත්මණ්ඩු වල දැානට කාපට් ෆැක්ටරියක් පවත්වාගෙන යයි.
මම මහජන මිලීෂියාවට සම්බන්ධ වුණා. නේපාල රාජකීය හමුදාව මගේ පියා අතුරුදහන් කලාට පසුව මම මහජන හමුදාවට සම්බන්ධ වුණා. මම දැන් කුඩා දරුවන්ට ක්‍රීඩා උගන්වනවා. මට දැනෙන්නෙ ගිය අවුරුද්දෙ භූමිකම්පාවකින් මගේ රට විනාශ වුණා වගේ මගේ පෞද්ගලික ජීවිතයත් විනාශ වුණා වගෙයි.
කෙෂාබ් ඛනාබ් – ෂ්යන්ගි, දැනට කත්මණ්ඩු වල ක්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි.

මම ඛාරා වල සටනින් තුවාල ලැබුවෙමි. දැන් මට එහෙ මෙහෙ ඇවිදින්නත් අමාරුයි. මං කරන එකම දෙය ගෙදරට වෙලා ඉන්න එක. මහජන යුද්ධයේදී තුවාල ලැබූ අප වැනි අය දැන් දුක්ඛිත තත්වයක ඉන්නෙ.
කාල් බහදූර් බෝගති – කැලිකොට්, දැනට ලම්කි, කයිලායි වල ආබාධිතයෙක් ලෙස දිවි ගෙවයි.

දුප්පතුන් නිදහස් කරගන්න සටන් කරන්න හිතපු නායකයින්ම ඔවුන්ගේ කෑදරකමට යටවෙලා දුප්පතුන් මාවත මැද තනිකලා. නමුත් අද පවා වෙන දේශපාලන පක්ෂයක් සටන් කරන්න තීරණය කරල විප්ලවය ඉදිරියට ගෙනියනවනම් මම නැවතත් සටන් කරන්න එකතු වෙනවා.
ප්‍රෙම් බහදූර් බායෙක් – ලම්කි, කයිලායි දැනට ප්‍රජා ක්රියාකාරිකයෙකි.

ධන්සාරි බයාක් – ලම්කි, කයිලායි, දැනට නිවසේ සිට ඇඳුම් මහන්නියක් ලෙස වැඩ කරයි.
අපි ආඩම්බර වෙනවා මහජන යුද්ධයේදී අපේ ජීවිත කැප කරපු එක ගැන. නමුත් නායකයින් ඒක පාවා දෙන විට අපි කණගාටු වුණා. නේපාල සමාජයේ කුඩා හෝ වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තු ක්‍රමයෙන් ඉවත්වෙලා මහජන ක්‍රමය ස්ථාපනය කරන්න අවශ්‍යයි. ඒක පමණයි අපිට නේපාලයට සහ නේපාල ජාතිකින්ට වඩා හොඳ අනාගතයක් ඉදි කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ.
අපේ රට කෘෂිකාර්මික රටක්. එය දිළිඳු කමේ රේඛාවටත් පහලින් පිහිටා තිබෙන්නෙ. මගේ අවබෝධයේ හැටියට විදේශීය සංවිධාන මූල්‍ය ක්රීඩාවකයි නියැලූනේ. අනන් ඒ නිසයි අපිට අපේම මාවතක් අවශ්‍ය වන්නෙ. මේ තත්වය වෙනස් කිරීමට අපිට තවත් විපලවයක් අවශ්‍යයි.
මහේන්ද්‍ර බහදූර් බූධා – රිෂී දාහා, අක්චම්, දැනට ලම්කි, කයිලාලි වල ගොවියෙකු ලෙස ජීවත් වෙමින්.
රජයේ ඹභඵෂභ සැලැස්ම යටතේ අපේ මහජන හමුදාව අයෝග්‍ය දෙයක් ලෙස සලකා ඉවත දමන ලදි. දැන් මේ අයෝග්‍ය මිතුරන් රජය සඳහා වැඩ කරමින් සිටී. නමුත් ඔවුන් හමුදා සේනාංකයන් තුළ අයෝග්‍ය වූයේ ඇයි? නැවත පුනරුත්තාපනය කරනු ලැබූ මහජන විමුක්ති හමුදාව මුදල් ටිකකට විකුණා දමන ලදි. ඔවුන්ට ලක්ෂ 5 ක මුදලක් සමග ජීවත් විය හැකිද?
බිපන්නා මල්ලා-ලම්කි, කයිලාලි දැනට කුඩා වෙළඳසලක් පවත්වාගෙන යයි
Posted on October 14, 2016, in International, Maoism, Nepal, People's War, Revisionism, Revolution, Sinhala, Uncategorized and tagged CPN Maoist (Revolutionary), Nepal, Nepal Revolution, PLA, Sinhala. Bookmark the permalink. Leave a comment.
Leave a comment
Comments 0