පලස්තීන විරුද්දකම් පෑමේ කමිටුව යාර්මුක් කඳවුරේ අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර දියත් කරයි

පලස්තීන විරුද්දකම් පෑමේ කමිටුව යාර්මුක් කඳවුරේ අයිඑස්අයිඑස් (ISIS) ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර දියත් කරයි

බදාදා දින උදෑසන, පලස්තීන විරුද්ධකම් පෑමේ කණ්ඩායම් – පලස්තීන විමුක්ති හමුදාව (PLA), පලස්තීන විමුක්ති නිදහස් පෙරමුණ – ජෙනරල් කමාන්ඩ් (PFLP-GC), ෆාටා අල් ඉන්ටිෆාඩා – ඔවුන්ගේ ප‍්‍රතිප‍්‍රහාර ඉරාකයේ ඉස්ලාම් රාජ්‍යයට සහ යාර්මුක් කඳවුරේ අල්-ෂාම් (අයිඑස්අයිඑස්) එරෙහිව දියත් කරනු ලැබුවේ ඉහත කී ත‍්‍රස්තවාදී සංවිධානය විසින් ඔවුන්ගේ දිස්ත‍්‍රික්කයේ අඩක් පමණ මේ වසරේ මාර්තු වන විට අල්ලා ගත්තාට පසුවයි.

පලස්තීන විරුද්ධකම් පෑමේ කමිටුව – ජාතික ආරක්ෂක සේනාංක සමග සහයෝගයෙන් යුතුව – ඉලස්තීන වීදියේ පිහිටා තිබූ ලූබ්යා ගොඩනැගිල්ලේ ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල ස්ථාන වෙත බලෙන් ඇතුල්වී යාර්මුක් කඳුවුරු දිස්ත‍්‍රික්කයේ ගරාවැටුණු කොටස්වල අයිඑස්අයිඑස් සැඟවුම් ස්ථාන විනාශ කරමින් අයිඑස්අයිඑස් සටන්කරුවන් 14 දෙනෙක් මරා දැමූහ.

ඔවුන්ගේ ප‍්‍රහාරය අනුව යමින්, තවත් මිත‍්‍ර කණ්ඩායමක් වන පලස්තීන විමුක්ති නිදහස් පෙරමුණ – ජෙනරල් කමාන්ඩ් (PFLP-GC) සහ ජාතික ආරක්ෂක බලකාය සිරියන් අරාබි ගුවන් හමුදාව (SAAF) අයිඑක්අයිඑස් ඉලක්ක වෙත තීව‍්‍ර ගුවන් ප‍්‍රහාර වලින් සටනට සම්බන්ධ වීමට පෙර උතුරු පෙදෙසෙහි ත‍්‍රස්තවාදී කණ්ඩායම් සමග ගැටෙමින් යාර්මුක් කාන්තා පාසැලේදී බලසම්පන්න ප‍්‍රහාරයක් දියත් කළහ.

පලස්තීන විරුද්ධකම් පෑමේ කමිටුව ත‍්‍රස්තවාදී කණ්ඩායම් යාර්මුක් කඳවුරු දිස්ත‍්‍රික්කයෙන් පලවා හැරීමට ප‍්‍රයත්න දරමින් සිටී; කෙසේහෝ, මෙය පහසු කටයුත්තක් නොවන්නේ, අයිඑස්අඅයිඑස් දිස්ත‍්‍රික්කයේ උතුරු පෙදෙසේ ගොඩනැගිලි ගණනාවක් තුළ දැඩි ආරක්ෂක වළල්ලක් යොදාගෙන සිටින බැවිණි.

Advertisements

Posted on October 19, 2015, in International, National Question, Palestine, People's War, Self-Determination, Sinhala, Syria and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: