තෙලෙන්ගානා රජය තමන්ගේම ජනතාව ඝාතනය කරයි !!!

තෙලෙන්ගානා රජය තමන්ගේම ජනතාව ඝාතනය කරයි !!!

mahita-sagar-killed-by-telengana-gv

තෙලෙන්ගානා රජය තමන්ගේම ජනතාව ඝාතනය කරයි !!!

පොලීසිය විසින් විවේක් කෝදමන්ගුන්ඩ්ලා ඝාතනය කලාට පසුව ස‍්‍රැති තංගෙල්ලා මරා දමා ඇත.

තවත් දක්ෂ ශිෂ්‍යයෙක් වන තංගෙල්ලා ස‍්‍රැති (M.Tec) සහ විද්‍යා සාගර් (උපාධිධාරියෙකි) යන දෙදෙනාම වරන්ගාල් දිස්ත‍්‍රික්කයේ වැසියන් වන අතර එතුරුනාගම් (Eturunagarm) වනාන්තරයේදී පොලීසිය සමග ඇතිවූවායැයි කියනු ලබන සටනකදී දිවි පිදූහ.

ඔවුන් දෙදෙනාම තෙලෙන්ගානාව සඳහා වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළ අතර එම තෙලෙන්ගානා ප‍්‍රාන්ත පොලීසිය විසින් ම මරා දමන ලදි !!! ස‍්‍රැති ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ට බඳවා ගනු ලැබුණේ 2014 අග දී වන අතර සාගර් ඉතා මෑතකදී එයට එක් වූහ.

ස‍්‍රැති වූ කලී 1990 කාලයේ සිට ම තෙලෙන්ගානා ව්‍යාපාරයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු, ගුරුවරයෙකු, තෙලෙන්ගානා කවියෙකු වන සුදර්ශන් ගේ දියණියයි. සාගර් පිළිබඳව තොරතුරු හරිහැටි තවම නොදනී.

එම පොලීසිය විසින්ම මෑතක දී තෙලෙන්ගානා – චටිස්ගාර් සීමාවේදී, තෙලෙන්ගානා ප‍්‍රාන්තයේ විවේක් කෝදමන්ගුන්ඩ්ලා ( 19 හැවිරිදි ) සහ අනෙකුත් ප‍්‍රබල සටන්කරුවන් ඝාතනය කර දැමූහ !

මෙම ලේ වැකි ඝාතන වෙනුවෙන් පොලීසිය සහ රජය ලජ්ජාවට පත් විය යුතුය.

ඔබ ඔබට වඩා තෙලෙන්ගානාහි ප‍්‍රශ්න වෙනුවෙන් දැඩි ලෙස සටන් වැදුණු ඔබේම තෙලෙන්ගානා වැසියන් ඝාතනය කරමින් සිටී…..

තංගෙල්ලා ස‍්‍රැති සහ විද්‍යා සාගර් දිගු කල් දිනේවා !!!

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) දිගු කල් දිනේවා !!!

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඉන්දියානු පොලීසිය මාඕවාදීන් වධ දී ඝාතනය කරයි: වරාවරා රාඕ

12039774_894542333932995_7352245060039744136_n

සටන ‘ව්‍යාජ’ එකක් බවට ප‍්‍රකාශ කරමින්, විප්ලවවාදී කවියෙකු වන වරාවරා රාඕ පොලීසියට චෝදනා කරන්නේ මාවෝවාදී පක්ෂයේ නැක්සලයිට්වාදීන් දෙදෙනා – ස‍්‍රැති හා විද්‍යාසාගර් රෙඩ්ඩි, පොලීසිය විසින් වදහිංසා කොට කෲර ලෙස ඝාතනය කළ බවයි. ඔහු මිය ගිය මාඕවාදිනිය වන ස‍්‍රැති ලෙසින් හඳුන්වන මහිතාගේ සොහොයුරියන් ගේ අතින් අල්ලාගෙන එම්ජීඑම් රෝහලේ මෘත ශරීරාගාරය අබියස දී මහ හඬින් හඬා වැටුණි. රජය මෙහි වගකීම දැරිය යුතු බව පවසමින්, ඔහු කියා සිටියේ කේ. චන්ද්‍රසේකර් රාඕ රජය බෙහෙවින්-කතාකරන ලද මාඕවාදී පක්ෂයේ න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කිරීම අත්හැර දමමින් ලබා දී තිබුණු පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම නිසා තරුණයින් විප්ලවීය ව්‍යාපාරයට ආකර්ශණය වන බවයි. ‘‘කිසිවෙක් ඔහුට මාඕවාදී පක්ෂයේ න්‍යාය පත‍්‍රයට වැඩ කිරීමට කිවේ නැත. ඔහුම එය ප‍්‍රකාශ කළහ. අපි සියලූ දෙනාටම අවශ්‍ය වන්නේ රජය – ජනතාවට කතාකිරීමට, අදහස් ප‍්‍රකාශ කිරීමට සහ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට ඉඩ කඩ ලබා දෙමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමයි,’’ ඔහු පැවසූහ. බුද්ධි තොරතුරු වාර්තාවලට අනුව, වෙනම තෙලෙන්ගානාවක් බිහිකලාට පසුව පුද්ගලයින් 36 දෙනෙකු මාඕවාදී පක්ෂයට එකතු වී සිටින බව කියැවේ. වත්මන් තරුණයින් ටී ආර් එස් රජයේ පොරොන්දු සහ ක‍්‍රියාකාරීත්වය නිසා කළකිරීමෙන් සිටී. කේ. චන්ද්‍රසේකර් රාඕ මහතා තෙලෙන්ගානාව සටන් වලින් තොර තැනක් කරන බවට පොරොන්දු වූහ. ‘‘කේ. චන්ද්‍රසේකර් රාඕ දෙව්ලොවක් පොරොන්දු දී සිටියද ඉන් බිඳක් වත් ඉටු කොට නැතත. හැමෝටම දෘෂ්‍ය වන පරිදි තෙලෙන්ගානාවේ සිදු වන්නේ කුමක්ද. වරන්ගාල් දිස්ත‍්‍රිත්කයේ පමණක්, අක්කර 1500 කට ආසන්න ප‍්‍රමනයක භූමියක් කොන්ත‍්‍රාත්කරුවන් විසින් නීති විරෝධීව කණිනු ලැබේ.

12004853_894543530599542_8503036679225716040_n

‘‘රජය ප‍්‍රශ්නකිරීමට ලක් කරමින් සිටි ආදිවාසීහු සහ මතවාදයෙන් මෙහෙයවනු ලැබෙන තරුණයෝ මේ නිර්දෝෂී ආදිවාසීන් සමග නැගී සිටී. එවක් පටන් ඔවුන්ව ව්‍යාජ සටන් වලින් ඝාතනය කරනු ලබන බව,’’ වරා වරා රාඕ මහතා ප‍්‍රකාශ කර සිටී. ආදිවාසීහු කේ. චන්ද්‍රසේකර් රාඕ ගේ රජයෙන් රත‍්‍රන් හෝ වෙනයම් දෙයක් නොඉල්වයි. ඔවුන් සියල්ලටම අවශ්‍ය වන්නේ, සාමය, වගා කිරීමට ජලය, වගා කිරීමට ඉඩම් හැර වෙන කිසිවක් නොවේ. අධික ලෙස වෙහෙසෙන ඔවුන්ගේ ශ‍්‍රමයේ ඵල හෝ ඔවුන්ගේ අයිතීන් ප‍්‍රතික්ෂේප වී ඇත. පාර්ලිමේනතුවේ සහ මන්ත‍්‍රණ සභාවල වාඩි වි සිටින්නන් කොන්ත‍්‍රාත්කරුවන්ට සහය දක්වමින් විශාල මුදලක් ඉපැයීමට දුප්පතුන්ගේ ඉඩම් උදුරා ගනිති. ‘‘එක් පවුලකට වගා කිරීමට ඉඩම් අක්කර 3 ක් ලබා දීමේ පොරොන්දුවට කුමක් සිදු වීද. මේ පොරොන්ද ගැන රජයෙන් ප‍්‍රශ්න කරන්නේ කවුරුන්ද,’’ ඔහු තර්ක කළේ ජනතාව සහ මාධ්‍ය රජයෙන් මේ ගැන ප‍්‍රශ්න කිරීම සඳහා නැගී සිටිය යුතු බවයි.

12036399_894542923932936_3869184990870260311_n

ව්‍යාජ සටනක්, දෙමව්පියන් චෝදනා කරයි

දමා ඇත්තේ ව්‍යාජ සටවකින් බවට චෝදනා කරයි. ඔවුහු මාධ්‍යයට ප‍්‍රකාශ කළේ ඔවුන්ගේ දියණිය අත් අඩංගුවට ගෙන, වධ දී කෲර ක‍්‍රමවේදයකට පොලීසිය මගින් මරා දමා ඇති බවයි. ‘‘ඇය මාඕවාදීන්ට එක් වූයේ තෙලෙන්ගානා ජනතාවගේ අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීමට සහ දිළිඳු ආදිවාසීන් වෙනුවෙන් සටන් වැදීමටයි. මහ ඇමති කේ. චන්ද්‍රසේකර් රාඕ, ඇමතිවරු සහ පොලීසිය මේ ඝාතනය සඳහා වග කිව යුතුයි,’’ සුදර්ශනම් පැවසූහ. ඒ අතර, සාගර් නොහොත් විද්‍යාසාගර් රෙඩ්ඩි ගේ දෙමව්පියන් සිය පුතුගේ ඝාතනය ගැන නිහඬතාවයෙන් පසුවෙති. දසවෙනි පන්තිය සමත් අයෙක් වූ සාගර්, මාසයකට උඩදී මාඕවාදී පක්ෂයට එක්වන්නට කලින් පුද්ගලික බීජ සමාගමක මෝටර් රථ රියදුරෙකු ලෙස සේවය කළ බව, දෙමව්පියන් පැවසූහ.

Advertisements

Posted on October 17, 2015, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Sinhala, Solidarity, Women Comrade and tagged , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: