ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී විසින් මෙහෙයවනු ලබන මහජන යුද්ධය කිසිදිනෙක කිසිවෙකුට නැවැත්විය නොහැක!

ඉන්දියාව – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී විසින් මෙහෙයවනු ලබන මහජන යුද්ධය කිසිදිනෙක කිසිවෙකුට නැවැත්විය නොහැක!

මමතාගේ ෆැසිස්ට්වාදී රජයට එරෙහිව විරෝධතා තීව‍්‍ර කරනු!

ලාල්ගාර්හි චත‍්‍රදාර් මහාතෝ නායකයා සහ අනෙකුත් අය කොන්දේසි විරහිතව නිදහස් කරගැනීමට මහජන ව්‍යාපාර නැවත ප‍්‍රාණවත් කරමු!

වසර කිහිපයකට පමණ පෙර මාක්ස්වාදී-ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය පාලනය කළ බටහිර බෙංගාලයේ ලාල්ගාර්හි-පැවතියා වැනි මාඕවාදීන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට කටයුතු කරයි. බෙංගාලි භාෂාවෙන් ලියන ලද බැනර් කිහිපයක තිබූ සටන් පාඨ අතර ‘මා මාති මනුෂර් ස්ලෝගන්-අර් ඇඩලි මමතාර් ෆාසිවාදි සුසාසන් අර් විරෝදේ තිබ‍්‍රා ප‍්‍රතිවාද් අන්දෝලන් ගොඬේ තුලූන්,’ (ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය-මාඕවාදී) (මමතාගේ ෆැසිස්ට් රජයට එරෙහිව විරෝධතා තීව‍්‍ර කරනු), හින්දි බසින් ලියැවුණු තවත් සටන් පාඨයක ‘ලාල්ගාර් අන්දෝලන් කේ නේතා චත‍්‍රාදාර් මහාතෝ සමෙට් සභි නෙතාකොන් කෝ බිනා ෂාර්ඒ රිහා කාර්නි හේතු අන්දෝලන් නිර්මාල් කාරෝ’ (ලාල්ගාර්හි චත‍්‍රදාර් මහාතෝ නායකයා සහ අනෙකුත් අය කොන්දේසි විරහිතව නිදහස් කරගැනීමට මහජන ව්‍යාපාර නැවත ප‍්‍රාණවත් කරමු).

මාඕවාදීහු සැප්තැම්බර් 25 මල්කාන්ගිරි වල විරෝධතාවයක් කැඳවයි

කොරාපුට්: මෑතදී දිස්ත‍්‍රික්කයේ ගම්වැසියන් පොලීසියට යටත් වීමට එරෙහිව විරෝධය පෑම සඳහා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සැප්තැම්බර් 25 මල්කාන්ගිරි හි දී හර්තාලයක් කැඳවා තිබේ. ගම්මාන 4 ක 500 කට අධික ජනතාවක් සති 3 ක කාලයක් තුළ දී පොලීසියට යටත් වී තිබේ. මාධ්‍යවේදියෙකුට යැවුණු ලිපියක සඳහන්ව තිබුණේ මාඕවාදීන්ගේ මල්කාන්ගිරි ඩිවිෂන් කොමිටියේ ලේකම් පූනාම් චන්ද්‍රා ප‍්‍රාදේශීයයන් සමග සහයෝගයෙන් විරෝධතාවය සිදු කරන ලෙසට තදින් අවවාද කොට තිබුණු බවයි. ‘‘පොලීසිය ප‍්‍රජකයින්, සාම්ප‍්‍රදායික රෝග සුව කරන්නන් සහ පොට්ටනි වෙදුන්ගේ මාර්ගයෙන් ගම්වැසියන් නොමග යවමින් සිටී. ගම්වැසියන්ගේ යටත්වීම හරහා මාඕවාදී ව්‍යාපාරය දුබල කිරීමට ආරක්ෂක නිළධාරීන් විසින් මෙහෙයවමින් සිටී,’’ ලිපියෙහි කියැවිණි.

‘‘යටත්වුණු මාඕවාදීන් කිහිපදෙනෙකු තවම ප‍්‍රාන්ත රජයෙන් පොරොන්දු වූ ගෙවීම් බලාපොරොත්තුවෙන් සිටිති. පොලීසිය වහා රැවටෙනසුළු ගම්වැසියන්ව ව්‍යාජ පොරොන්දු මගින් නොමග යවමින් සිටී. මාඕවාදී සංවිධානය දුප්පත් ආදිවාසීන්ගේ සැබෑ අයිතීන් වෙනුවෙන් වැඩ කරමින් සිටින අතර ඉදිරියටත් එසේ කරනු ඇත.’’

 

Advertisements

Posted on October 17, 2015, in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, PLGA Attack, Protest, Revolution, Sinhala and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: