ඉන්දියාව – ජනතාවට සහ මාඕවාදීන්ට එරෙහි යුද්ධය! දූෂණ, වධදීම්!

ඉන්දියාව – ජනතාවට සහ මාඕවාදීන්ට එරෙහි යුද්ධය! දූෂණ, වධදීම්!

‘‘සැප්තැම්බර් 16 වන දින සටනකින් මිය ගියා යැයි කියනු ලබන ස‍්‍රැති සහෝදරිය පණ පිටින් අල්ලාගෙන දරුණු ලෙස වධ දී තිබේ. ඇයගේ වැළමිට අංශක 180 කට අඹරා බයිනෙත්තුවෙන් ඉරා දමා, පොලීසිය විසින් උදරයට ඇසිඩ් වත්කොට, පොලීසිය විසින් ඇයව දූෂණය කරනු ලදුව මරා දමා ඇත.’’ – සමාජ මාධ්‍ය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරිකයින් විසින් සංසරණය කළ ප‍්‍රකාශනය

mahita-2

mahita-1

mahita-4p

mahita-3p

mahita-5p

http://www.thehindu.com/news/national/telangana/tension-at-mgm-hospital/article7661250.ece

එම්ජීඑම් රෝහලේ උණුසුම් තත්වයක්

දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ, බදාදා දින එම්ජීඑම් රෝහලේ දී මිය ගිය නක්සල්වාදීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදි. දෙමව්පියන්ට මිය ගිය නක්සල්වාදීන්ගේ මෘත දේහ යන්තම් හෝ බලන්නට පොලීසිය ඉඩ නොදීමෙන් ආතතිකාරී තත්ත්වයක් ඇති වී තිබුණි. ඔවුහු, අනෙකුත් ඥතීන් සහ විවිධ සංවිධාන වල ක‍්‍රියාකාරිකයින් සමග රෝහලේ මෘත ශරීරාගාරයේ දී විරෝධතාවයක නියුතු වූහ. උසාවි නියෝගයකට අනුව දෙමව්පියන්ට පශ්චාත් මරණ පරීක්ෂනයට ප‍්‍රථම දේහයන් දැක බලා ගන්නට අවසර දුන්හ. පොලීසිය මෘත ශරීරාගාරය අවට ප‍්‍රදේශය ආරක්ෂක වළල්ලකින් වට කොට තිබුණි.

තහනම් නියෝග පනවා තිබියදීත්, මෘත ශරීරාගාරයට විශාල ජනකායක් රොක් වූහ. සිවිල් ලිබර්ටීස් ක‍්‍රියාකාරිකයින්, විප්ලවීය කවියන්ගේ සංගමයේ සාමාජිකයින්, දිවිපිදූ නක්සල්වාදීන්ගේ ඥති සංගමය සහ අනෙකුත් පුද්ගලයින් රෝහලට පැමිණ සටන් පාඨ කියමින් ‘ව්‍යාජ’ සටනක් බවට හඬ නැගූහ. ස‍්‍රැති නමින් හඳුන්වන මහිතා සහ විද්‍යාසාගර් රෙඩ්ඩි නමින් හඳුන්වන සාගර් යන නක්සල්වාදීන් දෙදෙනා ගෝවින්ඩරාඕපේට් හි වන ප‍්‍රදේශයේ පොලීසිය සමග අඟහරුවාදා ඇති වූ වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. මෘතදේහ එම්ජීඑම් රෝහලට රාත‍්‍රියේදී ගෙනැවත් තබා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂනයෙන් අනතුරුව, ඔවුහු මෘත දේහ ඥතීන්ට භාර දුන්හ. මෘත ශරීරාගාරයට රොක් වූ පිරිස රෝහල අසල පේලියට රොක් වී සිටියහ. විප්ලවීය කවි වරාවරා රාඕ, මඩිගා සංරක්ෂණ පොරාතා සමිතියේ (MRPS) නායක මන්දා ක‍්‍රිෂ්ණා මඩිගා සහ අනෙකුත් අය රෝහලට පැමිණ සිටියහ.

ව්‍යාජ සටන්වලින් මාඕවාදීන් ඝාතනය කිරීමට එරෙහිව විරෝධය

වරන්ගාල්: පොලීසිය මාඕවාදීන් දෙදෙනෙකු දිස්ත‍්‍රික්කයේ තද්වායි මන්දාල් හි වනාන්තරයේ දී වෙඩි තබා ඝාතනය කරන්නට දිනකට පෙර, සිවිල් සමාජයන් සහ දේශපාලන පක්ෂ සටන්වලින් සිදුවූවායැයි කියනු ලබන ඝාතන රාජ්‍ය අනුග‍්‍රහය මත සිදුවන මිනීමැරුම් බවට චෝදනා කරමින් රජයට පහර ගැසූහ. එම්ජීඑම් රෝහලට පැමිණි විරසාම් නායතක වරාවරා රාඕ, චෝදනා කළේ ටී ස‍්‍රැති ලෙසින් හඳුන්වන මිය ගිය කාන්තා සොහොයුරිය මරා දමන්නට පෙර ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බවයි. මිය ගිය දෙදෙනාගේ මව්පියන් චෝදනා කරන්නේ ඔවුන්ගේ දරුවන් පොලීසිය විසින් රඳවා තබාගෙන සිට පසුව මරා දමා ඇති බවයි.

පොලීසිය විසින් ඒත්තු ගනවන්නට තැත් කරන කතාව ගැන සැක පහල කරමින්, ටීටීඞීපී නායක ඊ දයාකාර් රාඕ නීතිමය පියවර ගත යුතු බව ප‍්‍රකාශ කළහ. කොන්ග‍්‍රස් ජගිතාල් එම්එල්ඒ හි ටී ජීවාන් රෙඩ්ඩි ද මේ ‘ව්‍යාජ’ සටනක් ලෙස ප‍්‍රකාශ කොට මාඕවාදී ව්‍යාපාරයට තරුණයින් සම්බන්ධ වීමේ ප‍්‍රවණතාවයට රජය වගකිව යුතු බව ප‍්‍රකාශ කළහ. පොලිස් ඩිරෙක්ටර් ජෙනරල් අනුරාග් ෂර්මා, ප‍්‍රකාශ කළේ පොලීසිය ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වෙද්දී ඔවුන් මාඕවාදීන්ව දුටු බවයි. ‘‘අපේ මිනිස්සු මාඕවාදීන් සමග මුහුණට මුහුණ හමු වූ අතර පසුව පොලීසියට වෙඩි තබන්නට පටන් ගත්තා. පිළිතුරු ලෙස තැබූ වෙඩි ප‍්‍රහාරයේදී දෙදෙනෙකු මිය ගිය අතර අනෙකුත් අය එම ස්ථානයෙන් පලා ගියා,’’ ඔහු ප‍්‍රකාශ කළහ. පොලීසිය චටිස්ගාර්හි දිස්ත‍්‍රික් සීමාව හරහා ඒකාබද්ධ මෙහෙයුම් තීව‍්‍ර කරමින් සහ මුර පොළවල් පවත්වාගෙන යමින් සිටී.

http://www.newindianexpress.com/states/telangana/Politicos-Activists-Dispute-Maoist-Encounter-Theory/2015/09/17/article3032611.ece

මිය ගිය මාඕවාදිනිය දූෂණයට ලක් ව තිබීම ගැන චෝදනා කරන වරාවරා රාඕ, නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙයි

වරන්ගාල්: අඟහරුවාදා දින පොලීසිය සමග ඇති වූ ගැටුමකින් මරා දමනු ලැබූ මාඕවාදීන් දෙදෙනාගේ මෘත සිරුරු වල පශ්චාත්-මරණ පරීක්ෂණය සිදු කරන විට බදාදා දින එම්ජීඑම් රෝහල තුළ ඝෝෂාකාරී තත්වයක් උද්ගල විය. මිය ගිය මාඕවාදීන් දෙදෙනාගේ පවුලේ අයද ඇතුළු විරෝධතාකරුවන්, වීරසාම් හි පුරෝගාමියෙකු වන විප්ලවීය ලේඛක වරා වරා රාඕ ගේ නායකත්වයෙන් රෝහල් භූමියට රැස්ව, ස‍්‍රැති ලෙසින් හැඳින්වූ මයිසක්කා සහ විද්‍යාසාගර් රෙඩ්ඩි ලෙසින් හැඳින්වූ ගෝපන්නා මිලේච්ඡ ලෙස එතුරුනාගරම් වනයේ දී ඝාතනය කිරීම ගැන තෙලෙන්ගානා රජයට චෝදනා කළහ. වරා වරා රාඕ ස‍්‍රැති ව දූෂණය කොට, ඝාතනය කිරීම ගැන තදබල ලෙස චෝදනා කළහ.

ඔහු තවදුරටත් චෝදනා කළේ පොලීසිය සිය ‘අපරාධවල’ සාක්ෂි වසන් කිරීමට ස‍්‍රැති ගේ ශරීරයේ විවිධ තැන් වලට ඇසිඩ් වත් කොට තිබුණි. මෙම සටන ව්‍යාජ එකක් බව පවසමින් මෙය පොලීසිය විසින් ගොතන ලද තවත් ‘කුකුලා සහ ගොනාගේ’ කතාවක් බව කියමින් මෙයට නඩු විභාගයක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළහ. සුප‍්‍රකට ලේඛකයා තවද අමාත්‍ය කේ චන්ද්‍රසේකර් රාඕට චෝදනා කලේ නක්සල්වාදීන් කුමන හෝ ක‍්‍රමයකින් වනසා දැමීමට කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා සිදු කරන බවටයි. ඔහු පැවසුවේ එය රජය තරුණයින්ට රැකියා අවස්ථා ලබා නොදීම නිසා ඍජුවම ඇතිවූ ප‍්‍රථිඵලයක් බවයි.

තරුණ ප‍්‍රජාව අතර ඇතිව තිබෙන විරැකියාව ට පැහැදිලි සාකෂ්‍යක් ලෙස පසුගිය මාස දෙක තුළ දී පමණක් ඉහළම අධ්‍යාපනයක් ලැබූ තරුණයන් සහ තරුණියන් 36 දෙනෙකු මාඕවාදී ව්‍යාපාරයට එක්ව රහසිගතයට ගොස් තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළහ. අමරවීරුල බන්ධුමිත‍්‍රලා කොමිටියේ සාමායිකයෝ, රෝහල් භූමියෙන් පිටත විරෝධතාවයේ නියුතු වූයේ දෙමව්පියන්ට පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස එම ස්ථානයේ රැඳී සිටීමට අවසර දෙන ලෙසයි.

ගැටුමක් අපේක්ෂාවෙන් මට්ටෙවාද, ඉන්ටෙෂාර්ගුන්ජ්, හනම්කොන්දා පොලිස් ස්ථානවලින් විශාල පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රෝහලට පැමිණ සිටියහ. තුන් දෙනෙකුගෙන් යුත් වෝහාරික වෛද්‍ය කණ්ඩායමකින් වීඩියෝගත කරමින් සම්පූර්ණ කරන ලද පශ්චාත්-මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහ පවුල්වලට බාරදෙන ලදි. වාර්තාව සහ වීඩියෝ පටය උසාවියට ඉදිරිපත් කරනු ඇත. මේ අතර කොන්ග‍්‍රසයේ තෙලෙන්ගානා ඒකක සහ හයිද්‍රාබාද් හි TDP රජය ව්‍යාජ සටනකින් මාඕවාදීන් දෙදෙනා මරා දමා ඇති බව චෝදනා කරමින් ඊට අධිකරණයෙන් යුක්තිය ලබා දිය යුතු බවට බල කළහ.

Advertisements

Posted on October 17, 2015, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Protest, Revolution, Sinhala and tagged , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: