ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දක්වමු! ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)!

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දක්වමු! ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)!

වසරක දී මාඕවාදීන් 100ක් මරුට… විප්ලවීය ව්‍යාපාරයට විශාල පාඩුවක්…

පොලීසිය විසින් සොයා ගන්නා ලද ලිපියකට අනුව, වසරක් තුළ දී මාඕවාදීන් 100 ක් මරා දමා ඇති බව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) මාධ්‍ය ප‍්‍රකාශක අභේ විසින් පිළිගෙන තිබේ. ලිපිය, බිම් මට්ටමේ මිලීෂියා භටයින් සඳහා ගෝන්දි භාෂාවෙන් ලියා තිබුණේ, සැප්තැම්බර් මසට යෙදෙන පක්ෂයේ 11 වෙනි සංවත්සරය වෙනුවෙනි. ‘‘මෙය ව්‍යාපාරයට විශාල පාඩුවක්’’ අභේ ලිපියෙන් පවසා ඇත. එම ලිපිය මෑතක දී ප‍්‍රහාරයක් සිදු වූ ස්ථානයකින් සොයා ගන්නා ලදි.

ලිපිය මගින් දිල්ලි මහාචාර්ය ජීඑන් සායිබබා සහ දිල්ලි ශිෂ්‍ය හෙම් මිෂ්රාගේ අත් අඩංගුවට පත් වීම ගැනත් අවධානය යොමු කොට තිබුණේ ‘‘කොල්ලකාරී රජය විප්ලවය මැඩලීමට ලංසු තබයි’’ යනුවෙනි. ‘‘ඉන්දියානු රජය අපේ පක්ෂය, නායකත්වය සහ විප්ලවීය ආවේශයන් බලවත් වන බව පවසමින් විප්ලවය මර්ධනය කිරීමට ප‍්‍රයත්න දරයි,’’ අභේ ලියා ඇත, ඊට අමතරව: ‘‘2014 දී මහාරාෂ්ට‍්‍රා පොලීසිය අත් අඩංගුවට ගත් විප්ලවීය සහෝදරයෙකු සහ ආර්ඞීඑෆ් (විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ) නායක ජී එන් සායිබබා සියයට අනූවකටත් වඩා ආබාධිත තත්වයේ සිටිද්දී මේ දක්වාත් මාස 14 ක් තිස්සේ ඇප රහිතව සිර භාරයේ තබා ගෙන සිටී.

ඔහුට අවසානයේ සෞඛ්‍ය තත්වය මත ඇප ලබා දුන්හ. දිල්ලි සරසවි සිසු හෙම් මිෂ්රා 2013 දී අත් අඩංගුවට ගත් අතර ඇප රහිතව රඳවා තබාගෙන සිටී.’’ ලිපිය නිකුත් කොට තිබුණේ මේ මස මුලදී ඇප ලබා මිෂ්රා නිදහස් කිරීමට පෙරයි. තවද අභේ කේ මුරලිදරන් සහ ඔහුගේ පණිවුඩකරු (චෙරුකපල්ලි ඉස්මායිල්) මේ වසරේ මැයි වලදී පුනේ හිදි අත්අඩංගුවට ගැනීමද, ප‍්‍රවීන් තන්නා සහ ඔහුගේ බිරිඳ සයිනා සහ තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීම පක්ෂයට සිදු වූ විශාල පාඩුවකි….

Advertisements

Posted on October 17, 2015, in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, Revolution, Sinhala, Solidarity and tagged , , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: