සභාපති මාඕ සේතුං ගේ උද්දෘත – ජනතාවට සේවය කිරීම –

සභාපති මාඕ සේතුං ගේ උද්දෘත

– ජනතාවට සේවය කිරීම –

Mao-Zedong-on-table

අප නිරහංකාර සහ දුරදර්ශී විය යුතු ය; අහංකාර සහ කා පනින සුළු නොවී සිටීමට වගබලා ගත යුතු ය. චීන ජනතාවට ඉත සිතින් ම සේවය කළ යුතු ය.

‘‘චීනයට හිමි වයි හැකි ඉරණම් දෙක’’ (1965 අපේ‍්‍රල් 23) ‘‘තෝරාගත් කෘතීන්’’, 3 වෙනි වෙළුම, 253 වෙනි පිටුව.

අප වෙනස් වන්නේ ජනතාවට ඉත සිතින් සේවය කිරීම, එක මොහොතකටවත් මහජනතාවගෙන් වෙනස් නොවී සිටීම, සියළු අවස්ථාවලදී ම කෙනෙකුගේ ආත්මාර්ථය හෝ කුඩා කණ්ඩායමක වුවමනා මුල් නොකර ජනතාවගේ ම උවමනාවන් මුල් කරගෙන ක‍්‍රියා කිරීම හා මහජනතාවට අපේ ඇති වගකීම පක්ෂයේ ප‍්‍රධාන මණ්ඩලවලට ඇති වගකීම සමග එක් කරගෙන ක‍්‍රියා කිරීම නිසා ය.

‘‘සභාග ආණ්ඩුව ගැන’’ (1945 අපේ‍්‍රල් 24) ‘‘තෝරාගත් කෘතීන්’’, 3 වෙනි වෙළුම, 315 වෙනි පිටුව.

රජයේ විවිධ අංශ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත වාදය ක‍්‍රියාත්මක කළ යුතු ය. ඒවා බහුජනතාව කෙරෙහි විශ්වාසය තැබිය යුතු ය; ඒවායේ සේවක පිරිස ජනතාවට සේවය කළ යුතු ය.

‘‘ජනතාව අතර ප‍්‍රතිවිරෝධතාවයන් නිවැරදිව විසඳීම ගැන’’ (1957 පෙබරවාරි 27) 1 වෙනි සාක්කු මුද්‍රණය, 8 වෙනි පිටුව.

බේතුන් සහෝදරයාගේ ජීව ගුණය, තමන් ගැන නොසිතා සම්පූර්ණයෙන් ම අනුන් සඳහා කැපවීම ආදිය, ඔහු වැඩ කිරීමේ දී දැක් වූ අපරිමිත වූ වගකීමකින් යුතු හැඟීමෙන් සහ සියළු ම සහෝදරයින් සහ ජනතාව කෙරෙහි දැක් වූ උණුසුම් සහගත හැඟීමෙන් ද පෙන්වා දෙන්නට යෙදුණි. සැම කොමියුනිස්ට්වාදියෙකු ම ඔහුගෙන් උගත යුතු ය.

……… ඔහු තුළ වු සර්ව සම්පූර්ණ ආත්ම පරිත්‍යාගශීලී භාවය අප සියලූ දෙනා ම ඉගෙන ගත යුතු ය. එම හැඟිම් වලින් යුතු වු විට සෑම කෙනෙකුට ම ජනතාවට වැඩදායක කෙනෙකු විය හැක. මිනිසකුගේ හැකියාව වැඩි හෝ අඩු විය හැක. එහෙත් ඔහුට මේ කිව් ජීවගුණය ඇත්නම්, ඔහු ඒ පමණින් ම උතුම් හැඟීම් ඇත්තා වූ ත්, පිරිසිදු හදවතකින් හෙබියා වූත්, තැනැත්තෙකු වෙයි; ඒ මිනිසා අධ්‍යාත්මික ගුණ වගාව ඇති පහත් උවමනා වලින් තොර මිනිසකු වෙයි; ජනතාවට ප‍්‍රයෝජනවත් වටිනාකමකින් යුතු මිනිසකු ද වෙයි.

‘‘නෝමන් බේතුන් සමරමු’’ (1939 දෙසැම්බර් 21 වෙනි දා) ‘‘තෝරාගත් කෘතීන්’’, 2 වෙනි වෙළුම, 337-338 වෙනි පිටු.

අපේ සියළු ම කාඩර්වරු ඔවුන් මොන තනතුරු දැරුවත් ජනතාවගේ සේවකයෝ වෙති. අප කරන සියළු දෙයක් ම කරන්නේ ජනතාවට සේවය කිරීම සඳහා ම ය. එසේ නම් අපේ නරක ගති ගුණවලින් කුමක් හෝ ඉවත දැමීමට අප අකමැති විය යුත්තේ ඇයි?

‘‘1945 වර්ෂයට අයිති කාර්යයන්’’ (1944 දෙසැම්බර් 15).

අපේ යුතුකම අප ජනතාවට වගකිව යුත්තන් විම ය. හැම වචනයක් ම, හැම ක‍්‍රියාවක්ම සහ හැම ප‍්‍රතිපත්තියක්ම මහජනතාවගේ උවමනාවන්ට අනුකූල විය යුතු ය. වැරදි කෙරුනොත් ඒවා හරි ගැස්සිය යුතු ය. ජනතාවට වගකීමයැයි කියන්නේ එයට ය.

‘‘ජපානයට විරුද්ධවිමේ යුද්ධය ජය ගැනීමෙන් පසු තත්ත්වය සහ අපේ ප‍්‍රතිපත්තිය’’ (1945 අගෝස්තු 13) ‘‘තෝරාගත් කෘතීන්’’, 4 වෙනි වෙළුම, 16 වෙනි පිටු.

අරගල ඇත්තේ කොතැනක ද එතැන පරිත්‍යාගය ද වෙයි; මරණය පොදු සිදුවිමක් වෙයි. එහෙත් අප සිත් තුළ ජනතාවගේ උවමනාවන් ද ඉතා ම වැඩි දෙනෙකුගේ දුක් වේදනාවන් ද ඇත; අප ජනතාව වෙනුවෙන් මිය යන විට එය වැදගත් මරණයක් වෙයි. එසේ වුව ද අනවශ්‍ය පරිත්‍යාගයන් වළක්වාලීමට අපි හැම උත්සාහයක් ම දැරිය යුතු වෙමු.

‘‘ජනතාවට සේවය කරමු’’ (1944 සැප්තැම්බර් 8 වෙනි දා) ‘‘තෝරාගත් කෘතීන්’’, 3 වෙනි වෙළුම, 228 වෙනි පිටු.

සියළුම මිනිස්සු මැරෙති. එහෙත් මරණය වැදගත්කම අතින් වෙනස් විය හැක. පැරණි චීන ලේඛකයෙකු වු සුසුමා චිං මෙසේ කිවේ ය. ‘‘මරණය සියළු මිනිස්සුන්ට එක හා සමානව පැමිණෙන මුත්, එය තායි කන්දට වඩා බර හෝ පිහාටුවකට වඩා සැහැල්ලූ විය හැක.’’ ජනතාව සඳහා මිය යෑම තායි කන්දටත් වඩා බර ය. එහෙත් පැසිස්ට් වාදීන්ට වැඩ කර, සූරා කන්නන් සහ, පෙළන්නන් වෙනුවෙන් මිය යෑම පිහාටුවකට ත් වඩා සැහැල්ලූ ය.

එම ලිපියෙන් ම – 227 වෙනි පිටුව.

 

Advertisements

Posted on August 29, 2015, in Mao Tsethung, People's War, Revolution, Sinhala and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: