ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය 2014 මැයි 1

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

2014 මැයි 1

තවත් මැයි දිනයක් පැමිණේ…

අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ දිග්ගැස්සණු අර්බුදයන්ගෙන් බිලියන ගණන් ජනතාව පීඩාවට පත්කරන කාලකණ්ණිකම සහ දුෂ්කරතාවයන් අතිශයන්ම උග‍්‍ර කරන ලද ලෝකයක, තවත් මැයි දිනයක් පැමිණේ. දශ ලක්‍ෂ ගණන් රැකියාවලින් පලවා හැර තිබේ. සමාජ ආරක්‍ෂාව අඩු කොට ඇත. මිළ වැඩි වීම තවදුරටත් සම්මත ජීවන තත්වයන් අඩු කරයි. වෛද්‍ය ප‍්‍රතිකාර සහ උසස් අධ්‍යාපනය දුෂ්ට ලෙස මිළ වැඩි තත්වයට පත් වී ඇත. ඒ අතර මේ සිත් පිත් නැති ක‍්‍රමයේ අපරාධකරුවෝ පිළිකුල් සහගත ලෙස විදහාපාන ඔවුන්ගේ වර්ධනය වන ධනය සහ බිලියනපතියන්ගේ ලැයිස්තු ගැන වන පුරසාරම් දෙඞීම යන සියල්ල අතරතුර, වඩාත් කුරිරු ජනතා විරෝධී ක‍්‍රමවේදයන් පවා සාදයි.

වහලලුන් ලෙස වැඩකිරීමට සංක‍්‍රමණික කම්කරුවන්ට බලකෙරෙන්නේ කොතැනකද, ළමා සහ කාන්තා ජාවාරම් අතිවිශාල අනුපාතයකින් වැඩි වීමට පටන් ගෙන තිබෙන්නේ කොතැනකද, ‘පසුගාමී’ ඇෆ්ගනිස්ථානයේ හෝ ‘සංවර්ධිත’ ඇමෙරිකාවේ හෝ වෙනසක් නැතිව කාන්තාවන් දූෂණය කිරීම සහ මරා දැමීමේ කෲරත්වයෙන් පෙලීම දිගටම සිදුවන්නේ කොතැනකද, සුළු ජාතීන් හුදෙකලා කොට පීඩනයට ලක්කොට තිබෙන්නේ කොතැනකද, තරුණයින් දඩයම් කරනු ලබන සහ හිංසා කිරීමට ලක් කරන්නේ කොතැනකද, අඩුම තරමින් සාධාරණ වැටුපක් සහ ජීවන තත්වය උදෙසා වන ඉල්ලීම් වෙඩි උණ්ඩවලින් සහ සිරගත කිරීම්වලින් කපා දැමෙන්නේ කොතැනකද, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

ලාභය පිණිස සිදුකරන අන්ධ ලුහුබැඳයාම් නිසා සිදුවන පරිසර විනාශයන් මධ්‍යයේ, සෑම සමාජයක් තුළම සහ පීඩිත සහ අධිරාජ්‍යවාදී රටවල් අතර අසමානතාවයේ විවරය වේගයෙන් පළල් වෙන අතරවාරයේ, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

මර්ධනය සහ සූරාකෑම ප‍්‍රතිරෝධයන් උත්පාදනය කරයි. එමෙන්ම මේ ප‍්‍රතිරෝධයන් වර්ධනය කරයි. රටකට පසු රටක් වශයෙන් පංති අරගල සහ ජනතා කැරලි වල වර්ධනය වන රැල්ලට මේ ලෝකය සාක්‍ෂි දරයි. මේ ප‍්‍රචණ්ඩ කැළඹිලි වල ලෝකයයි. පුළුල් පරාසයක බලවේගයන් ක‍්‍රමයට එරෙහි අරගලය තුළට තල්ලූ කෙරෙමින් තිබේ. වීදි තුළ කලහකාරීත්වය නව සමාජයක් ඉදි කිරීම උදෙසා, රැඩිකල් කඩා බිඳගෙන යෑමකට ප‍්‍රමාණවත් නොවන බවට කිසිදු සැකයක් නැත. එනමුදු එය සමස්ත නව පරපුරක් සමගම සම්බන්ධ වෙමින් කොමියුනිස්ට්වාදයේ විප්ලවීය මෙහෙයුමට ඔවුන් දිනාගනිමින් අතිවිශාල අවස්ථාවන් විවර කරයි. එය විප්ලවයට මග පාදයි. මෙය මූලධර්මයකි. එය දැඩි ලෙස ග‍්‍රහණය කළ යුතුමය.

දශකයකට පෙර හෝ ඊට කලකට පෙර, නිර්ධන පංතියේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමට ලක් වූහ. පංති අරගලය අනවශ්‍ය බව ප‍්‍රකාශ කෙරුණු අතර ඒ වෙනුවට මහජන ව්‍යාපාර ආදේශ කළ යුතු බව සලකනු ලැබිණි. ඉන්දියාව සහ චීනය වැනි රටවල් පමණක් නොව, තව තවත් අධිරාජ්‍යවාදී බලකඳවුරු වල පවා නැවත නැවතත් වූ සටන්කාමී කම්කරු අරගල අවස්ථාවන් අද ලෝකය පරීක්‍ෂාවට ලක් කොට ඇත. මේ සඳහා සෑම හේතුවක්ම ඇත. 21 වැනි ශත වර්ෂයේ තාක්‍ෂණික ආශ්චර්යයන් ගැන වූ පුරසාරම් කෙසේ වෙතත්, බංගලාදේශයේ ඇඟලලුම් කර්මාන්තවල මිනීමරු බිම් තුළ, කටාර්හි වහල් ශ‍්‍රම කඳවුරු තුළ, චීනයේ ශ‍්‍රම බැරැක්ක තුළ හො අධිරාජ්‍යවාදී රටවල දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩ පළවල්වල, අතිවිශාල නිර්ධන පංතිකයින් ප‍්‍රමාණයකගේ තත්ත්වය 18 වැනි ශතවර්ෂයේ මෙන් කුරිරු වේ. ඒ අතරම, පැහැදිලි ලෙසම පාලනයේ මර්ධන ක‍්‍රමවේදයන් සහ වෙන කවරදාකටත් වඩා වැටුප් ශ‍්‍රමයේ නවීන මධ්‍යස්ථාන තුළ වැඩ ප‍්‍රමාණයන් වල වැඩි වීම නිර්ධනීන්ගේ හුස්ම හිර කරයි.

විවිධ මානයන්ගෙන්, ගෝලීයකරණයේ කොල්ලකෑම පීඩිත රටවල ගැඹුරින් සටහන් වී තිබේ. පුද්ගලීකරණය සහ නිදහස්වාදය සේවා නියුක්තියේ සමස්ත අංශ සහ කුඩා ව්‍යාපාර අතුගා දමා තිබේ. හැමවිටම අයහපත්, වැඩ කිරීමේ තත්ත්වය, දැරිය නොහැකි වී තිබේ. මෙය ගෝලීය අර්බුදයෙන් උග‍්‍ර කොට තිබේ. අති බහුතරයකගේ ජීවන තත්ත්වය නරක අතට හැරීමට ප‍්‍රතිලෝමව සමානුපාතිකව, පාලකයින් විසින් පැහැරගන්නා ලද අල්ලස් සහ ලාභ අභ්‍යවකාශයේ මුදුනටම ළඟා වී ඇත. ජනතාවගේ දු:ක්ඛිත බව වැඩිවෙන අතරවාරයේ, ඔවුන් ලබා ගන්නා විසල් කප්පාදු කිරීම් ගැන ඇස් හෙළමින් පාලකයෝ මුරණ්ඩු ලෙස දැවැන්ත ව්‍යාපෘති පසුපස හඹායති.

මේ සියල්ලටම යටින් නැවත නැවත සිදුවන කැරලි වල පිපිරීම් ඇති බව ලෝකය තුළ දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාර සාමාන්‍ය ලෙස ගමන් නොකරයි. නියත අර්ථයෙන් මෙය අධිරාජ්‍යවාදීන්ට සහ උන්ගේ ගැත්තන්ටද සත්‍ය වේ. ඔවුන්ගේ වර්ධනය වන පොරය සෑහෙන පරිදි මෙය පෙන්වාදෙයි.

විප්ලවය සඳහා, කොමියුනිස්ට්වාදය සඳහා හඬගාන ලොකයක් තුළ, තවත් මැයි දිනයක් පැමිණේ; පංති විඥත නිර්ධනීන්ට සහ ඔවුන්ගේ පෙරමුණු බලඇණියට, මාඕවාදීන්ට, නිර්ධන පංතිකයින්ගේ ලෝකය පරිවර්තනය කිරීමේ මෙහෙයුමේ සහ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායේ ග‍්‍රාහකය අල්ල ගැනීම උදෙසා වූ තවත් දිනයකි.

අද ලෝකයේ කිසිම තැනක සමාජවාදී රටක් නොමැත. පුළුල් වශයෙන් ප‍්‍රගතිශීලී වූ හෝ ජනතාවාදී වූ රජයක් පවා නොමැත. අතිමහත් දෙයක් කිරීමට තිබේ. එනමුදු නිර්ධනීන්ගේ ලෝකය නිදහස් කර ගැනීමේ මෙහෙයුම නොනවත්වා කරගෙන යෑමට ශක්තිය සහ විශ්වාසය ලබා දෙන සාධකද පවතී – මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය හි පැහැදිලි බව සහ ප‍්‍රචණ්ඩා-බට්ටරායි කල්ලිය සහ එවේකියන්වාදය ඇතුළු සියළු පැහැයන්ගෙන් යුත් සංශෝධනවාදයට එරෙහි අරගලය ගැඹුරු වීම, ලෝකය පුරා දක්නට ලැබෙන අරගල රැල්ල, ඉන්දියාවේ සහ පිලිපීනයේ මහජන යුද්ධ සහ අනෙකුත් සමහර රටවල්වල ප‍්‍රතිසංවිධානය වීම් සහ සූදානම් වීම්, ජාත්‍යන්තරවාදී බැම්ම සහ මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන අතර ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම.

මේ ශක්තීන් මත කරන ගොඩනැගීමෙන්, මාඕවාදීහු වීදි තුළ කැරලිකාරී ශක්තිය විප්ලවය දෙසට දැමීමේ දිශානතිය සඳහා සුදුසු සංවිධාන ආකරයන්, එහි මධ්‍යය ලෙස මාඕවාදී පක්‍ෂ ඉදිකිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් නිර්මාණාත්මකව සංවර්ධනය කළ යුතුය. ඔවුහු මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානය සෑදීමේ කාර්යභාරය ඔසවා ගත යුතුයි. මෙය නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ සංවිධිත ජාත්‍යන්තර අධිරාජ්‍ය-විරෝධී පෙරමුණේ හරය විය යුතුයි. මෙලෙස මාඕවාදීන්ට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කරගෙන, එය ලෝක ව්‍යාප්ත ජනතා අරගලවල පෙරමුණු රියෙහි තබා වත්මන් ලෝකයට විප්ලවීය විභවය මුළුමනින්ම මුදාහැර කුළු ගන්වා, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටුවීමට සහ වර්ධනය කිරීමට හැකිවිය යුතුයි.

අධිරාජ්‍යවාදයට අනාගතයක් නැත! අනාගතය කොමියුනිස්ට්වාදය සතුය!

සියළු රටවල නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව, සමගිවව්!

අධිරාජ්‍යවාදය සහ එහි මුර බල්ලන් භංගවේවා!

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා!

මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි;
මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍ය
මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය
කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ප‍්‍රංශය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ඉතාලිය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – තුර්කිය උතුරු කුර්දිස්ථාන්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (PCR-RCP කැනඩාව)
විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය
ජනතාවට සේවය කරනු – නොර්වේ කොමියුනිස්ට් ලීගය
කම්කරු හඬ – මලයාසියාව
ජනතාවට සේවය කරනු – ෂෙයිසායු
සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;

https://liberationbase.wordpress.com

slradical@ymail.com

Advertisements

Posted on March 22, 2015, in International, Maoism, People's War, Revolution, RIM, Sinhala and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: