සැප්තැම්බර් 27-18 ඉතාලියේ මිලාන් නුවර ජාත්‍යන්තර සම්මේලනයේ වාර්තාව

2014 සැප්තැම්බර් 27-18 ඉතාලියේ මිලාන් නුවර දී ඉන්දියාවේ මහජන යුද්ධයට සහයදීම උදෙසා පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනයේ වාර්තාව

මාධ්‍ය නිකුතුව

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) පිහිටුවීමෙහි දස වැනි සංවත්සරය අරබයා ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර හමුව සාර්ථකව පවත්වන ලදි. එයට බ‍්‍රසීලය, තුර්කිය, ජර්මනිය, ගලීෂියාව, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, ඉතාලිය, නෙදර්ලන්තය ආදී රටවල පක්‍ෂ සහ සංවිධානවලින් නියෝජිතයෝ පැමිණියහ. කැනඩාව, ස්පාඥ්ඥය, ඇෆ්ගනිස්ථානය (පක්ෂ සහ සංවිධාන), ශ්‍රී ලංකාව, ප‍්‍රංශය (තවත් සංවිධානයක්), ග‍්‍රීසිය ආදී රවලින් පණිවුඩ එවා තිබුණි. ටියුනීසියාවේ මාඕවාදීහු ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ක‍්‍රියාකාරකම් ගැන වූ වාර්තාව ඉදිරි පත් කරන ලදි. ජාත්‍යන්තර කමිටුව කොමියුනිස්ට් බ්ලොග් ජාලය මගින් සම්බන්ධවීම සහ අයර්ලන්තයේ තවත් සැමරීමක් ඇරඹීම නිවේදනය කරන ලදි.

රැස්වීම ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමට විශාල සමගියක් සක්‍ෂාත් කරගත් අතර ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ට, ඉන්දියානු ජනතාව ට, මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ට, මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයන් ට සහ කාඩර්වරුන් ට ප‍්‍රබල විප්ලවීය සුභාශිංසනයක් ප‍්‍රතිරාව කළහ. එය, ඉන්දීය රජය සහ අධිරාජ්‍යවාදීන් විසින් දියත් කරන මර්ධන ව්‍යාපාරයට එරෙහිව මහජන යුද්ධයේ ගිනි සිළුව තුළ, ඉන්දියාවේ සැමරීම් සමග සම්බන්ධව, ලෝකයේ වැදගත්කම උදෙසා ජාත්‍යන්තර කමිටුව මගින් ගනු ලැබූ මුලපිරීම දැඩි ලෙස අගය කරන ලදි.

රැස්වීම දින දෙකක් මුළුල්ලේ පවත්වන ලදි. එය මුලින්ම ඉන්දියානු විප්ලවයේ දිවි පිදූවන්ට සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ට ආචාර කරමින් ආරම්භ කළහ.

කමිටුව මගින් කළ කෙටි හැඳින්වීමකින් පසුව ජාත්‍යන්තර ගීය ගායනා කළහ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) මගින් කමිටුව අමතා එවන ලද ශ්‍රේෂ්ඨ පණිවුඩය කියවන ලදුව, අත්පොළසන් නගමින් උද්‍යෝගයෙන් යුතුව පිළිගන්නා ලදි.

ජාත්‍යන්තර කමිටුව, සිය වාර්තාවෙහි, එය සිය උපතේ සිට ජාත්‍යන්තර දිනය තෙක්, හැම්බර්ග්හි සාර්ථක ජාත්‍යන්තර සම්මේලනයක් තෙක්, අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවලට එරෙහි ලීගය සහ, දේශපාලන පක්‍ෂ, සංවිධාන, සහයෝගිතා කමිටු වල සහභාගීත්වය සහ සහයෝගය සංවිධානය කොට, යුද්ධය සඳහා මහජන සහය පුළුල් කරමින් එමෙන්ම ගැඹුරු කරමින් මහජන යුද්ධයට සහය දිය හැක්කේ කෙසේද යන්න පැහැදිලි කරයි; අධිරාජ්‍යවාදීන් සහ නිර්ධනීන් සහ ජනතාව අතර අරගලයක් වන ඉන්දියාවේ මහජන යුද්ධය කෙතරම් වැදගත්ද යන්න වටහා ගැනීම මගින්, මේ මුලපිරීම දිගටම ගෙන යන්නේ කෙසේද, එමෙන්ම එය හරිත දඩයම් මෙහෙයුමට එරෙහි වීමට, දේශපාලන සිරකරුවන් සමග සහයෝගීතාවයක් ඇති කිරීමට, මහජන යුද්ධයට සහය දීමට, සිය දායකත්වය ලබා දෙන්නේ කෙසේද, එමෙන්ම එය කෙසේ නම් ලෝකයේ බල තුලනයට බලපෑම් කරයිද, ජනතාවගේ අධිරාජ්‍ය-විරෝධී සහ විමුක්ති අරගල වලට කෙතරම් දුරට මග සලසයිද, කෙතරම් දායකත්වයක් දී තිබේද, මාඕවාදී කොමියුනිස්ට්වරුන්, අධිරාජ්‍ය-විරෝධීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ ප‍්‍රගතිශීලී බලවේග අතර සමගියට එය කෙතරම් සහය දෙන්නේද; එමෙන්ම, අවසානයේ, එය නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ සීමා නිර්ණය කිරීමේ ප‍්‍රකාශනයක් වූයේ කෙසේද. මේ කාරණයේ දී, කමිටුවේ ක‍්‍රියාකාරකම් සහ මහජන යුද්ධය සඳහා වන ජාත්‍යන්තර සහය අද ඉන්දීය රජයේ සහ අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රහාරයන්ට ලක් වන අතර ඔවුන් එය සැලකිය යුතු ‘‘බාහිර සතුරෙකු’’ ලෙස සලකන්නේ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ය විසින් මෙහෙයවන මහජන යුද්ධය ‘‘ප‍්‍රධාන අභ්‍යන්තර සතුරෙක්’’ ලෙස හංවඩු ගසන අතරේය. පක්‍ෂය පිහිටුවා දස වසරක් ගත වන මොහොත නිමිත්තෙන්, මේ රැස්වීම මහජන යුද්ධයට සහය දක්වන්නන් සඳහා අත්‍යවශ්‍යය.

එම මොහොතේදී, කමිටුව ඉන්දියාවේ රාජ්‍ය දියත් කරන මර්ධනය දැඩි ලෙස හෙළා දුටහ. දැන් මෝඩි පාලනය කුමන ආකාරයක හෝ දේශපාලන විරුද්ධත්වයන් මුලිනුපුටා දැමීම අරමුණු කරගෙන සිටී. පක්‍ෂයේ දසවැනි සංවත්සරය සැමරීමේ රැස්වීමට සහභාගි වීම වැළැක්වීමට ලක් වූ වරාවරා රාඕ සහ විකල්ප දේශපාලනයක් සඳහා වූ ෆෝරුමයට සහභාගි වන්නට සිටි සියල්ලන්ටම කමිටුව සිය සහයෝගීතාවය ප‍්‍රකාශ කළහ.

අනතුරුව සහභාගිවීමට පැමිණි සියළුම කමිටු, පක්‍ෂ සහ සංවිධාන රැස්වීමට සහ ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දක්වමින්, එමෙන්ම ඉන්දියාවේ සියළු සටන් කරුවන්ට, ඉන්දියානු ජනතාවට සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට ආචාර කරමින් ඔවුන්ගේ කථා පැවැත්වූහ. කථාවන්හි දී, යුකේ‍්‍රනයේ සිට කුර්දිස්ථානය දක්වා, බ‍්‍රසීලයේ සිට යුරෝපය දක්වා වූ ජාත්‍යන්තර තත්ත්වයේ දැවෙන ප‍්‍රශ්න වලට ද සහයෝගීතාවය සම්බන්ධ වී තිබුණි.

අධිරාජ්‍යවාදය විසින් ඉන්දියාවේ සහ ලෝකයේ සිරගෙවල් තුළ සිරගතකොට සිටින දේශපාලන සිරකරුවන්ට ප‍්‍රබල සහයෝගීතාවක් ප‍්‍රකාශ කළහ. සිර භාරයේ රඳවාගෙන සිටි පේරු කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, අබිමායෙල් ගුස්මාන්, ඒ දවස්වල ‘‘සිර කූඩුවේ සිට කළ කථාව’’ සිදුකොට වසර 22ක් ගතවීමේ සංවත්සරයද ඒ සමගම සිහි කෙරුණි.

කථාවන් හිදී ලෝකයේ විවිධ රටවල් වල සහයෝගිතා ව්‍යාපාරයන් වල ගැටළු සහ තත්ත්වයන් පිළිබඳ තොරතුරු සහ ඇගයීම් විය. මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර බලපෑම ශක්තිමත් කිරීමට සහ මුලපිරීම් සඳහා මධ්‍යස්ථානයක්ව කමිටුවට සම්බන්ධ නොවන වෙනත් බලවේග සමග පවා ව්‍යාපාරය සමායෝජනය කරමින් ප‍්‍රවර්ධනයට ලක් කරන්නට යානාවක් මෙන් වූ ජාත්‍යන්තර කමිටුවේ කාර්යභාරය සවිමත් කිරීමට, යෝජනා සහ ප‍්‍රස්තුත සැපයීමට, සිය දායකත්වය ලබා දීමට විශේෂයෙන්ම ඔවුන්ගේ කැප කිරීම නැවත තහවුරු කළ, සිය කටයුතු අත්හැර දමා රැස්වීමට පැමිණීමට නොහැකිව සිටි කැනඩාව සහ ඇෆ්ගනිස්ථානය වැනි ලෝකයේ ඉතා දුර බැහැර පෙදෙස් වල සිට විශේෂයෙන්ම වැදගත් පණිවුඩ එවූ සහෝදරවරු මහජන යුද්ධයට, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට සහ ඉන්දියානු විප්ලවයට සහය දීමේදී ප‍්‍රමුඛත්ථානයක සිටී.

ජාත්‍යන්තර රැස්වීම – කමිටුවට ප‍්‍රකාශ කළේ – සමීප තත්වයක් ඇතිකර නොගන්නා ලෙසයි, නමුත් නියත ලෙසම දසවැනි සංවත්සරය උදෙසා වන මුලපිරීම් ආරම්භ කරන බව, මේ සති වල පැවැත්වීමට නියමිත සියළු මුලපිරීම්වලට, පණිවුඩවලට, රැස්වීම් වලට සහය දීමට සහ සුභ පැතීමට පැමිණි සියළු බලවේග වලට, මේ කුඩා වේදිකාවේ සිට ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව ප‍්‍රකාශ කොට තිබේ.

මහජන යුද්ධය, විප්ලවය, ව්‍යාපාරයේ සංවර්ධනය, අව්‍යාජ විප්ලවීය පක්‍ෂ ඉදි කිරීම, තුළ කාන්තාවගේ කාර්යභාරය ඇගයීමට ලක් කළ සහ එයට ආචාර කළ, නිර්ධන පංති විප්ලවීය ස්ත‍්‍රීවාදී ව්‍යාපාරයේ සහෝදරවරු, වැඩවසම්-ධනවාදී පීඩක සහ සමූහ කාන්තා දූෂණයන් සිදු කරන රාජ්‍යයක් වන ඉන්දීය රාජ්‍යයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව කාන්තා සංවිධාන ලෝකය පුරා ඉදිරි-පෙරමුණේ කාර්යභාරයන් ඉසිලිය යුතුයැයි යෝජනා කරමින් පවත්වනු ලැබූ උද්වේගකර ගැඹුරු කථාවෙන් පසු පළමු දිනය අවසන් වූහ.

දෙවැනි දිනයේ සහභාගිවූවන් අතර නිදහස් විවාදයක් ඇති වූ අතර මහජන යුද්ධයේ සංවර්ධනය පෘථුල කිරීම ගැන වූ ගැටළු ගැන ඔවුහු කථා කළහ. ඒවා මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මාඕවාදීන්ගේ එක්සතක්කම අරබයා, මහජන යුද්ධයට සහය දීම තීව‍්‍ර කිරීමට ඉතාම හොඳ දේශපාලනමය සහ සංවිධානමය ආකෘතිය පිළිබඳ ගැටළු ආදී දෑ වූහ.

සාකච්ඡාව ඉන්දියානු රජයට සිය නිවහන තුළදීම තර්ජනයක් වන්නට යන ජාත්‍යන්තර නියෝජනයේ කාර්යභාරය සහ ලක ලැහැස්ති වීම්වල වත්මන් තත්වය දෙසට හැරුණි. සමාජ පීඩනයෙන් සහ මර්ධනයෙන් යුත් රාජ්‍ය පාලනය හෙලිදරවු කිරීමට සහ මේ වන විට ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුද්ගලයන්ට සහ විකල්ප දේශපාලනයක් සඳහා වන ෆෝරුමයට පවා පහර දෙන මර්ධනය, හරිත දඩයම් මෙහෙයුම නැවැත්වීමට සහ හුදෙකලා කිරීමට කමිටුවේ උපරිම සහය අවශ්‍ය කරයි.

සහභාගීත්වයෙන් බහුතරය එවැනි නියෝජනයක් ලබා ගැනීම උදෙසා දැඩි පරිශ‍්‍රමයක් දැරූහ.

එක්සත්බවේ සහ උද්‍යෝගීභාවයේ වාතාවරණය තුළ ‘‘විප්ලවීය ජීවයෙන් සහ බලවත් ළැදිකමෙන් යුතුව’’ රැස්වීම සමාප්තියට පත් කළේ, ඉන්දියාවේ දැනට සිදුවෙමින් තිබෙන ශ්‍රේෂ්ඨ යුද්ධයේ ස්වභාවය සහ එහි තත්ත්වය සුපැහැදිලි කරන, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) ‘‘ඉන්දියාවේ ජනතාවට ආමන්ත‍්‍රණයක්’’ හි අවසන් කොටසේ වදන් වලට නැවත වරක් සවන් දෙමිනි.

අවසානයේ දී, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) වචන වෙතට හැරෙමු:

‘‘…ඔබ ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දක්වමින් සිදු කළ ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්නයන් ගැන කථා කිරීමට අපි කැමැත්තෙමු. ඔබේ ව්‍යාපාරය ගැන ප‍්‍රවෘත්ති, එහි විචිත‍්‍ර ඡායාරූප අපේ සාමාජිකයන්ට, මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට සහ විප්ලවීය ජනතාව වෙතට හැකිතාක් පුළුල් ලෙස අපේ විවෘත සහ රහසිගත සඟරා සහ වෙනත් ක‍්‍රමවේදයන් හරහා ගෙන ගියෙමු. ඔවුහු, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් දුර ඈත බිම් වල ඔවුන්ට සහයෝගය පිණිස සටන්කාමීව නැගී සිටින බව දැනගත් විට, ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරියේ සිදු කළ විරෝධතාවයන්ගේ ඡායාරූප, ඔවුන්ගේ විප්ලවය පිළිබඳ පණිවුඩය එම රටවල ජනතාව වෙතට ගෙන යන සටන් පාඨ තාප්ප මත ලියා ඇති බව දකින විට, ඔවුන්ගේ හදවත් ආඩම්බරයෙන් පිරී ගියහ – අප තනි වී නැත, අපේ ජනතාව එම තැන්වලද සිටී, අපි හැමතැනම සිටින්නෙමු. ඔබේ ක‍්‍රියාකාරකම් අපව ප‍්‍රබෝධයට පත් කරන ලදි; ඔබ අපව දැඩි ලෙස ධෛර්යට පත් කරන ලද්දාහ. ඔබ අපිට ප‍්‍රතිචාර දැක්වූ අයුරින්ම උසස් අපේක්‍ෂා ඉෂ්ට සිද්ධ කරනු වස් අපි අපේ හැකි උපරිමයෙන් කටයුතු කරන්නෙමු. අපේ අනාගතය, ලෝක විප්ලවයේ අනාගතයයි, ලෝක නිර්ධන පංතියේ අනාගතයයි, පීඩිත ජාතීන් සහ පීඩිත ජනතාව සැබෑ ලෙසම ප‍්‍රභාමත් වී ඇත. එනමුදු මාවත කටුකොහොල් සහිත, දුෂ්කර සහ අක්වක් බවින් ගහණව ඇත. අපේ සතුරන්ගේ අනාගතය, අධිරාජ්‍යවාදීන්ගේ සහ ලෝකය පුරා සිටින ඔවුන්ගේ ගැත්තන්ගේ අනාගතය අඳුරුය, ඔවුන්ගේ විනාශය වැළැක්විය නොහැකිය.’’

ජාත්‍යන්තර සම්මේලනය මෙසේ පිළිතුරු දුන්හ:

ඔබ හුදෙකලා නොවේ! සෑම ක්‍ෂේත‍්‍රයකම අපි අපේ කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට සූදානමින් සිටින්නෙමු…

අවසානයේ දී, ප‍්‍රබල විප්ලවීය ආචාරයකි, ජාත්‍යන්තර කම්කරු ගීය ගයමින් පහත සටන් පාඨ කීහ:

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) දිගු කල් දිනේවා!

ඉන්දියාවේ මහජන යුද්ධය දිගු කල් දිනේවා!

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගු කල් දිනේවා!

සමුළුව අවසන් වූ අතර මේ දින දෙකේ සාර්ථකත්වය ඒකාබද්ධ කරන ලදි.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව
2014, සැප්තැම්බර් 28

ABar-11

සහභාගි වූ පක්‍ෂ සහ සංවිධාන (ඉංග‍්‍රීසි අකාරාදි පිළිවෙලට):

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව
අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවලට එරෙහි ලීගය (BGIA හැම්බර්ග්, ජර්මනිය)
ජනතා අයිතීන් සුරැකීමේ විප්ලවීය පෙරමුණ (බ‍්‍රසීලය)
තුර්කි කොමියුනිස්ට් පක්‍ෂය/මාක්ස්වාදී-ලෙනින්වාදී (TKP/ML)
බ්ලොක් රූජ් (මාඕවාදීන් එක්සත්කිරීම) (ප‍්‍රංශය)
ගලීෂියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව
ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව, ගලීෂියාව
විප්ලවීය ඉදිකිරීම, ඔස්ටි‍්‍රයාව
විප්ලවීය නිර්ධනපංති ස්ත‍්‍රීවාදී ව්‍යාපාරය (MFPR, ඉතාලිය)
ටියුනීසියා මාඕවාදීන්
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – ඉතාලිය (PCm -ඉතාලිය)
ජන මාවත (නෙදර්ලන්තය)

ABar-11

පණිවුඩ එවනු ලැබූ පක්‍ෂ සහ සංවිධාන (ඉංග‍්‍රීසි අකාරාදි පිළිවෙලට):

 ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය
ග‍්‍රීක කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය, වේල්සය
අයිරිෂ් සමාජවාදී ජනරජ පක්‍ෂය
කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඥ්ඥය)
කොමියුනිස්ට් බ්ලොග් ජාලය (ස්පාඥ්ඥ බසින්)
ඇෆ්ගනිස්ථානයේ කම්කරු සංවිධානය (මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී, ප‍්‍රධාන වශයෙන් මාඕවාදී)
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය, කැනඩාව
නිර්ධන පංති හඬ (මාක්ස්වාදී-ලෙනින්වාදී කොමියුනිස්ට් සංවිධානය – නිර්ධන පංති මාවත, ප‍්‍රංශය)
Yr Aflonyddwch Mawr (වේල්සය)

ABar-11

තීරණ ගැන අවසන් නිවේදනයන්.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව කාර්යයන් තුනක් නිශ්චය කරගෙන සිටී:

– හැකි ඉක්මනින් රැස්වීමෙහි සියළු කථාවන් සහ පණිවුඩ ප‍්‍රකාශනයට පත් කිරීම.

– එන මාසයේදී මහජන යුද්ධයට සහය දීමේ නව ජාත්‍යන්තර සහයෝගිතා දිනයක් පැවැත්වීම.

– ජාත්‍යන්තර නියෝජනය සඳහා වන සූදානම තීව‍්‍ර කිරීම.

අනෙකුත් තීරණ:

– ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් සඳහා වන ව්‍යපාරය ලෝකය පුරා පවතින දේශපාලන සිරකරුවන් සඳහා වන ව්‍යාපාර වලට සම්බන්ධ කිරීම.

– ඉන්දියාවේ බහුජාතික සමාගම්වලට අයත් කම්හල්වල විශේෂ මුල පිරීම් සඳහා, විශේෂයෙන්ම යුරෝපයේ, අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන් සහ ඉන්දියාවේ කම්කරුවන් අතර ජාත්‍යන්තරවාදී බැඳීමක් නිර්මාණය කිරීම.

– මහජන යුද්ධය තුළ අරගල කරන කාන්තාවන් සහ කාන්තා ව්‍යාපාර අතර සම්බන්ධයක් ඇති කිරීම ට සහයෝගිතා ආමන්ත‍්‍රණය ගැන වූ යෝජනාව පිළිගැනීම.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව
2014, සැප්තැම්බර් 28

 

 

ABar-11

Advertisements

Posted on October 10, 2014, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Sinhala, Solidarity and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: