ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, සහෝදර අෂීෂ් ගේ මරණය සම්බන්ධයෙන්

Download PDF (48KB)

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ ප‍්‍රකාශනය:

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, සහෝදර අෂීෂ් ගේ මරණය සම්බන්ධයෙන්

අපරිමිත ශෝකයෙන් යුතුව, ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව එහි එක් සාමාජිකයෙකු වන සහෝදර අෂීෂ් ගේ අහිමිවීම ගැන නිවේදනය කරයි.

සහෝදර අෂීෂ් 1960 දී පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයෙන් (ෂෝලාජේවිඩ්) සිය විප්ලවීය ක‍්‍රියාකාරීත්වය නිර්ධන පංති තරුණයෙකු ලෙස ආරම්භ කළහ. පසුව ෂෝලාජේවිඩ් ව්‍යාපාරය බිඳ වැටීමෙන් පසුව, ඔහු 1980 වන තෙක්ම වෙනත් වාමාංශික ව්‍යාපාරයකට සම්බන්ධ නොවූහ. එසේ වූවත් ඔහු ෂෝලයිට් ජීවගුණය ආරක්‍ෂා කළ අතර ප‍්‍රතිගාමී විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී සටන්කරුවෙක් ව සිටියහ. 1980 දී, ඇෆ්ගනිස්ථානයේ ජනතා විමුක්ති සංවිධානය (සාමා-SAMA) පිහිටුවීමට පෙර, සහෝදර අෂීෂ් සාමා පිහිටුවීමට සහභාගි වූ එක් කණ්ඩායමකට සම්බන්ධ වූහ. කෙසේහෝ, මෙම පිහිටුවීමට පෙර සහ හදිසියේම ඇෆ්ගනිස්ථානයේ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ (PDPA) පාලනයට එරෙහි මහජන නැගීමට පසුව, අපේ සහෝදරයා, සංශෝධනවාදී කුමන්ත‍්‍රණයට සහ සමාජ-අධිරාජ්‍යවාදී ප‍්‍රාදේශීය පාලකයාට එරෙහි මහජන අරගලයට සහභාගි වීමට සිය නිජ බිම වන බම්යාන් පළාතේ දුරස්ථ පිටිසරබද පෙදෙස්වලට පිටත් වූහ. ඔහු 1982 වන තෙක්ම ගම්බද පෙදෙස්වල රැඳී සිටි අතර, ඉස්ලාම් බලඇණි ප‍්‍රදේශයේ පාලනය අතට ගෙන, ඔහු සහ ඔහුගේ සහෝදරවරු සාමා විසින් පාවා දීමට ලක් කොට පිටුපසට ඇනීමෙන් පසු ඔහු පමණක් පිටත්ව ගියහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, සහෝදර අෂීෂ් ගර්ජිස්තාන් කලාපයේ සාමා හි කාඩර්වරයෙක් ලෙස ඩයස්පෝරාවේ ක‍්‍රියාකාරී වෙමින්, සාමා තුළ වූ යටත්වීම්වාදී මාවතට එරෙහිව අරගලය දිගටම පවත්වා ගෙන ගියහ. 1991 ගිම්හානයේදී, ඇෆ්ගනිස්ථානයේ විප්ලවීය කොමියුනිස්ට් ෙසෙලය සහ ඇෆ්ගනිස්ථානයේ විප්ලවීය කොමියුනිස්ට් සංවිධානය සමග වූ වසර ගණනක රැස්වීම් සහ හුවමාරුවීම් වලින් පසුව අපේ සොහොයුරා ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වූයේ මේ තීරණය පිළිබඳව ප‍්‍රකාශනයක් ද පළ කරමිනි. පිටුවහල් කිරීමේදීද අපේ සොහොයුරා සිය දේශපාලනික සහ සංවිධානමය ක‍්‍රියාකාරකම් පවත්වාගෙන ගියහ; වසර ගණනාවක් තිස්සේ ඔහු විවිධ මහජන අධ්‍යාපනිත වැඩසටහන්වල වගකීම දැරූහ.

සහෝදර අෂීෂ් ටයිකොන්ඩෝ පිළිබඳ ප‍්‍රවීණ උපදේශකයෙකු වූ අතර බොහෝ පුද්ගලයන් පුහුණු කළහ.

සහෝදර අෂීෂ් ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පක්‍ෂයෙ දක්‍ෂිනාංශික යටත්වීම්වාදයට එරෙහිවූවා මෙන්ම, පක්‍ෂයේ වැඩසටහන් සහ ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීමට ශක්තිමත් ස්ථාවරයක් ගත්හ. එමනිසා, ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) ව්‍යාපාරය සමගි කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත් විට, අෂීෂ් එම ක‍්‍රියාවලියට සම්බන්ධ වී එය විප්ලවීය උද්‍යෝගයෙන් යුතුව ආරක්‍ෂා කළහ.

සහෝදර අෂීෂ් විප්ලවීය උද්‍යෝගයෙන් යුතුව සමගි සම්මේලනයට සහභාගි වූ අතර මධ්‍යම කාරක සභාවට තේරී පත්වූහ. 2004 දී, අෂීෂ් ප‍්‍රතිගාමීන්ගේ තර්ජන සහ බියවැද්දීම් වලට නිර්භීත ලෙස මුහුණ දෙමින්, ධෛර්යසම්පන්න ලෙස ඔහුගේ ප‍්‍රදේශයේ මැතිවරණ වර්ජන ව්‍යාපාරයට නායකත්වය දුන්හ. එසේ වුවද, අසනීප තත්වයන් නිසා, ඔහු අතිශයින් දුර්වල වුවද, පක්‍ෂ වැඩවලට සහභාගි වීමේදී ඔහු සිය උපරිමයෙන් වැඩ කළහ. අනෙකුත් සහෝදරවරු හැමවිටම ඔහුගේ විප්ලවීය ජීවය දෙස බැලීමෙන් කිරීමෙන් ශක්තිය ලබා ගත්හ. ඔහුගේ බරපතල රෝග තත්ත්වය නොතකා, මේ දක්වා ක‍්‍රමානුකූලව දුෂ්කර සහ දිගු ගමනක වගකීම බාරගනිමින්–අපේ සොහොයුරා පක්‍ෂයේ නවවැනි වාර්ෂික සමුළුවලට සහභාගිවූහ–එනමුදු, අවාසනාවකට ඔහුට මාස කිහිපයකට පෙර පැවති දසවැනි වාර්ෂික සමුළුවට සහභගි වීමට නොහැකි වූහ.

මාස දෙකකට පෙර සහෝදර අෂීෂ් තවත් හෘදයාබාධයක් වැළඳුණු අතර සෞඛ්‍යය ක‍්‍රමයෙන් පිරිහෙන්නට වූහ. ඔහු සිය අසනීපයට එරෙහිව පසුගිය මාස දෙක තිස්සේ අරගල කළහ, නමුත් අද, 68 වැනි වියේදී, ඔහු අපෙන් සමුගත්හ.

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සිය අත්‍යන්ත ශෝකය සියළු සාමාජිකයින්ට, පක්‍ෂ ආධාරකරුවන්ට, රටේ අනෙකුත් මාඕවාදීන්ට සහ ලෝකයේ මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවලට, සහ අභාවප‍්‍රාප්ත සොහොයුරාගේ පවුලේ අයට පුද කර සිටී. ඇෆ්ගනිස්ථානයේ නිර්ධන පංති විප්ලවීය ව්‍යාපාරය සහ ජාත්‍යන්තර විප්ලවීය නිර්ධනපංති ව්‍යාපාරය මේ විප්ලවීය නිර්ධන පංතික සහෝදරයා ගේ අත්දැකීම් සහ අනාගත පරම්පරාවන්ට ඔහුගේ ජීවිතය විසින් ඉගැන්වූ පාඩම් රැගෙනයාමෙන් අනුස්මරණය කරනු ඇත.

මධ්‍යම කාරක සභාව,
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය
2014, ජූලි 25

ABar-11

Advertisements

Posted on September 9, 2014, in Afghanistan, C(M)P Afghanistan, International, Maoism, Sinhala, Solidarity and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: