සමස්ත ලෝකයේම – ක‍්‍රියාකාරීහු ස්විස් තරුණයාව නිදහස් කර ගැනීමට මුලපිරීම් දියත් කරයි

සමස්ත ලෝකයේම – ක‍්‍රියාකාරීහු ස්විස් තරුණයාව නිදහස් කර ගැනීමට මුලපිරීම් දියත් කරයි

 

පොලිස් අත් අඩංගුවට පත් වූ ජොනතන් බවුඩ්

පොලිස් අත් අඩංගුවට පත් වූ ජොනතන් බවුඩ්

ත‍්‍රිසූර්: මාඕවාදීන් සමග සම්බන්ධකම් ඇතැයි කේරල පොලීසිය මගින් අත් අඩංගුවට ගත් ස්විස් ජාතික තරුණයා වන ජොනතන් බෝල්ඩ්, කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීමට වාමාංශික බුද්ධිමතුන් කණ්ඩායමක් සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීහු මුල පුරා තිබේ. ඔවුහු අගොස්තු 6 වන දින මාධ්‍ය ප‍්‍රකාශනය සඳහා සම්මේලනයක් සංවිධානය කරනු ඇති. බවුඩ් ට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා ලෙස කේරල රජයට බලපෑම් ජාත්‍යන්තර සහ ජාතික ආයතන සහ දේශපාලනික ප‍්‍රජාවන් ආයාචනා කිරීමට ද ප‍්‍රයත්න ගනු ලැබේ. ක‍්‍රියාකාරීහු පවසන්නේ බවුඩ් රඳවා තබා ගැනීමට නීත්‍යානුකූල හෝ දේශපාලන පසුබිමක් නොමැති අතර ඔහු කිසිදු කඩාකප්පල්කාරී රහසිගත ක‍්‍රියාවක නිරතවි නොමැති බවයි. ‘‘ඔහු ට මාඕවාදී සම්බන්ධතා ඇතැයි සනාථ කිරීමට කිසිදු දැඩි සාක්‍ෂියක් පොලීසිය සතුව නොමැත’’, ගාන්ධියන් චින්තකයෙකු සහ සමාජ ක‍්‍රියාකාරිකයෙකු වූ කේ. අරවින්දක්ෂාන් පැවසීය.

පොලීසිය කෙසේ හෝ, රඳවා තබා ගැනීමේ වාර්තාවෙහි මාඕවාදී සම්බන්ධතාවයන් ගැන සඳහන් කොට නැත. සිරභාරයේදී සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඒ ගැන කිසිදු තොරතුරක් ලබා ගෙන නොමැති බව නිළධාරීහු ද පිළිගෙන ඇත. රැස්වීමට පැමිණි බවුඩ්, රැස්වීමෙන් පසුව තමාව හඳුන්වා දී සිය අනුකම්පාව ප‍්‍රකාශ කළ බව රැස්විමෙහි සංවිධායකයෝ ප‍්‍රකාශ කළහ. රැස්වීම මෙහෙයවූ, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කමිටුවේ උප-සභාපති වූ එම් එන් රවුන්නි, රජයට කියා සිටියේ බවුඩ් ට පීඩාකාරී ලෙස සංග‍්‍රහ කරද්දී ඉන්දීය ධිවරයින් මරා දැමූ ඉතාලි මැරීන් සෙබලූන්ට VIP සැලකුම් ලබා දෙන බවයි. කවියෙකු සහ සාහිත්‍ය ඇකඩමියේ හිටපු ලේකම් වූ කේ සචින්දනාදන්, අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ප‍්‍රකාශ කළහ.

‘‘සංචාරක වීසා යටතේ රටට පැමිණෙන අයෙකුට රැස්වීමකට සහභාගි වීම තහනම් කිරීමේ නීතියක් මේ රටේ නැත. ඔහු එහි කථිකයෙකු නොවීය; ඔහු ප‍්‍රංශ අධ්‍යාපනික කව අතර බෙහෙවින් ප‍්‍රකට අයෙකු වන අතර බුද්ධිමය සංස්කෘතියට වැදගත් දායකත්වයන් සිදු කළහ. ඔහු කොමියුනිස්ට්වාදී දර්ශනයට ගරු කරයි, නමුත් කිසිදු අයුරකින් රහසිගත ක‍්‍රියාවකට දායක වී නැත,’’ ඔහු නව දිල්ලියේ සිට දුරකථනයෙන් ප‍්‍රකාශ කළහ. කෙසේ හෝ, ඉතිහාසඥ එම් ජී එස් නාරායන් ප‍්‍රකාශ කරන්නේ ස්විස් ජාතිකයෙකු කිසිදු හෝ මාඕවාදී සම්බන්ධතාවයක් නොමැතිව වාමාංශික සහ මාඕවාදීන්ගේ රැස්වීමට සහභාගි වීම විශ්වාස අසීරු බවයි. ‘‘මම බලා සිටීමට සූදානම්, පොලීසිය සාක්‍ෂි ටිකක් එක් රැස්කර ගන්නවාදැයි අපි බලමු,’’ ඔහු පැවසීය. ඉන්දියාවේ ස්විස් දූත නිළධාරීහු බවුඩ්ගේ අත් අඩංගුවට පත් වීම ගැන තොරතුරු රැස් කර ගෙන තිබුනත් තවමත් ඔහුව නිදහස් කරන්නැයි නිළ වශයෙන් ඉල්ලා නැත.

මාඕවාදී මාවත සඟරාවේ පලවූ ලිපියකිනි

Advertisements

Posted on August 7, 2014, in India, International, People's War, Sinhala, Solidarity and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: