ජොනතන් බෝල්ඩ් නිදහස් කරනු!

ජොනතන් බෝල්ඩ් නිදහස් කරනු!

 

“ජොනතන් බෝල්ඩ්

වහාම නිදහස් කරනු!

“ඉන්දියාවේ මහජන අරගලයට

සහය දීම අපරාධයක් නොවේ!”

 

ඉන්දියානු විප්ලවයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව

2014-07-30

අත් අඩංගුවට පත් ජොනතන් බෝල්ඩ්

ත‍්‍රීසූර්: මාඕවාදී ක‍්‍රියාකාරිකයින් සැමරීම වෙනුවෙන් වල්ලපාද් අසල විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයකට සහභාගි වීමට පැමිණි 24 වියැති ස්විස් ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප‍්‍රකාශ කරන්නේ ජොනතන් බෝල්ඩ්, පසුගිය මාසයේ අන්ද්‍රා-කර්නාටක දේශ සීමාවේ දේශීය බෝම්බ තැනීමේ දී මිය ගිය කේරලයේ මාඕවාදී ක‍්‍රියාකාරිකයෙකු වන සහෝදර සිනෝජ් සැමරීම පිණිස වූ රැස්වීමකට සංචාරක වීසා එකක් මත කේරලයට පැමිණ ඇති බවයි. රැස්වීම මාඕවාදී ක‍්‍රියාකාරිකයින් සහ එහි සහායකයින් විසින් සංවිධානය කොට තිබුණි.

සිනෝජ් කේරලයේ වල්ලපාද් වලට අයත් වූවෙකි. වීසා තත්වයන් උල්ලංඝනය කිරීමට අදාලව විදේශිකයින් පිළිබඳ පනතේ 14(බී) කොටස යටතේ, ජොනතන්ට චෝදනා එල්ල කොට තිබේ. පොලීසිය ප‍්‍රකාශ කරන්නේ මාඕවාදී පොත්පත් කිහිපයක් ඔහුගෙන් ලබාගෙන තිබෙන බවයි. ජොනතන් කේරලයට ජූලි 10 වන දින කාන්තා සහායිකාවක සමග කේරලයට පැමිණි ඔහු ප‍්‍රාන්තයේ කන්නූර් සහ අනෙක් පෙදෙස් වලටද වලප්පාද් වලට පැමිණිමට පෙර ගමන් කොට තිබුණි.

ඔහු ප‍්‍රංශ බස කථා කරන බැවින්, තොරතුරු දැන ගැනීමට ප‍්‍රංශ බස හැසිරවිය හැකි පරිවර්තකයෙකු සොයා ගැටළුවක් ව තිබෙන බව පොලීසිය කියයි.

*****

 

ස්විස් ජාතික ජිනීවා හි ශිෂ්‍ය නායකයෙකු මාඕවාදී සම්බන්ධතා ඇතැයි සැක පිට අත් අඩංගුවට

24 වියැති ස්විස් ජාතිකයෙකු, කේරලයේ දී මාඕවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වීයැයි සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ජිනීවාහි ශිෂ්‍ය සංගම් නායකයෙකු ලෙස හඳුනා ගෙන තිබේ. අවසන් නම සහතික කර ගැනීමට තවමත් අවශ්‍යව තිබෙන අතර කේරලයේ ත‍්‍රිසූර් දිස්ත‍්‍රික්කයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. බදාදා දින වන විට ඔහු දින 14 ක් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සිරභාරයේ රඳවාගෙන තිබුණු අතර දැනට ඔහුව ත‍්‍රිසූර් වල වියූර් මධ්‍යම සිර කඳවුරේ රඳවා තබා ඇත.

ස්විස් ප‍්‍රවෘත්ති පෝටාලයට අනුව, මෑතදී සිය ආර්ථික විද්‍යා සහ සමාජ විද්‍යා අධ්‍යයන කටයුතු නිමා කළ ජොනතන්, ජිනීවා සරසවි සිසුන්ගේ ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස වැඩ කොට තිබුණි. 2013 දී ශිෂ්‍ය ගාස්තු වෙනුවෙන් ප‍්‍රධාන මහජන උද්ඝෝෂණ ගෙන ගිය අයෙකු ලෙස ඔහු ප‍්‍රසිද්ධය. ඉන්දියාවෙන් වාර්තාවන ප‍්‍රකාශයන්ට අනුව ඔහු මාඕවාදී හිතවාදියෙකු යැයි සැක පිට අඟහරුවාදා දින අත් අඩංගුවට ගෙන තිබේ. ස්විස් ගමන් බලපත‍්‍රයක් සතුව තිබූ ජොනතන් සංචාරක වීසා මගින් කේරලයට පැමිණියහ.

http://www.ibtimes.co.in/swiss-national-suspected-maoist-links-student-leader-geneva-605805

Advertisements

Posted on August 3, 2014, in CPI Maoist, India, International, Maoism, People's War, Protest, Sinhala, Solidarity and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: