ඊශ්‍රායලය ව්‍යාජ ප්‍රචාරවල යෙදෙන අයුරු…

ඊශ්‍රායලය ව්‍යාජ ප්‍රචාරවල යෙදෙන අයුරු…

10500298_655275827899248_3400158002682962629_n

මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ ඊශ්‍රායෙල වැසියන් පලස්තීන හමාස් ප්‍රහාර වලින් දරුණු හානි ලබන බවත්, පලස්තීනුන් ත්‍රස්තවාදීන් බවත්, එම ප්‍රහාරවලින් ලෝක අනුකම්පාව දිනා ගැනීමට යුදෙව් වාදී ෆැසිස්ට්වාදීහු ව්‍යාජ ප්‍රචාරවල යෙදෙන අයුරු. මාධ්‍යයට පෙනී සිටීමට තුවාලකරුවන් ලෙස වෙස් ගන්වන අයුරු. මෙය යුදෙව්වාදීන් මෙන්ම ලෝකයේ විවිධ දූෂිත පාලකයින් වරින් වර භාවිතා කළ පරණ උපක්‍රමයකි.

මැද පෙරදිග අංක එකේ ඇමෙරිකන් ගැත්තා ඊශ්‍රායලය වේ. එහි කුලී මිනීමරු හේවායන් සහ මොසාඩ් කල්ලිය දිගින් දිගටම පලස්තීනය ලේ විලක් කිරීමේ යෙදී සිටී. පලස්තීන ජනතාවගේ අරගලය සහ සටන්කාමී විරෝධය යුක්ති සහගතය. ඔවුහු නිරත වන්නේ යුක්ති සහගත යුද්ධයකය. ඊශ්‍රායෙලය නිරතවන්නේ අයුක්ති සහගත පීඩක යුද්ධයකය.මේ ආක්‍රමණ වලට එරෙහිව ලෝක ජන මතය සකස් කිරීම වෙනුවෙන් කිසියම් හෝ ක්‍රියාවලක නිරතවීම හෝ ප්‍රචාරක සහ සහයෝගිතාවයන් දියත් කිරීම අවශ්‍යය. ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදීහු, විප්ලවවාදීහු, නිදහස් මතධාරීහු සහ සාමය කැමති ජනතාව මෙමම වර්ගයේ ෆැසිස්ට් ආක්‍රමණ වලට එරෙහි විය යුතුය. මේවා ගැන, ලෝකය තුළ සිදුවන මෙම වර්ගයේ අයුක්ති සහගත අපරාධ ගැන සවිඥාණික (දැනුවත්) විය යුතුය. එක හඩින් ලෝක අධිරාජ්‍යවාදයේ බලු ගැත්තන්ගේ සහ එහි හෙංචයියන්ගේ විශ්ව ව්‍යාප්ත අමානුෂික අපරාධ වලට එරෙහි විය යුතුය. මිනිසා මිනිසා වෙත යන්නේ දිනෙක මේ අපරාධ හමාර කිරීමන් පමණි. ඊට මේ තුච්ඡ, පතුලටම දියවුණු, ගර්භයටම කුණුවුණු පීඩක සූරාකන පාලන ක්‍රමවේදය මුලුනුපුටා දැමිය යුතුය. ඒ කුමක්ද, අධිරාජ්‍යවාදී නිළධාරිවාදී ධනේශ්වර පාලන තන්ත්‍රයයි. එය මිහිමත සදාකාලික යුද්ධ සොයන ලේ පිපාසිත පාලන තන්ත්‍රයයි. යුක්ති සහගත විප්ලවීය යුද්ධ වලින් එය මිහි මතින් අතුගා දමා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය රජයන නිර්ධන පංති රාජ්‍යයන් බිහි කිරීම ‍වෙනුවෙන් සටන් කිරීම, ඒ වෙනුවෙන් ගතවන සෑම දිනකම දිවා රෑ සිය දිවි කැප කිරීම අව්‍යාජ විප්ලවවාදීන්ගේ කාර්යභාරය වේ. එයින් පමණක් මේ ලෝකය ගිලගෙන සිටින අදුර මැඩගෙන ආලෝකය වෙත ගමන් කළ හැකිය.

Advertisements

Posted on July 31, 2014, in International, Israel, Muslim, Sinhala and tagged , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: