ලල් සලාම් සහෝදර සිනෝජ්!

ඉන්දියාවෙන් ශෝක ජනක ප‍්‍රවෘත්තියක් – සහෝදර සිනෝජ් අලි රාජන් ගේ මරණය

ලල් සලාම් සහෝදර සිනෝජ්!

කොචි: කේරලයෙහි ආරම්භක අවස්ථාවෙහි වූ මාඕවාදී ව්‍යාපාරය බරපතල පසුබෑමකට ලක් වූයේ ජ්‍යෙෂ්ඨ කාඩර්වරයෙකු වූ සිනෝජ් නොහොත් රාජන් වයනාද්හි ඝන වනාන්තරය තුළ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී වූ අනතුරකින් ජුනි 16 දින ජීවිතක්‍ෂයට පත් වීමෙනි. ආරක්‍ෂක අංශ විසින් මාඕවාදීන්ට එරෙහිව නිකුත් කළ දැන්වීමක කේරලයෙහි පරීක්‍ෂාවෙන් සිටිය යුතු පුද්ගලයින් නව දෙනෙකු අතරින් එක් අයකු වූ සිනෝජ්, තහනම් කරන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හිබටහිර ඝාට්ස් විශේෂ කලාප කමිටුවේ සන්නද්ධ ප්ලෑටූනයක සාමාජිකයෙක් වීය. එමෙන්ම ඔහු කේරලයේ ක‍්‍රියාත්මක වූ කබානි දලාම් හි දේශපාලන දෙපාර්තමේන්තුවේ අණදෙන්නා විය. කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ජොජී ඔහුගේ මරණය සනාථ කරනු ලැබුවේ රහසිගතව පවත්වාගෙන යන ‘කට්ටු තී’ (ලැව් ගින්න) නම් රහසිගත තොරතුරු බුලටීනයෙනි.

බුලටීනයට අනුව, සිනෝජ් ජුනි 16 වැනි දින පෙරවරු 10:07 ට සිදු වූ පිපිරීමෙන් එකෙනෙහිම ජීවිතක්‍ෂයට පත් වූ අතර ඔහුගේ සිරුර පසෙකට විසිවී තිබුණි. බුලටීනය ට අනුව පරමාදර්ශී විප්ලවවාදියෙකු ලෙස ඔහුට ආචරය පුද කරමින්, ශෝක පණිවුඩයක් නිකුත් කොට කියා සිටියේ ‘‘අයහපත් කාලගුණ තත්ත්වය නිසා, අපිට ඔහුගේ සිරුර පවුලේ අයට බාර දීමට නොහැකි විය. දේහය වනාන්තරය තුළ සම්පූර්ණ හමුදා ගෞරව සහිතව ආදාහනය කෙරුණි.’’ සිනෝජ්, ත‍්‍රීසූර් දිස්ත‍්‍රික්කයේ තාලික්කුලම් අසල පතන්කල්ලූ හි වැසියෙකු වූ අතර උපාධියේ අවසන් වසර අධ්‍යයන කටයුතු වල නියැලෙද්දී පාසලෙන් නෙරපා දමනු ලැබූ ඔහු 1990 සිට කෙරලයේ නක්සල්වාදියෙකු විය. ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය – මාක්ස් ලෙනින්වාදී (නක්සල්බාරි) සමග කටයුතු කළ අතර පසුව එයින් කැඞී ගොස් පැරණි මහජන යුද්ධ කණ්ඩායමට එක් විය.

වසර 10 කට ඉහත දී මහජන යුද්ධ කණ්ඩායම, මාඕවාදී කොමියුනිස්ට් මධ්‍යස්ථානය සමග ඒකාබද්ධව ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) පිහිටවන විට, සිනෝජ් නව පක්‍ෂයේ කොටස් කරුවෙකු විය. සිනෝජ් වූ කලී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) මගින් සන්නද්ධ පුහුණුව ලැබූ පළමු කේරල වැසියන්ගෙන් අයෙකු වූ අතර කර්නාටක හි සන්නද්ධ ස්ක්වේඩ සමග ක‍්‍රියාකාරීව කටයුතු කළහ.
ලල් සලාම් සහෝදර සිනෝජ්!

Advertisements

Posted on July 29, 2014, in CPI Maoist, India, International, People's War, Sinhala and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: