තුර්කිය – බර්කින් අල්වාන් ගේ මරණය වෙනුවෙන් සුවිශාල විරෝධතා

තුර්කිය – බර්කින් අල්වාන් (Berkin Elvan) ගේ මරණය වෙනුවෙන් සුවිශාල  විරෝධතා පෙළපාලි – ඔහු නමින් ජනතා අරගලය ඉදිරියටම!

 

බර්කින් අල්වාන්ගේ අවමඟුල

14 හැවිරිදි නව යොවුන් තරුණයෙකු වූ බර්කින් අල්වාන් සිය පවුලට පාන් මිලදී ගැනීම සඳහා වෙළඳ සැලට ගමන් කරන අතරතුරදී පොලීසිය විසින් තබන ලද කඳුළු ගෑස් ෂෙල් එකක් හිසට පතිත වූයේ 2013 ජුනි මස තුර්කිය පුරා පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුරදීය, පසුව ඔහු දින 269 ක් කොමාව සෑදිමෙන් අනතුරු වයස 15 දී, 2014 මාර්තු 11 වන දින මිය ගියහ. මිය යන විට ඔහුගේ සිරුරේ බර 45kg සිට 16kg දක්වා අඩු වී තිබුණි. ඔහුගේ මරණයත් සමග තුර්කිය පුරා සහ ලෝකයේ විවිධ නගරවල දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් පැන නැගිණි.

ඔහුගේ මරණයත් සමග නැවත වරක් තුර්කියේ අඩානා, අදියමාන්, අන්ටල්යා, අන්කරා, අර්ධහාන්, බෝලූ, කොරුම් ඩුෂ්, එඩිර්නි, ගැෂයනටෙප්, ඉස්තාම්බුල්, ඉෂ්මිර්, කොන්යා, හටායි, මලට්යා, සිවාස්, සන්ලියුර්ෆා, සිර්නාක්, ටුන්සෙලි, ටොකාට්, ෂොන්ටුල්ඩක් සහ ලෝකය පුරා නුරෙම්බර්ග්, ලන්ඩන්, පැරිස්, වියානා, හෙල්සින්කි, ස්ට‍්‍රාස්බෝර්ග්, ස්ටොක්හෝම්, නිව්යෝර්ක්, බොස්ටන්, වොෂින්ටන් ඞීසී, ඇම්ස්ටර්ඩෑම්, බාසිලෝනා, බයිලෙෆිල්ඩ්, බර්ලින්, බ‍්‍රසල්ස්, ඩෙන් හැග්, ඩෙ‍්‍රස්ඩන්, ඩුයිස්බර්ග්, ෆ‍්‍රැන්ක්ෆර්ට්, හැම්බර්ග්, කොලොග්නි, ලොවුසානි, ලිස්බන්, රොටර්ඩෑම්, ස්ටුට්ගාර්ට්, වෝර්සෝ, සීට්ල්, පෙනින්සිල්වේනියා, ටොරොන්ටෝ යන නගරවල දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැංගාහ.

තුර්කි රජය ඔහු ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු බවට හංවඩු ගසයි. ජනතාව අති විශාල ප‍්‍රමාණයක් වීදි බසිමින් ෆැසිස්ටාවාදී රජයට එරෙහිව සිය අරගලය ගෙන යයි. ෆැසිස්ට්වාදීන්ගේ නියත ප‍්‍රහාරයට ලක්ව සිටින තුර්කි ජනතාවගේ හදවත් සමග ගැහෙන හදැති හැමකෙනෙකුම මේ අරගලයට අනුග‍්‍රහය දක්වනු ඇති.

 

 

Advertisements

Posted on April 5, 2014, in International, Protest, Sinhala, Turkey and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: