කිසෙන්ජි: ඉන්දියාවේ අවශ්‍යම කරන අංක දෙක මිනිසා ප‍්‍රචණ්ඩත්වය සහ බලය ගැන කතා කරයි.

කිසෙන්ජි: ඉන්දියාවේ අවශ්‍යම කරන අංක දෙක මිනිසා ප‍්‍රචණ්ඩත්වය සහ බලය ගැන කතා කරයි.

”සහෝදර කිෂේනජි ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි නායකයෙකු වූ අතර එහි මහජන ගරිල්ලා හමුදාවේ ජාතික අණදෙන්නා විය. රම්ජි, ප‍්‍රහ්ලාද්, කොටන්නා, බිමල් යන නම් වලින් පක්‍ෂය තුළ සහ ජනතාව අතර ප‍්‍රකට වූ ඔහු ඉන්දයාවේ මහජන යුද්ධය තුළ සුවිශේෂී භූමිකාවක් රඟ දක්වා තිබුණි. 2011 නොවැම්බර් 24 වන දින සතුරා අතට පත් වූ ඔහු කෲර වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් පසු ඝාතනය කර දැමුණි. ඔහුව මරා දැමීමෙන් විප්ලවය සහ මහජන යුද්ධය අඩපණ කිරීමට ඉන්දීය ප‍්‍රතිගාමී පාලක පංතිය උත්සාහ දැරූවද පක්‍ෂය සහ ජනතාව එය ප‍්‍රතිගාමීන්ගේ සිහිනයක් බවට පත් කර දැමූහ. මේ ලිපිය සහෝදර කිෂෙන්ජි ජීවත්ව සිටියදී මාධ්‍යවේදීන් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡා වලින් උපුටා ගන්නා ලදදකි.”

ලාල්ගාර්හ් පර්තටදේශයේ පොලිස් කඳවුරකට කිලෝමිටර් 1.5 ක් දුරින් සිට කිසෙන්ජි මාධ්ය.ට කතා කරයි.

ලාල්ගාර්හ් ප‍්‍රදේශයේ පොලිස් කඳවුරකට කිලෝමිටර් 1.5 ක් දුරින් සිට කිසෙන්ජි මාධ්‍යට කතා කරයි.

මම සැබෑ දේශ පේ‍්‍රමියෙක් (දේශ භක්ත්)

මේ සම්මුඛ සාකච්ඡාවේදී රහසිගත මාඕවාදී නායක කිසෙන්ජි සාම සාකච්ඡා, සන්නද්ධ අරගලය, පක්‍ෂයේ අරමුදල් මූලාශ‍්‍ර, ඉන්දියාවේ වත්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර වෙනස සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි අරමුණු යන විෂයයන් ගැන කතා කරයි.

ඉතා පැහැදිලි අභිමානයකින් යුතුව, ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ ඔහු ඉන්දියාවට අවශ්‍යතම අංක දෙක බවයි. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) දේශපාලන මණ්ඩලයේ සාමාජික 53 හැවිරිදි මලෝජුලා කොටෙස්වරා රාඕ නැතහොත් කිසෙන්ජි තාගෝර් සහ ගාන්ධි කියවමින් අන්ද්‍රා ප‍්‍රදේශ් හි පිටිසරබද හැදී වැඩිණි. ලෝක ඉතිහාසය තේරුම්ගත් පසුව විප්ලවයට සහභාගි වීම පිණිස වනයට අතුරුදහන් වුණු බව ඔහු කියයි. 1982 සෙවීම් මෙහෙයුම්වලදී, පොලීසිය පෙද්දපාලිවල ඔහුගේ නිවස කඩා දැමූහ. එතැන් පටන් ඔහුට සිය මව දක්නට නොලැබිණි, නමුත් තෙලූගු ප‍්‍රවෘත්ති පත‍්‍ර හරහා ඔහු ඇයට ලිවීය. වසර 20 කට පසු මහාරාෂ්ට‍්‍රා සහ චටිස්ගාර්හ් නක්සල් කලාපයෙන් ඔහු බෙංගාලයට නික්මුණි. ඔහුගේ බිරිඳ දන්තැවාද මාඕවාදී මෙහෙයුම් අධීක්‍ෂණය කරයි (දකුණු චටිස්ගාර්හ් වල දිස්ත‍්‍රික්කයකි). දැන් ඔහු ලාල්ගාර්හ් පොලිස් කඳවුරකට කිලෝමිටර් කිහිපයක් දුරින් වූ තිප්පොලක සිටියි, ඔහු දිනපතා ප‍්‍රවෘත්ති පත‍්‍ර 15 ක් පමණ කියවයි, ඒවා පක්‍ෂ සාහිත්‍ය කටයුතු සඳහා යවයි. ඔබ ඔහු සමග නැවතී සිටියොත්, ඔහු සිය පරිගණකයෙන් යුද්ධයේ සංඛ්‍යා ලේඛණ පිරික්සනු දක්නට ලැබේවි.

මධ්‍යම රාත‍්‍රී සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද්දකි:

ඔබේ පෞද්ගලික ජීවිත ගමන ගැන තොරතුරු මට කියන්න. මොකද ඔබ මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයට [CPI(M)]සම්බන්ධ වුණේ?

මම අන්ද්‍රා ප‍්‍රදේශ්වල කරිම්නගර් හි උපත ලැබුවා. 1973 දී, ගණිතය BSc උපාධියෙන් පස්සෙ නීතිය අධයනය කරන්න මම හයිද්‍රාබාද් වලට ගියා. තෙලංගානා වෙනම රාජ්‍යයක් සඳහා බල කරමින් තිබුණු තෙලංගානා සංගාර්ෂ් සමිති, සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් සමග මගේ දේශපාලන ගමන ඇරඹුණා. මම අන්ද්‍රා ප‍්‍රදේශ් වල රැඩිකල්වාදී ශිෂ්‍ය සංගමය දියත් කළා. 1975 හදිසි කාලයේදී, විප්ලවයට සහභාගි විමට මම රහසිගතයට ගියා. කරුණු කීපයක් මාව පෙළඹෙව්වා: විප්ලවීය ලේඛක සංගමය අරඹපු ලේඛක වරාවරා රාඕ, ඉන්දියාවේ දේශපාලන වාතාවරණය සහ මම හැදී වැඩුණු ප‍්‍රගතිශීලී පරිසරය.

මගේ පියා නිදහස් සටන්කරුවෙක් සහ ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්. ඔහු ප‍්‍රාන්ත කොංග‍්‍රස් පක්‍ෂයේ උප සභාපති වෙලත් හිටිය. අපි බ‍්‍රාහ්මීන්, නමුත් අපේ පවුල කවදාවත් කුළය විශ්වාස කළේ නෑ. මම ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස් ලෙනින්වාදී) ට සම්බන්ධ වුණාම, මගේ තාත්තා එක වහලක් යට දේශපාලනයන් දෙකක් තියෙන්න බෑ කියල කොංග‍්‍රස් පක්‍ෂයෙන් අයින් වුණා. ඔහු සමාජවාදය විශ්වාස කළා, සන්නද්ධ අරගලය නෙවෙයි. 1977 දී හදිසි කාල වකවානුව අවසන් වුණාම, මම රදළවාදයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගොවි ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නා. ගොවියන් 60,000 කට වඩා ඒකට සහභාගි වුණා. මම ජාතික මට්ටමේ ගොවි ව්‍යාපාරයක් ඇවිළෙව්වා.

ස්වදේශ කටයුතු ඇමති එකඟ වෙලා තියෙනවා වන අයිතීන්, භූමිය අත්පත් කරගැනීම සහ විශේෂ ආර්ථික කලාප (SEZ)වගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න. ඇයි ඔබ ඔහු දුන් අවස්ථාව ප‍්‍රතික්‍ෂේප කරන්නෙ? ඔහු ඉල්ලල තියෙන්නෙ ප‍්‍රචණ්ඩත්වය නවත්වන්න කියල විතරයි.

අපි කතා කරන්න සූදානම් රජය බලඇණි ඉවත් කර ගත්තොත්. ප‍්‍රචණ්ඩත්වය අපේ න්‍යාය පත‍්‍රයේ කොටසක් නෙවෙයි. යුධ බලඇණි අපේ ජනතාවට හැමදාම පහර දෙනවා. පසුගිය මාසෙ බස්තාර් වල, කෝබ‍්‍රා බල ඇණි අහිංසක සිවිල් වැසියන් 18 දෙනෙකු සහ මාඕවාදීන් 12 දෙනෙකු මරා දැමුවා. චටිස්ගාර්හ් වල, සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට අපිට උදව් කළ අය අත් අඩංගුවට ගනුලැබුවා. මේක නවත්වන්න; ප‍්‍රචණ්ඩත්වය නවතීවි. මෑතදී චටිස්ගාර්හ් DGP (පොලිස් අධ්‍යක්‍ෂ ජෙනරාල්) කැඳෙව්වා සල්වා ජුදුම් විශේෂ පොලිස් නිළධාරීන් 6,000 ක්. අළුතෙන් බඳවා ගැනීම් දිගටම කරගෙන යනවා. මේ මිනිස්සු අවුරුද්දක් තිස්සේ ආදිවාසීන්ව දූෂණය කරමින්, මරා දමමින්, කොල්ලකමින් ඉන්නවා. සල්වා ජුදුම් නිසා සම්පූර්ණ ගම්මාන පිටින්ම පලා ගිහිල්ල තියෙනවා. රජයට පුළුවන් ඔවුන්ට ඕන දෙයක් කියන්න, නමුත් අපි ඔවුන්ව විශ්වාස කරන්නෙ නෑ. පාලනය කිරීම පවා කරන්න බැරි ඔවුන් කොහොමද ප‍්‍රතිපත්ති වෙනස් කරන්නෙ. ලෝක බැංකුවයි ඇමරිකාවයි..

ආදිවාසී ජනතාව දුනු හී වලින් සන්නද්ධව - කල්කටා 2009-04-24

ආදිවාසී ජනතාව දුනු හී වලින් සන්නද්ධව – කල්කටා 2009-04-24

මොන තත්ත්වයක් උඩද ඔබ ප‍්‍රචණ්ඩත්වය අඩු කරන්නෙ?

අගමැති ආදිවාසීන්ගෙන් සමාව ගන්න ඕන, මේ ප‍්‍රදේශවල විහිදිලා ඉන්න සියළුම බල ඇණි ඉවත් කරන්න ඕන. හමුදාව අපිට අළුත් දෙයක් නෙවෙයි, අපි රාජ්‍ය ත‍්‍රස්තවාදයට පසුගිය අවුරුදු 20 තිස්සේම මුහුණ දෙනවා. සියළුම සිරකරුවන් නිදහස් කළ යුතුයි. බල ඇණි ඉවත් කර ගන්න ඔබට අවශ්‍ය කාලය ගන්න, නමුත් ඒ අතරතුර පොලිස් ප‍්‍රහාරයක් සිදු නොවෙන බවට අපිට සහතික වෙන්න ඕන. රජය මේවට එකඟ වෙනවනම්, අපෙන් ප‍්‍රචණ්ඩත්වයක් ඇති නොවේවි.

රජය බලඇණි ඉවත්කර ගන්නට පෙර ඔබට පුළුවන්ද රජයට සහතිකයක් දෙන්න මාසයක් ඔබ පහර දෙන්නෙ නෑ කියල?

අපි ඒක ගැන හිතනවා. මට ඒකට මගේ මහ ලේකම් එක්ක සාකච්ඡා කරන්න වේවි. නමුත් ඔවුන් මාසයක් පහර දෙන්නෙ නෑ කියල දෙන සහතිකය මොකද්ද? රජයට ඉඩ හරිමු බල ඇණි ඉවත් කරගැනීම ප‍්‍රකාශ කරල එය අරඹන්න. ඒක ලෝකයාට පෙන්වීමක් නොවිය යුතුයි. බලන්න අන්ද්‍රා ප‍්‍රදේශ් වල මොකද්ද වෙන්නෙ කියල? ඔවුන් සාකච්ඡා පටන් ගත්තා, ඒක බිඳල දැම්ම. අන්ද්‍රා ප‍්‍රදේශ් ලේකම් හමුවෙන්න අපේ මධ්‍යම කාරක සභාවෙ සාමාජිකයෙක් ගියා. පසුව ඔහු රජයට ගරුසරු ඇතිව කතා කළේ නෑ කියල ඔහුට වෙඩි තිබ්බා.

ඔබට ඇත්තටම ජනතාවාදී න්‍යායපත‍්‍රයක් තියෙනවනම්, ඇයි ආයුධ තියාගන්නෙ? ඔබේ අරමුණ ආදිවාසීන්ගෙ ශුභ සාධනයද, දේශපාලන බලයද?

දේශපාලන බලය. ආදිවාසීන්ගෙ ශුභසාධනය අපේ ප‍්‍රමුඛ දෙයක්, නමුත් අපිට දේශපාලන බලය නැතිව කිසිම දෙයක් ඉෂ්ට කරගන්න බැහැ. ආයුධ සහ හමුදාවක් නැතිව බලය පවතින්නෙ නැහැ. ඔවන්ට අයිති ඔවුන්ගෙ සම්පත් වලටවත් ඔවුන්ට අයිතියක් නැහැ. ඇරත්, අපේ දර්ශනය ආයුධ මත පදනම් වෙලා නැහැ. අපි ආයුධ තියාගන්නෙ දෙවැනි ස්ථානයේ. ඒ නිසයි අපි අන්ද්‍රා ප‍්‍රදේශ්වලදි පරාජයට පත් වුණේ.

රජය කියනව ප‍්‍රචණ්ඩත්වය පළමුවෙන්ම නවත්වන්න කියල, ඔබ කියනව පළමුවෙන්ම බලඇණි ඉවත් කරගන්න කියල. මේ තේරුමක් නැති චක‍්‍රය තුළ, ඔබ විසින් නියෝජනය කරන ආදිවාසීන් හුඟක් පීඩාවට පත්වෙනවා.

එහෙනම්, ජාත්‍යන්තර මැදිහත්කරුවෙකුට කතා කරමු. අන්ද්‍රා ප‍්‍රදේශ්, බටහිර බෙංගාලය, මහාරාෂ්ට‍්‍රා මේ කොහේවත් කවදාවත් අපි ප‍්‍රචණ්ඩත්වය පටන් ගත්තෙ නැහැ. හැම විටම පළමු ප‍්‍රහාරය එන්නෙ රජයෙන්. බෙංගාලයේ, CPM (මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය) කාඩර්වරු ඔවුන්ගෙ පාලනය යටතේ ඔවුන්ගෙ පක්‍ෂයේ නොවන කිසි කෙනෙකුට ගම්මාන වලට ඇතුල්වෙන්න දෙන්නෙ නැහැ. පොලීසිය 1998 ඉඳල ලාල්ගාර්හ් ප‍්‍රදේශයේ කඳවුරු බැඳගෙන ඉන්නවා. මෙවැනි තත්ත්වයක, මම කොහොමද බල කරන්නෙ ඉහළ අර්තාපල් මිළකට හෝ පානීය ජලයට. ඒක කරන්න මට කිසිම විදියක් නැහැ. බටහිර බෙංගාලයේ දවසකට ගෙවන අවම වැටුප රු 85 යි, මිනිස්සුන්ට ගෙවන්නෙ රු 22 යි. අපි නියම කරා රු 25 ක්. යුද්ධය ඇරඹුනාම කුරාවාස් අවසර දුන්නෙ නැහැ පන්ඩවාස්ට ඔවුන් ඉල්ලපු ගම්මාන 5 වත්. රජය ප‍්‍රතික්‍ෂේප කරා රුපියල් තුනක වැඩි වීම.  අපි පන්ඩවාස්, ඔවුන් කුරාවාස්.

ඔබ කිවුව ප‍්‍රචණ්ඩත්වය ඔබේ න්‍යාය පත‍්‍රයේ නැහැ කියල, ඒ වුණත් පසුගිය වසර 4 තුළදි ඔබ පොලිස් නිළධාරීන් 900 ක් විතර මරල තියෙනවා. ඔවුන්ගෙන් හුඟ දෙනෙක් ආදිවාසී පවුල්වලින් ආපු අය. එය හිංසනයට එරෙහි හිංසනයක් වුවත්, මේක කොහොමද ජනතාවාදී අරමුණුවලට ආධාර කරන්නෙ.

අපේ සටන පොලිස් බල ඇණි එක්ක නෙවෙයි, රජය එක්ක. අපිට අවශ්‍යයි පොලිසියේ ජීවිත හානි අවම කරන්න. බෙංගාලයේ, හුඟක් පොලිස් පවුල් අපිත් එක්ක හිතවත්. පසුගිය අවුරුදු 28 පුරා මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය (CPM) දේශපාලන ඝාතන 51,000 ක් කර තියෙනවා. ඔව්, අපි මැරුව CPM එකේ මිනිස්සු 52ක් පසුගිය මාස හත තුළදි, නමුත් ඒවා පොලීසියෙ හෝ CPM එකේ ක‍්‍රෑරකම්වලට එකට එක කිරීමක් විදියටයි.

කොහොමද ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය අරමුදල් එකතු කරන්නෙ? බල කිරීම් ගැන චෝදනා ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?

කිසිම බල කිරීමක් නැහැ. අපි සංස්ථා වලින් සහ ලොකු ධනපතියන්ගෙන් බදු එකතු කරනවා, නමුත් ඒක දේශපාලන පක්‍ෂ සාමූහිකව අරමුදල් එකතු කරනවාට වඩා වෙනසක් නැහැ. අපිට අර්ධ වාර්ෂික අය වැයක් තියෙනවා. එක පයිසාවක් වත් නාස්ති කරන්නෙ නැහැ. ගම්වැසියො ස්වේච්ඡාවෙන්ම සෑම අවුරුද්දකටම දවස් දෙකක් වැඩ කරල ලැබෙන ආදායම පරිත්‍යාග කරනවා. ගාද්චිරෝලි වල දවස් දෙකක් උණ ගස් කපල අපි රුපියල් ලක්‍ෂ 25ක් ඉපයුවා. බස්තාර් වල තෙන්ඩු කොළ එකතු කරල රුපියල් ලක්‍ෂ 35 ක් ඉපයුවා. හැම තැනකම ගොවියන් වී ක්වින්ටල් 1000 ක් අපිට පරිත්‍යාග කරනවා.

ගොවියන් පරිත්‍යාග කිරීම ප‍්‍රතික්‍ෂේප කළොත් මොකද?

ඒක කවදාවත් වෙන්නෙ නැහැ.

බය නිසා?

නැහැ. ඔවුන් අපිත් එක්ක. අපි ආරම්භ කරන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට අපි ගම්වැසියන්ට එක පියිසා එකක් සඳහා වත් බල කරල නැහැ.

මොන වගේ සංවර්ධනයක්ද ඔබ මාඕවාදී-පාලන ප‍්‍රදේශයේ ගෙනයන්නෙ? චටිස්ගාර්හ් සහ ජාක්හෑන්ඩ් වල ආදිවාසීන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන්නේ කොහොමද?

රජයේ සැබෑ ස්වරූපය පිළිබඳව අපි ආදිවාසීන්ව දැනුවත් කරල තියෙනවා, ඔවුන්ට කියල දෙනවා කොහොමද ධනවත් අය ජීවත් වෙන්නෙ, මොනවද ඔවුන්ට අහිමි කරල තියෙන්නෙ. මේ ප‍්‍රදේශ බොහොමයකම තෙන්ඩු කොල වල මිළ අගය කොල 1000 ක් රුපියල බැගිනුයි. අපි මහරාෂ්ට‍්‍රා වල දිස්ත‍්‍රික්ක 3 ක, අන්ද්‍රා ප‍්‍රදේශ් වල දිස්ත‍්‍රික්ක 5 ක, බස්තාර් කලාපයේ සම්පුර්ණයෙන්ම කොලයකට පයිසා 50 දක්වා මිළක් ලබා ගත්තා. කඩදාසි කම්හල්වලට උණ ගස් මිටියක් පයිසා 50 බැගින් විකුණුවා. දැන් මිළ 55ක්. නමුත් මේ ජයග‍්‍රහණයන් ආවෙ අපි රාජ්‍ය මර්ධනයට සහ ක‍්‍රෑරත්වයට මුහුණ දුන්නට පස්සෙයි. ගාද්චිරෝලි වල විතරක් අපේ පැත්තෙ මිනිස්සු 60 ක් මැරුවා, අපි මැරුවෙ පහයි.

දිනපතාම මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉන්දියාවෙ ගම්මාන 1200 කට වෛද්‍ය ආධාර යවනවා. බස්තාර්වල අපේ පාබල සොල්දාදුවෝ දක්‍ෂ වෛද්‍යවරු, ඒප‍්‍රන් ඇඳගෙන වින්නඹුවන් විදියට වනය තුළ වැඩ කරනවා. අපි ඔවුන්ට ආයුධ දෙන්නෙ නැහැ. අපිට බස්තාර්වල ජංගම සෞඛ්‍ය කණ්ඩායම් 50 කුත් ජංගම රෝහල් 100කුත් තියෙනවා. ගම්වැසියෝ අදාල රෝගවලට නියමිත පුද්ගලයින් ගාවට යනවා: උණට අයිස්සා ගාවට, පාචනයට රාමු ළඟට, ඒව ගේ. මේ ප‍්‍රදේශ වල හුඟක් අසනීප තියෙනවා, නමුත් මෘත සිරුරු එකතු කරන්න ප‍්‍රමාණවත් මිනිස්සු නැහැ. අපි වෛද්‍යවරුන්ට නොමිලයේ බෙහෙත් දෙනවා ජනතාව අතර බෙදා දෙන්න. රජය දන්නෙ නෑ ඒ බෙහෙත් ඔවුන්ගෙම රෝහල්වලින් එන්නෙ කියල.

රජය නක්සල් කලාපයට සිවිල් පරිපාලනයක් එවුවොත්, ඔබ ඒකට ඉඩ දෙනවද?

අපි ඒක පිළිගන්නවා. වෛද්‍යවරු සහ ගුරුවරු මෙහෙට එනඑක අපිට උවමනායි. දශකයක් තිස්සේම ලාල්ගාර්හ් ජනතාව රෝහලක් ඉල්ලල තියෙනවා. රජය කිසිවක් කරල නැහැ. ඔවුන් විසින්ම එකක් හදාගත්තොත් රජය ඒක හමුදා කඳවුරක් කරනවා.

මොනවද ඔබේ විශාල දිගු කාලීන අභිප‍්‍රායන්? නියත අරමුණු 3 හි සාරාංශය.

පළමුවෙන්ම නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජවාදය සහ පසුව කොමියුනිස්ට්වාදය පිහිටුවීමට දේශපාලන බලය ලබා ගැනීම. දෙවැන්න අපේ ආර්ථිකය ස්වයංපෝෂිත එකක් කිරීම, අපිට අවශ්‍ය වෙන්නෙ නෑ අධිරාජ්‍යවාදීන්ගෙ ණය. අවුරුදු දහයකට කළින් ඉඳලම අපි විදේශ ණය තාමත් ගෙවනවා. ණය නිසා අපේ මුදලේ අගය අවප‍්‍රමාණ වීම ඉහළ යනවා. ඒක කවදාවත් අපිට ආපහු ලැබෙන්නෙ නෑ. මේක තමයි ලෝක බැංකුවට අවශ්‍ය කරන්නෙ. අපිට අවශ්‍ය අංග දෙකක් මත වැඩ කරන ආර්ථිකයක් – කෘෂි කර්මය, කර්මාන්තය. පළමුවෙන්ම ආදිවාසීන්ට ඉඩම් අවශ්‍යයි. ඔවුන්ට ඔවුන්ගෙම ඉඩම් ලැබෙනකම් රජය ඔවුන්ව සූරාගෙන කනව. ජනතාවට තමන්ගේ ශ‍්‍රමයට සරිලන අස්වැන්නක් හිමිවිය යුතුයි. අපි කර්මාන්තයට විරුද්ධ නැහැ, ඒක නැතුව සංවර්ධනයක් ඇති වෙන්නෙ කොහොමද? නමුත් අපියි තිරණය කරන්නෙ ඉන්දියාවට අවශ්‍ය මොන කර්මාන්තද කියල, ඇමරිකාව හෝ ලෝක බැංකුව නෙවෙයි. විශාල වේලි, විශාල කර්මාන්ත වෙනුවට අපි කුඩා පරිමාණ කර්මාන්තයන් ආරම්භ කරනවා, විශේෂයෙන්ම කාෂිකාර්මික අවශ්‍යතා මත පදනම් කරගෙන. තුන්වෙනි අරමුණ සියළුම විශාල කොම්පැනි අල්ලා ගැනීම – ටාටා (Tata) සිට අම්බනිස් (Ambanis) දක්වා, සියළුම අවබෝධතා ගිවිසුම් අහෝසි කිරීම, ඔවුන්ගේ ධනය ජාතික ධනය ලෙස ප‍්‍රකාශ කරනවා, එමෙන්ම අයිතිකරුවන් සිරගෙට දමනවා. ආමූලික තත්ත්වයේ සිට ඉහළම තත්ත්වය දක්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයෙන් පුද්ගලයින් තෝරා ගන්නවා.

නමුත් ලෝකය පුරාම කොමියුනිස්ට් රජයයන් වල ඉතිහාසය දිහා බලන්න. ඔවුන් විසින් කලින් පෙරලා දැමූ අය වගේම පීඩකයන් බවට නැවත පත්වෙනවා. මාඕවාදී පාලනයන් වල බල කිරීම් සහ අදහස් වලට විපක්‍ෂ ක‍්‍රිකාරකම්වල නොවන බවට උදාහරණ විශාල වශයෙන් තියෙනවා. කොහොමද මේක ඔබේ ජනතාවට හොඳම දෙයක් වුණේ?

මේ සියල්ල ධනපතියන් විසින් පතුරුවන ලද කතන්දර. ගම්මානවල අපේ මිනිස්සු සිය ගණන් මැරෙනවා, නමුත් අපේ වෛද්‍යරුන් හැම දෙනෙකුටම ඕන නගරවල ජීවත් වෙන්න. අපේ හැම ඉංජිනේරුවෙකුටම ඕන ජපානයේ හෝ පරිගණක තාක්‍ෂණික ක්‍ෂේත‍්‍රවල සේවය කරන්න. ජාතියේම ධනය භාවිතා කරලයි ඔවුන් තමන්ගෙ තත්ත්වයට එන්නෙ. ඔවුන් මගේ රට වෙනුවෙන් මොකද්ද කරන්නෙ? රජයට බල කරල කියන්න බෑ ඔබට ෙදාස්තර කෙනෙක් වෙන්න කියල. නමුත් ඔබ එහෙම වුණොත්, උදක්ම කියන්න පුළුවන් අවුරුදු දෙකක් ඔබේ දක්‍ෂතාවයන් ගම්මාන සඳහා යොදවන්න කියල. රාජ්‍යයක පීඩනය කොපමණදැයි රඳා පවතින්නෙ බලයෙහි ආධිපත්‍ය පාලනය කරන්නෙ කවුරුන්ද යන්න මතයි.

අපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත්නම් ගම්වැසියන්ට කියන්න තවත් විප්ලවයකින් අපිව පලවා හරින්න. අපිට දැනටමත් කලල අවස්ථාවේ පවතින විකල්ප ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා රජයක් බස්තාර්වල තියෙනවා. ඡන්දය හරහා විප්ලවීය ජනතා කමිටුව කියන ප‍්‍රාදේශීය රජය අපි තෝරා ගන්නවා. ජනතාව ඔවුන්ගේ අත් එසවීමෙන් ඡන්දය ලබා දෙනවා. ඒකට සභාපති කෙනෙක්, උපසභාපති කෙනෙක් සහ දෙපාර්තමේන්තු – අධ්‍යාපන, සෞඛ්‍ය, සුභසාධක, කෘෂිකර්මය, නීතිය සහ නියෝග, මහජන සම්බන්ධතා. මේ පද්ධතිය දැන්ට ඉන්දියාවෙ දිස්ත‍්‍රික්ක 40 ක පමණ තියෙනවා. මාඕවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන්නෙ නෑ කියන සංකල්පය වැරදියි.

ඉන්දියාවෙ අද තියෙන්නෙ මොකද්ද, විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. ඒක ඇත්ත නෙවෙයි. මමටා බනර්ජී, CPM හෝ කොංග‍්‍රස් පක්‍ෂය මේ සියල්ල ඒකාධිපතියි. අපි කතිකා කරගත්තා රජය සිරකරගෙන ඉඳල නිදහස් කරපු ආදිවාසී කාන්තාවන් 14 දෙනා ලෝකයට පෙන්වන්න; රජයේ සැබෑ මුහුණුවර පෙන්වන්නට.

ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරනවනම්, ඇයි ඔබ දැනට පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයෙන් ඉවත්වෙලා ඉන්නෙ? නේපාලයේ මාඕවාදීන් මැතිවරණයට තරඟ කරනවනෙ.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බිහි කිරීමට නම්, පැරණි එක විනාශ කරන්න වෙනවා. නේපාලයේ මාඕවාදීන් සමථයකට ඇවිල්ල තියෙන්නෙ. මොන ඡන්දද? There are 180 MPs with serious criminal charges. More than 300 MPs are crorepatis [someone who is worth more than 10 million rupees].  ඔබ දන්නවද? එක්සත් ජනපද හමුදාව දැනටමත් උත්තර් ප‍්‍රදේශ්වල කඳවුරක පුහුණුවීම් පවත්වනවා. ඔවුන් විවෘතවම කිවුව ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක ඉන්දියන් හමුදාව ගන්න පුළුවන් කියල. ඔවුන්ට මේ බල පුළුවන්කාර කමට ඉඩදිල තියෙන්නෙ කවුද? මම නෙවෙයි. මම ඔවුන්ට විරුද්ධයි. මම සැබෑ දේෂ් භක්ත් (දේශ පේ‍්‍රමියෙක්)

ඔබට මොන වගේ ජාතියක් විදිහටද ඉන්දියාව සකසන්න අවශ්‍ය? ආකෘතියක් දෙන්න.

අපේ පළමු ආකෘතිය පැරීස්. එය බිඳ වැටුණ. ඊට පස්සෙ රුසියාව බිඳ වැටුණ. ඊට පස්සෙ චීනයේ පහළ වුණා. නමුත් මාඕගෙන් පස්සෙ, එයත් පරාජය වුණා. දැන් ලෝකෙ කොහේවත් නැහැ බලය ඇත්තටම ජනතාවගෙ අතේ තියෙන එකක්. හැම තැනකම වැඩ කරන ජනතාව ඒකට සටන් කරමිනුයි ඉන්නෙ. ඒ නිසා දෙන්න ආකෘතියක් නැහැ.

හැම තැනකම කොමියුනිස්ට්වාදය වැඩ කරන්නෙ නැහැනෙ, ඇයි ඒක ඉන්දියාවෙදි වැඩ කරන්නෙ? චීනය අද පිළිගන්නවා මාඕගෙ න්‍යායයන් වැරදියි කියල. නේපාල මාඕවාදීන් මේ වන විට විදේශ ආයෝජන බලාගෙන ඉන්නවා.

නේපාලයේ මාඕවාදීන් කරන්නෙ මොකද්ද, ඒක වැරදියි. ඒ මාවත අනුගමය කිරීමෙන් වෙන්නෙ තවත් බුද්ධදෙබ් (බටහිර බෙංගාලයේ ‘මාක්ස්වාදී’ මහ ඇමති) බාබු කෙනෙක් හැදෙන එක විතරයි. අපි ඔවුන්ට කියනවා නැවත පරණ ක‍්‍රමයට ඇතුල් වෙන්න කියල. කොහේහරි සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය මුල් බහින කොට අධිරාජ්‍යවාදය ඒක විනාශ කරන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම ලෙනින්, මාඕ, ප‍්‍රචණ්ඩා – මේ හැම කෙනෙකුගෙම වැරදි තියෙනවා. දෙවන ලෝක යුද්ධය ජයග‍්‍රහණයෙන් පස්සෙ, ස්ටාලින් අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එක්ක නිළධාරිවාදය ස්ථාපිත කළා. ඔවුන් ජනතාවගේ සහභාගිත්වය ගැන සැලකිල්ලක් දැක්වුයේ නැහැ.  අපි ඔවුන්ගෙ දුර්වලකම් වලින් ඉගෙන ගන්නවා. නමුත් ධනවාදයටත් ඒක විනාශ කළායින් පස්සෙ නැවත නැඟිටින්නට සිදුවෙලා තිබිල තියෙනවා. ඔබ කියන්නෙ කොහොමද ඒ ධනවාදය සාර්ථක වෙලා තියෙනව කියල. එකම මාර්ගය සමාජවාදයයි.

මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය හෝ නේපාල මාඕවාදීන් වගේ රාජ්‍ය බලයේදී ඔබ අසාර්ථක වෙන්න පුළුවන් නේද?

අපි වෙනස් උනොත් ජනතාව අපිට විරුද්ධව වෙනත් ක‍්‍රන්තිකාරි ඇන්දෝලන් (විපලවය) එකක් පටන් ගනීවි. පාලකයා – කවුරු වුණත් – සූරාකන්නෙක් වුණාම, ජනතාවට අවශ්‍යයි ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න. ඔවුන් කිසෙන්ජි, හෝ ප‍්‍රචණ්ඩා හෝ ස්ටාලින් ව අන්ධානුකරණයෙන් අදහන්න අවශ්‍ය නැහැ. ඕනෑම නීටාවක් හෝ පක්‍ෂයක් තමන්ගේ දර්ශනයෙන් පිට පනිනව නම්, ඒ සමගම ඔවුන් කෙරේ ඇති ඔබේ විශ්වාසයත් අවසන් වෙනවා, ආපහු කැරලි ගහනවා. ජනතාව මේ සම්ප‍්‍රදාය සජීවීව පවත්වගන්න අවශ්‍යයි.

ඔබ කවදා හෝ පුද්ගලික අකරතැබ්බයකට මුහුණ දී තිබේද? රජයට බලපෑම් කළ හැකි එකම ක‍්‍රමවේදය ප‍්‍රචණ්ඩ ක‍්‍රමවේදය ද?

මම විශ්වාස කරනවා අපි යහපත් දේ කිරීමටයි උත්සාහ කරමින් සිටින්නේ. අපි නිරත වන්නේ යුක්තිසහගත යුද්ධයක. ඇත්තෙන්ම ගමන තුළ වැරදි සිදු වන්නට පුලූවන්. රජය වගේ නෙවෙයි අපි අතින් වැරදි සිදු වූ විට අපි ඒවා පිළිගන්නවා. ෆැන්සිස් ඉන්දුවාර්ගෙ (Francis Induwar) හිස ගසා දැමීම වරදක්. අපි එයට සමාව ඉල්ලනවා. ලාල්ගාර්හ් වලදී අපි වෙනස් උපක‍්‍රම භාවිතා කරන්නට උත්සාහ ගන්නවා. අපි මෑතදී සුවිශේෂ සංවර්ධන ඉල්ලීම් සකස් කරල නොවැම්බර් 27 අවසන් දවස විදියට රජයට දැනුම් දීල තිබෙනවා. අපි රජයෙන් ඉල්ලල තියෙන්නෙ ළිං 300 හාරා දීම සහ ආදේශක රෝහල් 30ක්. අපි වාම පෙරමුණු පක්‍ෂවල දොරවල්වලටත් තට්ටු කරල තියෙනවා-ප‍්‍රගතිශීලී සංගමය, RSP, CPI, සහ CPM ට පවා. මම බෙංගාල රජයේ ඇමතිවරුන් සමග පවා සම්බන්ධ වෙනවා. මම ප‍්‍රධාන ඇමතිට කතා කරල තියෙනවා.

ප‍්‍රධාන ඇමති මෙය ඉවත දමල තියෙන්නෙ.

මම ප‍්‍රධාන ඇමතිට කතා කරල තියෙන්නෙ. මම ඔහුට කිව්වා රාජ්‍ය ක‍්‍රෑරත්වය නවත්වන අපේ සංවර්ධන ඉල්ලීම් එවන්නම් කියල. ඔහු කිව්ව ඔහු ඉන්නෙ ඔහුගේම පක්‍ෂයේ සහ ස්වදේශ කටයුතු ඇමති චිදම්බරන්ගෙ පීඩනයට යට වෙලා කියල.

ඇයි එහෙනම් පොලීසියට ඔබව අල්ලගන්න බැරි?

ප‍්‍රාන්ත 8 ක, දිවා රාත‍්‍රී මෙහෙයුම් කරනව මාව හොයන්න. මම ඉන්දියාවට අවශ්‍යතම අංක 2.  බෙංගාලයේ ගම්මාන 1600 ක් තුළ ජනතාව මේ වනවිට මාව පොලීසියට හසු නොවෙන්න රාත‍්‍රී රැකවල්හි යෙදෙනවා. දැන් මම ඉන්න මෙතැන ඉඳල කිලෝමිටර 1.5 ක් ඈතින් පොලිස් නිළධාරීන් 500 ක් ඉන්න කඳවුරක් තිබෙනවා. බෙංගාලයේ ජනතාව මට ආදරය කරනවා. පොලීසියට මාව අල්ලන්න කලියෙන් ජනතාව මරා දමන්න වෙයි.

ස්වදේශ කටයුතු බාර රාජ්‍ය ලේකම් මෑතකදි සඳහන් කරනවා චීනය ඔබට ආයුධ දුන්න කියල. ඒක ඇත්තද?

පැහැදිලිවම, ඔහු දන්නෙ නෑ අපේ දර්ශනයේ මූලධර්ම. යුද්ධය දිනන්න අවශ්‍ය නම් ඔබ ඔබේ සතුරාව දැන ගැනීම අවශ්‍යයි. අපේ ස්ථාවරය මුළුමනින්ම චීනයට විරුද්ධයි. මම හිතනව චිදම්බරන් සහ පිල්ලායි තමයි මගේ තරඟය, මම කවදාවත් කල්පනා කරන්නෙ නැහැ ඒ වගේ පහළ මට්ටමේ සතුරන් ගැන. ඔවුන් අහසට කඩුවෙන් කොටනව. ජයග‍්‍රහණය හිමි වන්නෙ අපිට.

ලෂ්කාර් හෝ තයිබා ගැන ඔබේ ස්ථාවරය කුමක්ද? ඔබ ඔවුන්ට සහය දෙනවද?

අපි ඔවුන්ගේ සමහර අරමුණුවලට සහය දෙනව, ඔවුන්ගෙ ක‍්‍රමවේදය වැරදියි, ජනතා විරෝධියි. ඔවුන්ගේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා නැවැත්විය යුතුයි, නැත්නම් ඔවුන්ට කිසිම අරමුණක් ඉෂ්ට කර ගන්නට බැහැ. ඔබට ජය ගන්නට පුළුවන් ජනතාව ඔබේ පැත්තට ගැනීමෙන් පමණයි.

 

Advertisements

Posted on April 5, 2014, in CPI Maoist, CPI(ML) Naxalbari, India, International, Maoism, People's War, PLGA Attack, Sinhala and tagged , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: