රජය නක්සල් ගැටුම් පවතින පෙදෙස්වලට අමතර සෙබලූන් 6000ක්

ඉන්දියාවේ මධ්‍යම රජය නක්සල් ගැටුම් පවතින පෙදෙස්වලට පැරාමිලිටරි සෙබලූන් 6000ක් යවයි.

නව දිල්ලි: නක්සල්වරුන්ගේ ප‍්‍රචණ්ඩත්වයේ නැගීමත් සමග මධ්‍යම පැරාමිලිටරි සෙබලූන් 6000 කට වැඩි පිරිසක් එළඹෙන ලොක් සභා ඡන්දයේදී මාඕවාදී ප‍්‍රහාරයන්ට ලක්වන ප‍්‍රාන්තවල ආරක්‍ෂාව තහවුරු කිරීමට යවා තිබේ. ඊට අමතරව චටිස්ගාර්හ්, ජාක්හෑන්ඩ්, බිහාර්, ඔඩිෂා, බටහිර බෙංගාලය, මහාරාෂ්ට‍්‍රා, ආන්ද්‍රා ප‍්‍රදේශ්, මධ්‍ය ප‍්‍රදේශ් සහ උත්තර් ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත නවයෙහි මධ්‍යම ආරක්‍ෂක සෙබලූන් 90,000 ක් ප‍්‍රති-නක්සල් මෙහෙයුම්වල නිරත වෙති.

නිළ මූලාශ‍්‍ර ප‍්‍රකාශ කළේ අමතර බල ඇණි චටිස්ගාර්හ්, ජාක්හෑන්ඩ්, ඔඩිෂා සහ බිහාර්වලට යවා ඇති බවයි. චටිස්ගාර්හි සුක්සා දිස්ත‍්‍රික්කයේ ආරක්‍ෂක නිළධාරීන් 15 දෙනෙකු සහ සිවිල් වැසියෙකු මරා දැමූ ප‍්‍රහාරයෙන් පසු මේ තීරණය ගෙන තිබේ. රතු කැරලිකරුවන්ට එරෙහිව සටනෙහි නිරතවන මොවුන්ට අමතරව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රට පුරා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට ලක්‍ෂ 2 ක පමණ මධ්‍යම පැරාමිලිටරි සේනාවක් සකස් කරමින් සිටී. අදියර 9 කින් යුත් මහ මැතිවරණය අපේ‍්‍රල් 7 වන දින ඇරඹෙයි.

මධ්‍යම රජය චටිස්ගාර්හ්, ජාක්හෑන්ඩ්, බිහාර්, ඔඩිෂා, මහාරාෂ්ට‍්‍රා සහ ආන්ද්‍රා ප‍්‍රදේශ් හි දිස්ත‍්‍රික්ක 33 අධිසංවේදී ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ. 2004, 2009 ලොක් සභා ඡන්දවලදී සහ 2008, 2009, 2010 සහ 2013 මන්ත‍්‍රණ සභා ඡන්දයේදී මාඕවාදීහු සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩිම ගණනක් වාර්තාවී තිබුණෙ මේ දිස්ත‍්‍රික්වලයි.

Advertisements

Posted on March 19, 2014, in India, International, Maoism, naxalites, People's War, PLGA Attack, Sinhala. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: