ඉන්දියාවේ මහජන යුද්ධය ඉදිරියට – පොලිස් නිළධාරීන් 6 ක් මරුට
ඉන්දියාවේ මහජන යුද්ධය ඉදිරියට…
නක්සල් ප්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 6 දෙනෙකු මරුට
චටිස්ගාර්හි මාඕවාදී ප්‍රහාරවලට ලක් වෙන දන්තැවාද දිස්ත්‍රික්කයේ පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ (පෙබරවාරි 28 වෙනිදා) නක්සල්වරුන්ගේ රැකසිට පහරදීමකින් ස්ථාන නිවාස නිළධාරියෙකු (SHO) සහ පොලිස් නිළධාරීන් පස් දෙනෙකු මරා දැමුණි.
කුවකොන්ඩාහි SHO විවේක් ශුක්ලා විසින් ප්‍රධානත්වය දෙන ලද පොලිස් මුර සංචාරක කණ්ඩායමක්, කුවකොන්ඩා-බචේලි අසල ෂ්යම්ගිරි කඳු මුදුන දක්වා ඉදිවෙන මාවතක ආරක්ෂාවට ගමන් කරන විට මේ සිදුවීම සිදුවී තිබිණි යැයි ජ්‍යෙෂ්ට පොලිස් නිළධාරියෙකු ප්‍රකාශ කළහ. ජවාන්ස් පොලිස් නිළධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත මුර සංචාරක කණ්ඩායම මෝටර් සයිකල් මගින් ගමන් කරන විට කැරලිකරුවන් දුර සිට එල්ල කළ ප්‍රහාරයෙන් SHO ශුක්ලා සහ අනෙක් පොලිස් නිළධාරීන් 5 දෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇත. ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ මුලින් ගමන් කළ මෝටර් සයිකල්හි ගමන් ගත් නිළධාරීන්ය. කැරලිකරුවන් විසින් මොටර් සයිකල් 3ක් ගිනි තබා ගිනි අවි 6ක් පැහැර ගෙන තිබේ. පැහැර ගෙන තිබේ. ප්‍රහාරයට ලක් නොවුණු අනික් පොලිස් නිළධාරීහු පලාගොස් තිබේ.
ජාක්හෑන්ඩ්හි ලොක් සභා ඡන්දයට නක්සල් තර්ජනය ප්‍රධාන හිසරදයක් වේ
නව දිල්ලි: ජාක්හෑන්ඩ් අධික ලෙස නක්සල්වරුන්ගේ ක්‍රියාකාරීත්වයට නතු ව තිබෙන ප්‍රාන්තයක් වන අතර මැතිවරණයේදී කැරලිකරුවන්ගේ බලකොටු පෙදෙස්වල ආරක්ෂාව සැපයීම පොලිස් සහ පැරාමිලිටරි බල ඇණි වලට බලවත් හිසරදයක් වී තිබේ. දිස්ත්‍රික්ක 15 ක පොලිස් ස්ථාන 67 ක් මුළුමනින්ම පාහේ නක්සල්වරුන්ට සිය ප්‍රතිවාදීන් පහසුවෙන් ඉලක්ක කරගත හැකි වාසිදායක ස්ථාන බවට පත් ව තිබේ යැයි ප්‍රාන්ත පරිපාලනයේ මූලාශ්‍ර මගින් IBNLive වෙත ප්‍රකාශ කර තිබේ. නක්සල්වරු දිනපතාම තර්ජනයන් මතු කරමින් සහ මැතිවරණය වර්ජනය කරන ලෙස ප්‍රකාශ නිකුත් කිරීම නිසා දේශපාලන නායකයින්ට සිය මැතිවරණ ව්‍යාපාර කටයුතු ගෙනයාම අපහසු වී ඇත. ග්‍රාමීය පෙදෙස්වල ඡන්ද මධ්‍යස්ථාන වෙත කිසිදු ඡන්දයක් නොදැමීමට ඔවුහු කටයුතු කරති. පරිපාලනයට ඇති බලවත්ම තර්ජනය වන්නේ මැතිවරණ අපේක්ෂකයින්ට ආරක්ෂාව ලබා දීම සහ ඡන්ද මධ්‍යස්ථාන වලට ජනතාව රැස්කරවා ගැනීමයි.
Advertisements
Posted on March 3, 2014, in CPI Maoist, India, Maoism, naxalites, People's War, PLGA Attack, Sinhala and tagged Guerrilla Attack, PW in India. Bookmark the permalink. Leave a comment.
Leave a comment
Comments 0