දමිළ ඊළාම් අරගලය සහ එහි පාඩම් – I කොටස

I කොටස

දමිළ ඊළාම් අරගලය සහ එහි පාඩම්

[ඉන්දියාවේ විප්ලවීය සඟරාවක් වන, ජනතා සත්‍ය #7, (http://www.bannedthought.net/India/PeoplesTruth/PeoplesTruth07.pdf) කලාපයෙනි, 2009 සැප්තැම්බර්, 20-30 පිටු සහ 12 වෙනි පිටුව.]

රවීන්ද්‍රන් විසිනි

[පරිවර්තනය :  ශ්‍රී කාන්ත]

2009 මැයි 18 වැනි දින, ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ LTTE යට එරෙහිව දශක තුනක් තිස්සේ තිබූ යුද්ධය හමාර වූ බව ප‍්‍රකාශ කළහ. කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව අවසන් ජයග‍්‍රහණය දිනා ගෙන ඇති බව ඔහු ප‍්‍රකාශ කළහ. ශ්‍රී ලංකා හමුදාව සහ රජයත් LTTE නායක, ප‍්‍රභාකරන්, සහ අනෙකුත් ඔහුගේ ලූතිනන්වරු යුද්ධයෙන් මිය ගිය බව ප‍්‍රකාශ කොට ප‍්‍රභාකරන්ගේ මළ සිරුරේ සේයාරූ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය කළහ. 20 වෙනි දින, ශ්‍රී ලංකා රජය මේ ‘ජයග‍්‍රහණය’ ‘සැමරීම’ ට ජාතික නිවාඩු දිනයක් ප‍්‍රකාශයට පත් කළහ. මේ ප‍්‍රකාශය සිදු කිරීමට කල් ගැනීම ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ සමස්ත ලෝකයේ වර්ධනයන් දෙස සමීපව නිරීක්‍ෂණය කරමින් සිටි ජනතාව අතර සැක සංකා ඇති කළහ. ශ්‍රී ලංකා රජය ඕනෑකමින්ම ඉන්දියාවේ මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ ප‍්‍රවෘත්තිය විසුරුවා හැරීමෙන් එය පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා රජය සහ කොංග‍්‍රස් පක්‍ෂය විසින් මෙහෙයවන එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජය මෙය සමරන අතරතුර, ලොව මුළුල්ලේම ඊළාම් අරගලයට සහ කොටින්ට සහය දැක්වූවන්/හිතවාදීන් දශ ලක්‍ෂ ගණනක් දමිළ ඊළාම් වෙන්වීම පිණිස වූ අරගලය අවසානයට පත් වූ බව විශ්වාස කළ නොහැකිව කම්පිත වූහ. පැය 24ක් ඇතුළත, ශ්‍රී ලංකා රජයේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කළ කොටි, කොටින්ගේ නායකයා සහ අනෙකුත් LTTE නායකයින් අරක්‍ෂිතව සිටින බවත් දමිළ ඊළාම් අරගලය ඊළාම් ජනතාවට වෙනම නිජ බිමක් අත් කර දීමේ එහි අරමුණ සාක්‍ෂාත් කර ගන්නාතෙක් පවත්වාගෙන යන බව ප‍්‍රකාශයට පත් කළහ.

තමිල්නාඩුවේ සහ ලොව පුරා දමිළයෝ විරෝධතා ව්‍යාපාර පැවැත්වුහ, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සමහරක් පවා සිදු විණි. වෙනම ඊළාම් නිජ බිමක් සඳහා වූ සන්නද්ධ අරගලය අර්බුදයට ලක් කොට, LTTE ය අභිබවා තීරණාත්මක ජයග‍්‍රහණයක් ලබාගත්තේ යැයි ශ්‍රී ලංකා රජය කළ ප‍්‍රකාශය කෙසේ වුවද, අඩුම තරමින් අද වන විට, ශ්‍රී ලංකා රජය LTTE ය පරදවා ප‍්‍රධාන යුධමය ජයග‍්‍රහණයක් අත්පත් කර ගත් බවට කිසිදු සැකයෙක් නැත. අතිශයින් බලවත් ගරිල්ලා හමුදාවක් වූ, LTTE ය, එවැනි පරාජයක් ලබා තිබුණේ කෙසේද, ඔවුන්ට එවැනි පරාජයක් අත්කර දීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවූයේ කෙසේද? මේ පරාජයත් සමග, දශක තුන හමාරක කාලයක් තිස්සේ ස්වයං-තීරණය සඳහා වූ සන්නද්ධ අරගලය නිමාවට පත් වූයේද?  ශ්‍රී ලංකා රජය ඊළාම් ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරයිද? දමිළ ජනතාවට සිංහලයින් සමග ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් ලෙස ජීවත් විය හැකිද? ශ්‍රී ලංකාවේ දමිළයින්ගේ අනාගතය කුමක් වේද? නිදහස, ජාතික විමුක්තිය සහ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සටන් වදින්නන්ට සහ දමිළ ඊළාමය සඳහා අව්‍යාජව සහය දුන් අයවළුන්ට යන මේ සියල්ලටම මේවා වැදගත් ප‍්‍රශ්න වෙති. දමිළ ඊළාම් අරගලය අවබෝධ කර ගැනීම සඳහා එහි විකාශය සහ වර්ධනය දෙස බැලීම අත්‍යවශ්‍යවේ.

දමිළ ඊළාම් වෙන්වීමේ අවශ්‍යතාවයෙහි සම්භවය

ක‍්‍රි.පූ. 500දී දිවයිනට ඉන්දියාවෙන් පැමිණි විජය කුමාරයාගෙන් සිය සම්භවය සිදු වූ බව සිංහල ජනතාව ප‍්‍රකාශ කරති. විජය කුමාරයා පැමිණීමට පෙර දිවයිනේ ඒ වන විටත් දමිළයින් ජීවත් ව සිටියහ. සිංහල ඉතිහාසඥ සහ කේම්බි‍්‍රජ් පඬිවරයෙකු වන පෝල් පීරිස්

‘‘..ඉන්දියාවෙන් සැතපුම් 30 ක පමණ දුරින් පිහිටියා වූ රටක් වීම නිසා ඉන්දීය මස් මරන්නන් සෑම උදයකම මසුන් මැරීමට යාත‍්‍රා කරන විට එය දකින්නට ඇත, යාත‍්‍රා කිරීමට දන්නා මිනිසුන් මගින් ඉක්මනින්ම මිනිස්සු එය මහද්වීපයක් ලෙස අල්ලා ගන්නට ඇත… විජය කුමාරයා පැමිණෙන්නට බොහෝ කලකට පෙර, ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්දියාවේම ගෞරවයට පාත‍්‍රවූ සහ උරුමයක් බවට පත් වූ ශිවගේ හඳුනාගත් ඊශ්වරම් 5 ක් වූහ. මේවා තිරුකෙතීස්වරම් ළඟ මහාතිත්ත; මුන්නේශ්වරම්වලට නතුව තිබෙන සාලවත්තේ සහ පර්ල් ෆිෂරි; තොන්ඬේස්වරම් ළඟ මාන්තොට; තිර්කොනේස්වරම් ළඟ කොට්ටියාර් මහා බොක්ක සහ නකුලේස්වරම් ළඟ කන්කසන්තුරෙයි’’. (පෝල් ඊ. පීරිස්: නාගදීප සහ යාපනයේ බෞද්ධ නශ්ඨාවශේෂ: රාජකීය ආසියානු සංගමයේ ජර්නලය, ලංකා ශාඛාව 28 කාණ්ඩය)

1505 දී දිවයිනට පෘතුගීසි යටත්විජිතවාදීහු පැමිණෙන කාලය වන විට දමිළයන්-මත පදනම් වූ යාපනය, සහ සිංහලයින්-මත පදනම් වූ කෝට්ටේ සහ මහනුවර ලෙසින් හඳුන්වන රාජධානීන් 3 ක් විය. 1619 දී, පෘතුගීසි දමිළ රජු පරාජයට පත් කොට යාපනය රාජධානිය ඈඳා ගත්හ. 1656 දී, ලන්දේසි පැමිණුනු අතර පසුව 1796 දී, බි‍්‍රතාන්‍යයෝ දිවයින යටත් කර ගත්හ. 1802 දී, ලංකාව රැජිනගේ යටත් විජිතයක් විය. 1833 දී, මුලූ ලංකාවම පළමු වරට බි‍්‍රතාන්‍යයන් විසින් එක් පරිපාලනයක් යටතට ගනු ලැබිණි. එම කාලය තුළම, බි‍්‍රතාන්‍යයෝ තේ, කෝපි සහ පොල් වගාවන් වල වැඩ කිරීමට ශ‍්‍රමිකයින් තමිල්නාඩුවෙන් (තමිල්නාඩු- දකුණු ඉන්දියාවේ ප‍්‍රාන්තයකි) ගෙන ඒම ඇරඹූහ.

දශලක්‍ෂ 17 ක්, පමණ වන දිවයිනේ ජනගහනයෙන් 5න් එකක් දමිළ වන අතර තුන් කාලකට මඳක් අඩුවෙන් සිංහල වේ. දමිළ ජනතාව විශාල වශයෙන් උතුරු නැගෙනහිර සහ වතු වගාවන් ඇති මධ්‍යම කඳුකරයේ, වාසය කරන අතර රටේ දකුණ සහ බටහිර මෙන්ම මධ්‍යම පෙදෙස්වල සිංහල ජනයා වාසය කරති. උතුරු-නැගෙනහිර දමිළ නිජ බිම් ප‍්‍රදේශය වර්ග සැතපුම් 7,500 ක් හෝ වර්ග කිලෝමීටර් 19,509 ක් විය.

1919 දී, දමිළ සහ සිංහල යන දෙගොල්ලන්ගෙන්ම සමන්විත, ලංකා ජාතික සංගමය, දමිළ අයෙකු වූ අරුණාචලම් පොන්නම්බලම්ගේ නායකත්වය යටතේ පිහිටවූහ.  පසුව 1921 දී, ඔහු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වූයේ එය සිංහල පමණක් නියෝජනය කරන බව පවසමිනි. යටත්විජිත පාලනය යටතේ ඒකීය රාජ්‍යයක් ලෙස අවධාරණය කළ සොල්බරි ව්‍යවස්ථාව 1947 දී, ප‍්‍රඥප්ත කරන ලදි. 1948 බි‍්‍රත‍්‍රාන්‍ය අධිරාජ්‍යවාදීහු සිංහල කොම්ප‍්‍රෙදා්රු පංතියට බලය පවරා ලංකාවෙන් පිටත්ව ගියහ. සිංහල පාලක පංතිය, ශ්‍රී ලංකා දිවයින මුළුමනින්ම සිංහලයින්ගේ නිවහන ලෙස සලකන අතර ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යයකට සීමා කරන යටත් වීමට සහ ස්වීයකරණයට ලක් විය යුතු ‘පිටස්තරයින්’ ලෙස දමිල ජනතාව සලකනු ලැබීය.

1949 දී බලය ලබා ගත් වහාම, සිංහල පාලක පංතිය තමිල්නාඩුවෙන් ගෙන්වූ වතු කම්කරුවන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළහ. පුරවැසිභාවය පිළිබඳ 1949 පනත ඉන්දීය සම්භවයක් ඇති දශලක්‍ෂ ගණන් දමිළ වැවිලි කම්කරුවන්ට ප‍්‍රජා අයිතිය සහ රාජ්‍යය අහෝසි කළහ. 1949 දී ඊළාම් ජාතියේ පියා ලෙස හැඳින්වූ, S.J.V.චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ දමිළ ෆෙඩරල් පක්‍ෂය (FP) පිහිටවනු ලැබූහ. එහි පළමු සමුළුව 1951 දී පවත්වනු ලැබූ අතර උතුරු නැගෙනහිර පෙදෙස්වල ජීවත්වන දමිළයන්ට ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යය සහ පාලන බලය පිළිබඳ ෆෙඩරල් ආකෘතියක් සඳහා වන ව්‍යාපාරයක් උදෙසා වූ සිය අභිලාශය ප‍්‍රකාශයට පත් කළහ. 1956 දී, සොලමන් බණ්ඩාරනායක සිංහල ජාතිවාදී රැල්ල මත ඡන්දයෙන් තේරී පත්වූහ. 1956 දී සිංහල භාෂාව තනිකරම රාජ්‍ය භාෂාව ලෙස ප‍්‍රකාශයට පත් කළ අතර සිංහල බෞද්ධ ජාතිභේදවාදයට අනුබලදෙන වෙනත් ක‍්‍රියාමාර්ගයක් රජය හඳුන්වාදුණි. 1980 දී ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ, J.R.ජයවර්ධන, සිංහල ජාතිවාදයට විවෘතවම අනුබල දුන්හ ‘‘…වසර 2500ක් තිස්සේ පැවති සමස්ත සිංහල වර්ගයාට, සිය භාෂාව සහ ආගම අතිශය උන්නදුවකින් යුතුව ආරක්‍ෂා කර ගැනීමට, සිය ජන්ම අයිතියෙන් කොටසක්වත් නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සටන් කිරීමටකාලය පැමිණ තිබේ… මම ව්‍යාපාරය මෙහෙයවන්නෙමි…’’ (J.R.ජයවර්ධන, ශ්‍රී ලංකා ටි‍්‍රබියුන් (Sri Lanka Tribune) හි සිංහල විපක්‍ෂ නායකයාගේ වාර්තාව: 1957 අගොස්තු 30)

1958 දී, බණ්ඩාරනායක සහ දමිල නායක චෙල්වනායගම් ලංකාවේ උතුරු සහ නැගෙනහිර දමිළයින්ට පුළුල් පරාසයක බලයක් පවරමින් ෆෙඩරල් විසඳුමක් සඳහා (B-C ගිවිසුම) අත්සන් කළහ. නමුත්, ගිවිසුම අත්සන් කොට සතියක් ඇතුළත රජය සිංහල සහ බෞද්ධ ජාතිවාදීන්ගේ බලපෑමට යටත්ව ඒකපාර්ශ්වීයව ගිවිසුම අත් හළහ. මෙයට විරෝධය දැක්වීමක් ලෙස, සාමකාමී ප‍්‍රතික්‍ෂේප කිරීමේ ව්‍යාපාරයක් ෆෙඩරල් පක්‍ෂය විසින් දියත් කළහ. ඊට ප‍්‍රතිචාර දැක්වීමට රජය පොලිස් සහ හමුදා බලඇණි යවමින් ව්‍යාපාරය මර්ධනය කොට සිංහල පෙදෙස්වල දමිල-විරෝධී දාමරික කම් මුදා හළහ. 200 කට වැඩි දමිළයින් ප‍්‍රමාණයක් මරණයට පත් වූ අතර දහස් ගණන් විතැන් වූහ.

1959 දී බෞද්ධ පැවිද්දෙකු විසින් සොලමන් බණ්ඩාරනායක ඝාතනය කළාට පසුව, ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක, ලොව පළමු කාන්තා අගමැතිනිය බලයට පත් වූහ. ඇය සිංහල ජාතිවාදී ක‍්‍රියාමාර්ගයන් දිගටම ගෙන ගියහ. 1972 දී, ලංකාව ශ්‍රී ලංකා ලෙස නම් කොට බුද්ධාගම රටේ ප‍්‍රධාන ආගම බවට පත් කළහ. මේ ක‍්‍රියාමර්ගයන් තවදුරටත් දිවයිනේ දමිළයින් එදිරිවාදීබවට සහ පිටස්තරයින් බවට පත් කළහ. 1964 දී, සිරිමාවෝ-සාස්ත‍්‍රී ගිවිසුම රටක් නැති වැවිලි කම්කරුවන් ඉන්දියාවට නැවත පැමිණවීම සඳහා අත්සන් කළහ. 1965 දී, B-C ගිවිසුම දියාරු කිරීමක් වූ ඩඩ්ලි-චෙල්වා එකඟතාවය, අත්සන් කැරිණි. සිංහල වර්ගවාදීන්ගේ සහ බෞද්ධ පූජකවරුන්ගේ විරෝධය මත ගිවිසුම කි‍්‍රයාවට නැංවීමෙන් තොරව ඉවත දැමිණි. විරෝධය දැක්වීමක් ලෙස, පළාත් පාලන ඇමති, ෆෙඩරල් පක්‍ෂයේ තිරුචෙල්වම් ඉල්ලා අස්විණි.

1972 දී ලංකාව මැයි 22 වන දින ජනරජයක් බවට පත්වූ අතර නිළ වශයෙන් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළහ. ඇත්ත වශයෙන්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීමෙන් ඊළාම් සහ වතු වගා ශ‍්‍රමිකයින් යන දෙපාර්ශ්වයේම දමිළයින්, දෙවන පංතියේ පුරවැසියන් ලෙස ශ්‍රේණි ගත කිරීමට ඇද දැමූ සිංහල-අධිපතිවාදී ‘‘ජනරජ ව්‍යවස්ථාව’’ සමගි පෙරමුණු රජය රටට ප‍්‍රඥප්ත කළහ.

රාජ්‍ය අනුග‍්‍රහය යටතේ වර්ධනය වන සීමාන්තික ජාතිවාදයෙන් තර්ජනයට ලක් වූ දමිළ පක්‍ෂ ෆෙඩරල් පක්‍ෂය, G.G. පොන්නම්බලම් විසින් නායකත්වය දුන් දමිළ කොංග‍්‍රහය (TC), සහ තොන්ඩමන් විසින් නායකත්වය දුන් ලංකා කම්කරු කොංග‍්‍රසය (CWC), ඇතුළත්ව පිහිටුවා ගත් දමිළ එක්සත් පෙරමුණ (TUF), 1976 දී දමිළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) ලෙසින් නම වෙනස් කරන ලදි. කුඩා තරුණ කණ්ඩායමක් දමිළ නව කොටි (TNT) යන සටන්කාමී සංවිධානය පිහිටුවා ගත්හ; පසුව 1976 දී එහි නම දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලෙස වෙනස් වී යාපනය අර්ධද්වීපය තුළ දමිළ අයිතීන් සඳහා සටන් කිරීමට 17 හැවිරිදි වේලූපිල්ලෙයි ප‍්‍රභාකරන් විසින් නායකත්වය දෙනු ලැබූහ.

1974 දී උග‍්‍ර සිංහල ජාතිභේදවාදීහු කුමන්ත‍්‍රණය කර යාපනයේ පැවති ගෞරවනීය ජාත්‍යන්තර දමිළ සංස්කෘතික සම්මේලනයට පැමිණෙන්නන් වෙත සිංහල පොලිස් ප‍්‍රහාරයක් එල්ල කළහ. දමිළ ජාතිකයින් නව දෙනෙකු මරු මුවට පත් වූ අතර බොහෝ දෙනෙකු තුවාල ලැබූහ. විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේදී දමිළ සිසුන්ට සමාන අයිතීන් ලැබීම තහනම් කිරීමේ ‘‘ප‍්‍රමිතිකරණය’’ හඳුන්වාදීමත් සමග රජය විසින් දමිළ ජනතාවට සිදු කළ අසාධාරණයන්හි උච්චත්වයට පැමිණියහ. මෙම ක‍්‍රියාමාර්ගයන් දමිළ ජනතාවට උසස් අධ්‍යාපනය සහ රැකියා ලැබීම අහිමි කරමින් නොනැවතී ඔවුන්ට රාජ්‍ය පරිපාලන සහ පොලීසි, හමුදාවල තනතුරු දැරීම පවා අනුක‍්‍රමයෙන් වළකාලීම ඉලක්ක කර ගත්හ. 1976 දී ඔඹඛත්‍, ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ පැවැත්ම සහතික කරගැනීමට, ‘‘ස්වයං තීරණ අයිතිය මත පදනම් වූ, නිදහස්, ස්වෛරී, ආගම් රහිත, දමිළ ඊළාම් සමාජවාදී රාජ්‍යයක්’’ පිහිටුවීමේ ‘‘වඩ්ඩුකොඩායි විසඳුම’’ (“Vaddukoddai Resolution”) වෙත යොමු විය. දමිළ ඊළාම් රජයක් සඳහා වෙන්වීමේ සටන් පාඨය ඇතිව, TULF 1977 දී මහ මැතිවරණයට තරඟ කළහ. 90% කට වැඩි බහුතරයක් ඊළාම් වෙන්වීමට ඡන්දය ලබා දුන්හ. එය ජනමත විචාරණයක් පමණක් නොවුණු අතර දමිළයින්ගේ ස්වයංතීරණ අයිතියේ අරමුණු සඳහා සාමකාමී ක‍්‍රියාවලියක් විය. නමුත් සිංහල-බෞද්ධ උග‍්‍ර ජාතිභේදවාදීහු දමිළ අයිතීන් සහ අභිලාශයන් පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කරන ලදි; ඒ වෙනුවට රාජ්‍යය අනුග‍්‍රහය ලැබුණු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඔවුන්ගේ සැබෑ අයිතීන් පාගා දැමීමට මුදවා හරින ලදි. දමිළ ජනතාවගේ අනන්‍යතාවය සහ ඔවුන්ගේ ඉතිහාසය විනාශ කිරීමේ ක‍්‍රියාදාමය තුළ, නැවත කිසි ලෙසකින්වත් ලබා ගත නොහැකි සහ සංස්කෘතික වටිනාකමකින් යුත් දමිළ අත් පිටපත් ඇතුළුව, කෘතීන් 95,000 කට වඩා අන්තර්ගත ඉතා දුර්ලභ පොත් එකතුවක් සතු වූ යාපනය මහජන පුස්තකාලය ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ බලඇණි විසින් අමාත්‍යවරු දෙනෙකු වන, ගාමිනී දිසානායක සහ සිරිල් මැතිව් ගේ මග පෙන්වීම යටතේ පුළුස්සා විනාශ කර දමන ලදි.

විමුක්ති යුද්ධයේ-පූර්ව සමයේදී, 1983 ජූලි හිදී (කලූ ජූලිය ලෙසින් හැඳින්වුණු), ඉතා සැලසුම් සහගත ආකාරයට සිදු කළ, දමිළ විරෝධී ව්‍යාපාරය, ඉතා කෲරතම සහ සැවොම දන්නා සමූලඝාතනයයි. එය ශ්‍රී ලංකාවේ දමිළ බහුතරයක් ජීවත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පමණක් නොව රට පුරාම හැම තැනම සිදු විය. 4000 කට අධික ජනතාවක් ඝාතනය කෙරුණු අතර දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය. ඔවුන්ගේ දේපළ කොල්ලකෑමට සහ විනාශ කිරීමට ලක් විණි, එයින් ඔවුන්ගේ ජීවත්වීමේ ක‍්‍රමවේදයන් මුලිනුපුටා දැමීය. එපමණක් නොව සිරගෙවල්වල දමිළ සිරකරුවන්ගේ ඇස් උගුල්ලූවා මිලේච්ඡ ලෙස ඝාතනය කෙරිණි. දශලක්‍ෂ එකහමාරකට (1,50,000) වඩා වැඩි ජනතාවක් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සහ බටහිර රටවල් වලට පලා ගියහ. දාමරිකයන්ට ඍජුව උල්පන්දම් දෙමින්, ජනාධිපති ජයවර්ධන කීවේ ‘‘මම දමිළ ජනතාවගේ මතය ගැන සැලකිලිමත් වෙන්නෙ නැහැ… අපිට දැන් ඔවුන් ගැන හෝ, ඔවුන්ගේ ජීවිත හෝ ඔවුන්ගේ මතයන් ගැන හිතන්න බැහැ… ඔබ උතුරු පෙදෙස්වලට පීඩනය වැඩි කරත්ම, මෙහි සිංහල ජනයා වැඩියෙන් සතුටට පත් වේවි… ඇත්තෙන්ම මම දමිළයින් මැරෙන්නට අරිනවනම්, සිංහලයින් සතුටු වේවි.’’ (ජනාධිපති J.R.ජයවර්ධන, Daily Telegraph, 1983 ජූලි 11)

මේ සිදුවීම දමිළ ඊළාම් ජනතාවගේ ස්වයං-තීරණ අයිතිය සඳහා වූ අරගලයේ තීරණාත්මක හැරුම් ලක්‍ෂයක් විය. ඡන්ද අයිතිය අහෝසි කිරීම, රාජ්‍ය අනුග‍්‍රහය සහිතව දමිල නිජ බිම තුළ ක‍්‍රමානුකූලව උතුරු සහ නැගෙනහිර පෙදෙස්වල සිංහල ජනාවාස ඉදිකිරීම, භාෂාවට වෙනස්කම් කිරීම, රැකියා ප‍්‍රතිපත්ති සහ සරසවි ප‍්‍රවේශයේදී ‘ප‍්‍රමිතිකරණය’ වැනි ව්‍යවස්ථාදායක සහ පරිපාලන පනත් මාලාවකින් දිවයින පුරා සිංහල බෞද්ධ ආධිපත්‍යය වඩා ශක්තිමත් කිරීම බලාපොරොත්තු වුණු ශ්‍රී ලංකා රජයේ ‘‘පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’, ගැන දමිළ ජනතාවට තව දුරටත් විශ්වාසයක් නොවීය.

අරගලය අවිහිංසාවාදී, සාමකාමී මාවතෙන් සන්නද්ධ අරගලය දක්වා මාරු විය. දහස් ගණන් තරුණයෝ විවිධ සන්නද්ධ සංවිධානවලට එක් වූහ. ඔවුහු මුලින්ම ඉන්දියාව තුළ ඉන්දීය රජයේ සහයෝගය ඇතිව සන්නද්ධ පුහුණුව ලබන විට ඉන්දීය ව්‍යාප්තවාදීන්ට (සෝවියට් සමාජ-අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යය යටතේ) සිය ව්‍යාප්තවාදී අරමුණු සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට (එවක එක්සත් ජනපද ආධිපත්‍යය යටතේ පැවති) බලපෑම් එල්ල කිරීම ට ප‍්‍රශ්නය භාවිතා කිරීමට අවශ්‍ය වූහ. ජනතාව පාර්ලිමේන්තුවාදී සහ සාමකාමී ක‍්‍රමවේදයන් ඔවුන්ට ශිෂ්ට ලෙස ජීවත්වීමට ඇති අයිතිය මෙන්ම ඔවුන්ගේ අභිමානය සහ අයිතීන් සෝදාපාලූවට ලක් කොට තිබෙන බව අවබෝධ කර ගත්හ. එතැන් සිට ඔවුහු පාර්ලිමේන්තුවාදී දේශපාලකයන් ප‍්‍රතික්‍ෂේප කළ අතර මුළු හදවතින්ම සන්නද්ධ අරගලයට සහය දුන්හ. මේ කාරණය සඟවමින් ඉන්දීය රජය සහ මාධ්‍ය, විශේෂයෙන්ම ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති පත‍්‍ර සහ රූපවාහිනී නාලිකා, දමිළ ඊළාම් අරගලයේ ඉතිහාසය සිතාමතා විකෘති කරමින් සහ බොරු ප‍්‍රචාරය කරමින්,‘ත‍්‍රස්තවාදය’ යන ඔවුන්ගේ වචනය භාවිතා කරමින්, සන්නද්ධ අරගලය ගැන විශාල ආන්ෙදා්ලනයක් සහ මොරදීමක් ඇති කරමින් තිබුණි. එතැන් සිට, වසර කිහිපයක් තුළ LTTE ය, ඊළාම් වෙන්වීම සඳහා සටන් වදින ප‍්‍රමුඛ පෙළේ සංවිධානයක් ලෙස ඉදිරිපත් වෙමින් තිබුණි; මේ ක‍්‍රියාවලිය තුළ ඔවුහු සාහසික ලෙස අනෙක් සංවිධාන පාගා දැමූ අතර, ඔවුන් හැම කෙනෙක්ම මුලූමනින්ම පාහේ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයේ ඒජන්තයින් බවට පත්ව තිබුණි.

සිවිල් යුද්ධය සහ සාම කථා

1983 ජූලි, LTTE ය රටේ උතුරු පෙදෙසේ හමුදා භට පිරිසකට එල්ල කළ ප‍්‍රහාරයෙන් සොල්දාදුවන් 13 දෙනෙකු මරා දැමිණි. ජාතිභේදවාදී මනෝභාවයන් අවුස්සවමින් ශ්‍රී ලංකා රජය රට තුළ කොළඹ සහ අනෙක් පෙදෙස්වල සංහාරයන් සහ වධ දීම් සංවිධානය කළහ. දමිළයන් 4,000 ක් පමණ මරා දමන ලදුව, දහස් ගණන් සිංහල-බහුතරයක් විසූ පෙදෙස් වලින් පලා ගියහ. මෙය සිවිල් යුද්ධය හෝ පළමු ඊළාම් යුද්ධයේ ඇරඹුම සටහන් කළහ.

1983 දී සිවිල් යුද්ධය ඇරඹීමෙන් පසු, LTTE යේ මෑත පරාජය දක්වා, යුද්ධ හතරක් සහ සාම සාකච්ඡා හතරක් පැවැත්විණි. පළමු සාම ක‍්‍රියාවලිය 1985 දී භූතානයේ අගනුවර වන තිම්පු හි දී ඉන්දීය ව්‍යාප්තවාදීන්ගේ මැදිහත්වීම යටතේ ඇරඹුණි. LTTE ය සහ අනෙක් සන්නද්ධ සංවිධාන දමිළ ජනතාව වෙනුවෙන් වෙනම ස්වෛරී රාජ්‍යයක අවශ්‍යතාව අත් හරිමින් සාකච්ඡාවලට සහභාගි වුණද දමිළ ජනතාව ජාතියක් ලෙස පිළිගත යුතු බව සහ ශ්‍රී ලංකාව විසින් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශය එක් කොටසක් වශයෙන් ඊළාම් දමිළයින්ගේ නිජබිම ලෙස පිළිගැනීම ඇතුළුව වෙන් වීමට ඇති අයිතිය ද පිළිගත යුතු බව ඉදිරියට දැමීය. ශ්‍රී ලංකා රජය විසින් දමිළ ජනතාවගේ සැබෑ අභිලාශයන් පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා සාකච්ඡා බිඳ වැටුණි.

නමුත් ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් විසින් ජාතික විමුක්ති යුද්ධයේ නියැලූණු සන්නද්ධ හෝ ඊළාම් ජනතාවගේ නියෝජිතයන් ගේ සහභාගිත්වයක් නැතිව 1987 ජූලි 29 වන දින ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් තැබිණි. ඒ වෙනුවට ඉන්දීය ව්‍යාප්තවාදීහු තමිල්නාඩුව තුළ කඳවුරු ඇති කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම්වලට ඉඩ හළ අතර යුධ අවි, පතරොම්, සහ හමුදා පුහුණුව ඔවුන්ගේ එකඟතාව මත ලබා දුණි. ශ්‍රී ලංකා රජය දමිළයන්ට බලය විමධ්‍යගත කිරීමක් ලබා දෙමින්, ව්‍යවස්ථාවෙහි 13 වෙනි සංශෝධනය ඉදිරියට ගෙන ආහ. LTTE ය සහ ඊළාම් ජනතාව සිය අව්‍යාජ ඉල්ලීම වූ ස්වයං නිර්ණ-අයිතිය අහළකවත් නොවුණු, ඒකීය සිංහල රජයක් යටතේ පළාත් සභා බලතල පමණක් තිබෙන නිසා ගිවිසුම ප‍්‍රතික්‍ෂේප කළහ. තවදුරටත් ගිවිසුම ක‍්‍රියාවට නැංවීමට, ඉන්දීය රජය 140,000 ක ශක්තිමත් ‘‘සාම-සාධක’’ බල ඇණියක් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර කොටස් වලට යැවූහ, ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාව ඔවුන්ගේ යුද්ධෝපායික වාසි ආරක්‍ෂා කර ගත්හ. ‘‘ඉන්දීය රජයේ අවශ්‍යතාවයන්ට බාධා පමුණුවන ලෙස වෙනත් රටකට ශ්‍රී ලංකාව තුළ ඇති ත‍්‍රීකුණාමලය හෝ වෙනත් වරායන් භාවිතා කිරීමට ඉඩ නොදීමට’’ ශ්‍රී ලංකා රජය එකඟ විය.

ඉන්දීය රජය රඟ දැක්වූ මේ ක‍්‍රියාවලිය, ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු අව්‍යාජ සටන්කරුවන්ගේ සිත් තුළ සැක සංකා මතු කළහ. ඉන්දීය රජය තමන්ට හානිදායක දෑ සිදුකොට තමන්ව පාවාදී ඇති බව ඔවුන්ට හැෙඟන්නට විය. සාම සාකච්ඡා දිගටම පවතින විට LTTE ය සහ ඉන්දියාව අතර සබඳකම් තවදුරටත් වඩා නරක අතට හැරෙන්නට විය. 1988 ඔක්තෝබර් 4 දී, ශ්‍රී ලංකා නාවික හමුදාව බෝට්ටුවක් සහ පුලෙන්ද්‍රන් සහ කුමාරප්පා යන ඉහළ පෙළේ නායකයින්ද ඇතුළු LTTE ක‍්‍රියාකාරිකයින් 17 දෙනෙකු අත් අඩංගුවට ගත්හ. මෙයට මැදිහත් වී ඔවුන්ව නිදහස් කරන්නැයි LTTE ය ඉන්දීය රජයෙන් ඉල්ලීය. ඉන්දීය රජය රඟපෑ මෙම දෙබිඩි පිළිවෙතට එරෙහිව LTTE යේ දේශපාලන අංශයේ ලූතිනන් කර්නල් තිලීපන් විරෝධය පෑමට ආහාර වැරීමේ උපවාසයක නියුතුව පසුව මිය ගියහ. නමුත් රැඳවියන්ව කොළඹට මාරු කිරීම අරඹද්දී ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට උපායිකව සහය ලබා දුන්හ. ඉන් අනතුරුව සිරගත කෙරුණු සියළු LTTE සාමාජිකයෝ විරෝධතාවයන් සහ ගැටුම්වල ගිනි පුපුරු අවුළුවමින් සමූහ ලෙස සිය දිවි නසා ගත්හ. සාම සාකච්ඡා නැවතුණු අතර සිවිල් යුද්ධය නැවත ඇරඹිණි. ශ්‍රී ලංකා රජය ඉන්දීය සාම සාධක හමුදාවෙන් (IPKF) කැරලිකරුවන් මර්ධනය කරන්නැයි ඉල්ලා සිටියහ. 1988 ඔක්තෝබර් 9 වෙනි දින, ඉන්දීය සාම සාධක හමුදාව ‘‘පවන් මෙහෙයුම’’ යන කේත නාමයෙන් LTTE යට එරෙහි මෙහෙයුම ඇරඹූහ.

ඔවුහු සම්පූර්ණ මෙහෙයුම සති කීපයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වූහ. නමුත් අනපේක්‍ෂිත ලෙස ඔවුහු යුද්ධය තුළ එරුණු අතර, 1700 කට වඩා මරණයට පත් වී දහස් ගණනක් ආබාධිත බවට හා තුවාළකරුවන් බවට පත් විණි. අවසානයේදී 1990 මාර්තු වල ඔවුන්ට නින්දාසහගත ලෙස පසුබැසීමට බල කෙරිණි.

නැගෙනහිර පළාතේ පළාත් සභා ඡන්දය ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්වල ඒකාබද්ධ තුවක්කු බලයෙන් පවත්වන ලදි. LTTE ය ඡන්දය වර්ජනය කරන විට, EPRLF වැනි අනෙක් සටන්කාමී කණ්ඩායම් ඉන්දියානු ව්‍යාප්තවාදීන්ගේ පන්දම්කරුවන් වී එයට සහභාගිවූහ. අද පවා ඉන්දියානු රජය සහ එහි හොරණෑකරුවන් ‘වාර්ගික අර්බුදයට’ දේශපාලන විසඳුමක් යන මැයෙන් කෑ ගසමින් සිටින්නේ ඉන්දියානු ව්‍යාප්තවාදීන් විසින් 1987 දී ඇති කළ එකම ‘විසඳුම’ වටේ කේන්ද්‍රගත වෙමිනි. ඇත්තෙන්ම, සිංහල-බෞද්ධ වර්ගවාදීහු දමිළයන්ට මේ නාමික ‘බලය ලබාදීමට’ පවා එරෙහි වූහ. පසුව, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ‘ව්‍යවස්ථා විරෝධීයැයි’ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පහර දුන්හ.

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු සන්නද්ධ බල ඇණි විද්‍යාමාන වීමට සහ ගිවිසුමට වූ විරෝධය වටා එක්රොක් වීම සිංහලයින් අතරද විය. පේ‍්‍රමදාස රජය සිය චාටුකාර එදිරිවාදීන්ට, LTTE යට, ඉන්දියානු හමුදාවට එරෙහිව සටන් වැදීමට ආයුධ පවා සැපයූහ. ඔවුන්ගේ බලයෙහි අනතුරුදායක බව දැනීම නිසා පේ‍්‍රමදාස රජය ඉන්දියානු සාම සාධක හමුදාව ඉවත් කර ගන්නැයි ඉල්ලා සිටියහ. 1989 දී රජිව් ගාන්ධි මැතිවරණයෙන් පරාජයට පත් වීමත් සමග සහ තමිල්නාඩුවේ බලපෑම නිසා V.P.සින්ග් රජය ඉන්දියානු සාම සාධක හමුදාවට 1990 මාර්තු වලදී ඉවත් වීමට නියෝග කළහ. සාම සාධක හමුදාව ඉවත්ව ගිය පසු LTTE ය සහ කොළඹ අතර තාවකාලික සංහිඳියාවක් පැවතුණි. නමුත් 1990 ජුනි වලදී නැවත යුද්ධය පුපුරා ගියහ. මෙලෙස දෙවන ඊළාම් යුද්ධය ඇරඹුණහ.

ඉන්දියානු සාම සාධක හමුදාව ඉවත් කරගත් පසු, LTTE ය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිය තත්වය ශක්තිමත් කර ගත්හ. LTTE ය සමග සාමය යන සටන් පාඨයෙන් චන්ද්‍රිකා කුමාරතුංගගේ ජනතා සන්ධානය (PA) බලයට තේරී පත් වූ පසු, 1995 ජනවාරි වලදී සටන් විරාම ගිවිසුම අත්සන් කරන ලදුව සාකච්ඡා ඇරඹූණි. නමුත් ශ්‍රී ලංකා රජයේ දරදඬු ස්වභාවය නිසා එයත් අසාර්ථක වුහ. තෙවන ඊළාම් යුද්ධය 1995 අපේ‍්‍රල් වලදී පිපිරී ගියහ. ලංකා ගුවන් හමුදාව ජෙට් යානා මගින් නාවලී හි සාන්ත පීටර් පල්ලියට බෝම්බ දැමීමෙන් සිවිල් වැසියන් 125 දෙනෙකු මරා දමමින් සහ 150 කට තුවාල සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රජයේ යුධ ආක‍්‍රමණය වඩා බිහිසුණු තත්ත්වයකට පත් වූහ. සති හතක් තියුණු ලෙස සටන් කිරීමෙන් පසු රජයේ බල ඇණි දශකයක පමණ ආසන්න කාලයකට පසුව පළමු වරට සාර්ථකව යාපනය සිය පාලනය යටතට ගත්හ. ජයග‍්‍රහණය සනිටුහන් කිරීමට, ශ්‍රී ලංකා ආරක්‍ෂක ඇමති, අනුරුද්ධ රත්වත්තේ, යාපනය කොටුව තුළ 1955 දෙසැම්බර් 5 වන දින ජාතික ධජය එසවූහ. රජය ඇස්තමේන්තු කළ පරිදි අඩුම තරමින් සොල්දාදුවන් සහ කැරලිකරුවන් 2,500 ක් පමණ ආක‍්‍රමණයෙන් මරණයට පත් වී, 7000ක් තුවාල ලැබූහ.

LTTE ය 1999 දී දියත් කළ සිය ‘‘නොනවතින රැල්ල මෙහෙයුම’’ ප‍්‍රතිප‍්‍රහාරයෙන් සහ සතුරාට එල්ල කළ අනෙක් ප‍්‍රහාර 17 න් තමන්ට අහිමි වූ සියළු ප‍්‍රදේශ නැවත අත්පත් කර ගත්හ. දින තුනකටත් වඩා අඩු කාලයක් තුළ දියත් කළ එම තනි මෙහෙයුමෙන්, LTTE ය 1200 කට අධික ශ්‍රී ලංකා සොල්දාදුවන් මරා දැමූහ. එය ජාතීන් දෙක සම්මුතිගත ලෙස සටන් වැදුණු යුද්ධයකි. එය ශ්‍රී ලංකා හමුදාවේ සන්නද්ධ බල ඇණි වලට කිළිනොච්චි නගරය සහ අවට ප‍්‍රදේශ සමග ඇති සියළු ගොඩබිම් සහ මුහුදු සම්බන්ධතාවයන් කපා දමමින් අලිමංකඩ (ගෙඹි මෙහෙයුම) සාර්ථකව අල්ලා ගත්හ. 2000 අපේ‍්‍රල් 22 වන දින, 17 වසරක් තිස්සේ යාපනය අර්ධද්වීපය වන්නි ප‍්‍රධාන භූමියෙන් වෙන් කරන ලද, අලිමංකඩ හමුදා සංකීර්ණය සම්පූර්ණයෙන්ම බිඳ වැටී LTTE ය අතට පත් වූහ. 40,000 ක පමණ ශ්‍රී ලංකා සොල්දාදුවේ LTTE ය විසින් වට කෙරුණු පසු බිහිසුණු තත්ත්වයක් උද්ගත විය. විනාශ වීම හෝ යටත් වීම හැරෙන්නට ඔවුන්ට වෙන විකල්පයක් නොවීය. ඉන්දීය හා එක්සත් ජනපද මැදිහත්වීම හරහා පමණක් මෙය වළක්වනු ලැබීය. ඉන්දියානු රජය එවකට LTTE යට තර්ජනයක් වූ හෙයින් ඔවුන්ට තව දුරටත් ප‍්‍රගතියක් අත් නොවුණා මෙන්ම දරුණු ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු විය. ඒ මදිවට ශ්‍රී ලංකා සොල්දාදුවන්ගේ දිවි ගලවා ගැනීමට ඉන්දීය නාවික යාත‍්‍රා ද එවනු ලැබිණි. ඉන්දීය හෝ එක්සත් ජනපද රාජ්‍යයන්හි තර්ජනයකට සූදානම්ව නොසිටි බැවින් LTTE ය ඉදිරියට නොගියහ.

දමිළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නයට යුධමය විසඳුමක් දීමට සිංහල පාලක පංතිය අසමත් වීමත් සමග, රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය සාම කරලිය උඩ තරඟ වැද 2001 මැතිවරණය ජයගති. නෝර්වේ මැදිහත්වීම මත 2001 දෙසැම්බර් සාම සාකච්ඡා නැවත ඇරඹිණි. LTTE ය දින 30ක සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු රජය විසින්ද එය ප‍්‍රකාශයට පත් කළහ, විධිමත් අවබෝධතා ගිවිසුමක් (MoU) 2002 පෙබරවාරි 22 අත්සන් කොට, නිත්‍ය සටන් විරාම එකඟතාවය, CFA, පිහිටුවනු ලැබූහ. සටන් විරාමය නිරීක්‍ෂණයට විශේෂඥ කමිටුවක්, ලංකා නිරීක්‍ෂණ මෙහෙය, නෝර්වේ සහ අනෙක් නෝඩික රාජ්‍යයන්ගෙන් යුක්තව පිහිටවූහ. පළමු සාම කථාබහ 2002 සැප්තැම්බර් 16 වන දින තායිලන්තයේ ඵූකට් හි දී පවත්වනු ලැබූහ, මෙහි සාකච්ඡා වට බොහෝ ගණනක් විය. LTTE ය ඔවුන්ගේ කළින් සථාවරය වූ දමිළ ඊළාම් බෙදීම සමථයකට පත් කරගෙන අන්තර්වාර ස්වයං-පාලන (Interim Self-Governing Authority – ISGA) බලයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කොට, ඊළාම් ප‍්‍රශ්නය සඳහා ෆෙඩරල් විසඳුමකට එකඟ විය. රජයද පළමු වතාවට ඔවුන්ගේ පාර්ශ්වයෙන්, දමිළ ජනතාව කලින් යෝජනා කළ බලය විමධ්‍යගත කිරීමට වඩා දුර යමින් ෆෙඩරල් විසඳුමකට එකඟ විය. කොටි සංවිධානය ISGA සහමුලින්ම LTTE ය විසින් පාලනය කිරීමට සහ උතුරු-නැගෙනහිර පෙදෙස් වලද පාලන බලය හැසිරවීමට යෝජනා කළහ. රනිල් වික‍්‍රමසිංහ උතුරු නැගෙනහිර කලාප LTTE යට මාරු කරන්නේ යයි කෑ ගසමින් ශ්‍රී ලංකාවේ දකුණු පෙදෙස්වල සිංහල-බෞද්ධ උග‍්‍ර ජාතිභේදවාදීන්, විශාල ඝෝෂාවක් සහ වැළපිල්ලක් ඇති කොට රජයට සාම ගිවිසුම විධිමත් ලෙස පවත්වාගෙන යාමට හැකි නොවන සේ බලපෑම් කළහ.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ISGA ට එරෙහි වී හදිසි නීතිය ප‍්‍රකාශ කළහ. ඉන්දියානු ව්‍යාප්තවාදීහු සහ ඔවුන්ගේ පා ලොවින්නන් වන ද හින්දු, N. රාම්, සුබ‍්‍රමන්‍යා ස්වාමි යන අය මේ කරුණු සහ සත්‍යය ඉන්දියානු ජනතාවගෙන් සඟවමින් (LTTE ය සම්මුතියකට එළඹෙන්නට පවා කැමතිව සිටියදී), LTTE ය විනාශකාරී ක‍්‍රියාවන්ට පමණක් කැමති කිසිදු සාකච්ඡාමය එකඟතාවයකට නොකැමැති ‘ත‍්‍රස්තවාදී’ සංවිධානයක් යැයි ඉහළට නැග කෑ ගැසූහ. ඉන්දියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හතරවෙනි ප‍්‍රාන්තය ඇත්තෙන්ම ඉන්දීය මහ ධනපතියන්ගේ සහ ශ්‍රී ලංකා ජාතිවාදීන්ගේ ඒජන්තයින් ලෙස ක‍්‍රියා කොට දමිළ ඊළාම් ජනතාවගේ සෑබෑ අයිතීන්ට සහ LTTE ය නිරතව සිටි යුක්ති සහගත සන්නද්ධ අරගලය ට එරෙහිව පොදුජන මතය සකස් කළහ. ජාතික ප‍්‍රශ්නය වෙත වෙනත් විසඳුමක් වෙත ළඟා වීමට හැකියාවක් නොතිබියදීත්, සාම සාකච්ඡා ඉදිරියට නොගියද, සටන් විරාමය 2006 ජූලි දක්වා පැවතිණි.

මහින්ද රාජපක්‍ෂ, සුප‍්‍රකට ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණ සමග මැතිවරණ සන්ධානයට එක්ව, 2004 දී වික‍්‍රමසිංහ පරාජයට පත් කරමින් බලයට පත් වූහ. විවෘතවම සාම ක‍්‍රියාවලියට එරෙහි වූ රාජපක්‍ෂ, LTTE යට එරෙහි විශාල ආක‍්‍රමණයක් සැලසුම් කළහ. පැරණි පරාජයන්ගේ පාඩම් සැලකිල්ලට ගනිමින් ඔහු සිය මිත‍්‍ර රටවල්වලින්, විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය, මගින් එකට එක් කළ ආර්ථික, යුධමය සහ දේශපාලනමය යන අත්‍යවශ්‍ය සහයෝගය කෙරේ අවධානය යොමු කොට, සිය බලඇණි අවසන් ප‍්‍රහාරයක් සඳහා සූදානම් කළහ. එය LTTE යට එරෙහිව විශේෂයෙන්ම LTTE යට දමිළ ඩයස්පෝරාව හරහා ශක්තිමත් සහයෝගයක් තිබෙන,  බටහිර රටවල්වල තානාපති මෙහෙයුම් පවා දියත් කළහ. ඊට අමතරව රජය LTTE ය භේද කොට බිඳ දමා, කරුණාව ඊළාම් ජනතාවගේ ද්‍රෝහියෙකු බවට පත් කර සිය පාර්ශ්වයට දිනා ගති. මෙය පමණක් LTTE ය නැගෙනහිර ප‍්‍රදේශය තුළ බිඳ වැටීමට හේතු විණැයි නොසිතිය යුතුය, ඒ හැර රජයට මේ දක්වා දැන ගත නොහැකිව තිබූ බොහෝ යුධමය රහස් අනාවරණය විණි.

හතරවෙනි ඊළාම් යුද්ධය ඇරඹීමත් සමග LTTE ය විසින් වසා දමා තිබූ, මාවිල් ආරු සොරොව්ව විවෘත කිරීමේ ව්‍යාජ හේතුව සමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2006 ජූලි 26 වෙනි දින, ආක‍්‍රමණයක් දියත් කළහ. මෙය මගින් රජය යටතේ පාලනය වන නැගෙනහිර 15,000 වඩා වැඩි ගම්මාන ප‍්‍රමාණයකට වාරි ජලය සපයනු බව කියනු ලැබේ. ශ්‍රී ලංකා නිරීක්‍ෂණ මෙහෙය LTTE ය සොරොව් ගෙට්ටුව විවෘත කිරීමට නම්මවා ගත්හ. නමුත් ශ්‍රී ලංකා රජය ‘‘උපයෝගීතා දෑ කේවල් කිරීමට භාවිතා කළ නොහැකි යයි’’ යන ප‍්‍රකාශයත් සමග ආක‍්‍රමණය නැවැත්වීම ප‍්‍රතික්‍ෂේප කළහ. ශ්‍රී ලංකා නිරීක්‍ෂණ මෙහෙය ප‍්‍රහාරයන් හෙළා දැක ‘‘ඉතා පැහැදිලිවම ඔවුන්ට (රජය) ජලය ගැන කිසිදු සැලකිල්ලක් නැත. ඔවුහු වෙන යම් දෙයක් ගැන රුචියෙන් සිටී’’ යයි ප‍්‍රකාශ කළහ.

2006 සිට ඉදිරියට යන්නට වූ රජයේ බල ඇණි අනුක‍්‍රමයෙන් නමුදු ශක්තිමත් ලෙස පෙර LTTE යේ පාලනයට නතුව පැවති ප‍්‍රදේශ එකකට පසු එකක් වශයෙන් අල්ලා ගන්නට විය. පළමුවෙන්ම රජය 2007 ජූලි වන විට නැගෙනහිර මුළු පාලනය අත් කර ගැනීම කෙරේ කේනද්‍රගත වූහ. යුධමය වශයෙන් ජයග‍්‍රහණය කළ පසු දේශපාලන වශයෙන් තහවුරු කර ගැනීමට මැතිවරණ කෝලම පවත්වා ද්‍රෝහී කරුණාගේ පක්‍ෂය, ටැමිල් මක්කල් විදුතලයි පුලිගල් (TMVP), බලයට ගෙන ආහ. එතැන් සිට, 2007 සැප්තැම්බර් වලදී, එය උතුර මත කේන්ද්‍රගත වී, පළමුවෙන්ම මන්නාරම අල්ලාගත් පසු එය LTTE ය විසින් පාලනය කළ අනෙක් සියළු ප‍්‍රදේශ අවසානයේදී අත්පත් කරගැනීමට මං සැලසූහ.

සිවිල් යුද්ධය ඇරඹීමෙන් පසු, පසුගිය 25 ස් වසර තුළ, LTTE ය විසින් පාලනය කළ භූමිය යුද්ධයේ සංවර්ධනයට අනුව අඩු හෝ වැඩි වූහ. නමුත්, මෑත යුද්ධයේදී එහි පරාජය තෙක්, එය හැමවිටම සිය පාලනය යටතේ කිසියම් ප‍්‍රදේශයක් හැසිරවූහ. LTTE ය සිය ප‍්‍රදේශ තුළ සමාන්තර රජයක පාලනය ගෙන ගියහ. එය සතුව අධිකරණ, පොලීසි, ආදායම්, රූපවාහිනී සහ රේඩියෝ මධ්‍යස්ථාන, මූල්‍ය සහ බැංකු කටයුතු, සංක‍්‍රමණික, ව්‍යාපාරික, කෘෂිකර්මය යනාදී ආකෘතීන් පැවතියහ. යුධමය වශයෙන්, LTTE ය 1983 දී 30 දෙනෙකුගේ ගරිල්ලා බල ඇණියක සිට දහස් ගණන් බල ඇණි සහිත වූ සම්මත හමුදාවක් දක්වා වර්ධනය වූහ. එය සතුව පාබල බි‍්‍රගේඩ, කාන්තා බි‍්‍රගේඩ, කොමාන්ඩෝ ඒකක සහ බිම් බෝම්බ ඇතිරීමට විශේෂඥ ඩිවිෂන්, ස්නයිපර්, මෝටාර් සහ ආටිලරි වෙඩි, ප‍්‍රතිරෝධී ටැංකි සහ සන්නද්ධ කාර් යනාදිය විය. කොටි සතුව මුහුදු කොටි ලෙසින් හඳුන්වනු ලැබූ නාවික අංශයක් තිබුණු අතර ගුවන් කොටි ලෙසින් හැඳින්වූ ගුවන් ඒකකයක් වූ ලොව එකම ගරිල්ලා හමුදාව එය විය. LTTE ය සතුව නාවික යාත‍්‍රා බොහොමයක් සහ සීමිත ගුවන් යානා ප‍්‍රමාණයක් විය.

==>> II කොටස බලන්න

Advertisements

Posted on February 13, 2014, in CPI Maoist, Eelam, India, International, Maoism, People's War, Self-Determination, Sinhala, Sri Lanka, Tamil and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: