ලෝක ධනවාදී සහ අධිරාජ්‍යවාදී ක‍්‍රමය මුහුණදෙන ඇවිස්සී ඇති අර්බුද

ලෝක ධනවාදී සහ අධිරාජ්‍යවාදී ක‍්‍රමය මුහුණදෙන ඇවිස්සී ඇති අර්බුද

MKF_assemblee

– කම්කරුවන්ගේ විජයග‍්‍රහණයට එරෙහි ධනේශ්වරයේ ආක‍්‍රමණයක්
– ෆැසිස්ට් කණ්ඩායම් වල නැගී සිටීමක්
– පොදුජනයාගේ කණ්ඩායම් අතර ප‍්‍රතිගාමී අදහස්වල මතුවීමක්
– ජනතා ව්‍යාපාර අතර ව්‍යාකූලතාවය, සමාජ-ජාතිභේදවාදය සහ අවස්ථාවාදය මතුවීමක්
– ධනේශ්වර මාධ්‍ය උපකරණ මේ අදහස් පැතිරවීමට වාහකයක් වේ.

විප්ලවීය ව්‍යාපාරයට මගපෙන්වන බලවේගය ලෙස නිර්ධන පංතියේ කොමියුනිස්ට් පක්‍ෂය ගොඩ නැගීමේ වගකීම ගැනීමට කොමියුනිස්ට්වරුන්ට සිදුවේ.  නිර්ධනීන්ගේ සහ ජනතාවගේ ජයග‍්‍රහණය උදෙසා, ධනේශ්වර රජය විනාශ කර දැමීමට සහ නිර්ධන පංතියේ ආඥදායකත්වය පිහිටුවීමට විප්ලවීය අරගලයට නායකත්වය දීමේ යථා දර්ශනය ඇතිව, කම්කරු පංතිය සමග සන්ධානගත විශාල ජනකායක් එක්රැස් කරමින් එක්සත් පෙරමුණක් ගොඩනගන්න, සංවර්ධනය කරන්න.

ජනතා ව්‍යාපාර ධනේශ්වර ස්ථාවරයන්ට සම්බන්ධ කරන සහ බලවත් කරන ප‍්‍රතිසංස්කරණවාදී ස්වරූපයන් සහ විප්ලවීය මාවත අතර පැහැදිලි ලෙසම සීමා මායිම් ලකුණු කිරීම අත්‍යවශ්‍යය.

උපායිකව, කම්කරු පංතිය, නිර්ධන පංති විප්ලවයේ විජයග‍්‍රහණය උදෙසා ධනවාදයට සහ උන්ගේ රජයට එරෙහි අරගලය නිශ්චය කරමින් සිටී.

නිර්ධන පංති සහ ජනතා ව්‍යාපාරවලට මුවාත තබමින්, කම්කරු පංති ස්වාධිපත්‍යය නැවත ගොඩනැගීම වෙනුවෙන්, කම්කරු පංතියේ දේශපාලනික මෙන්ම ආර්ථික අරගලයේ පෙරමුණට පක්‍ෂය පැමිණිය යුතුය.

මේ ක‍්‍රමය ඉබේම බිඳ වැටෙන්නේ නැත, සෑම පෙරමුණකම පියවරෙන් පියවර දිග්ගැස්සුණු මහජන යුද්ධයක නිරත වෙමින් සහ උපායික සංවිධානමය තත්ත්වයන් සූදානම් කොට සටන් වැද ධනේශවර ක‍්‍රමය පරාජයට පත් කළ යුතුය.

එම නිසා අපේ සංවිධාන දෙක සහ එමෙන්ම හිතවාදීහු, මාක්ස්-ලෙනින්-මා ඕවාදීන් තනි පක්‍ෂයක් ලෙස එක්සත් කිරීමේ ක‍්‍රියාවලියේ ආරම්භක පියවර තබා තිබේ.

එක්සත් වීමේ ක‍්‍රියාවලිය ඔස්සේ අපේ න්‍යායික දැනුම ගැඹුරු කිරීමට සහ එය ප‍්‍රායෝගිකත්වයට නැංවීමට, අපි එකට එක්වී ඒකීය දින සංවිධානය කළෙමු.

මේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන්, වර්ධනය වෙමින් තිබෙන ජාත්‍යන්තර මා ඕවාදී ව්‍යාපාරයේ සමගිය සහ සංවර්ධනය ශක්තිමත් කිරීමට ඉඩ සලසනු ඇත. ඉන්දියාව, පිලිපීනය, පේරු, තුර්කිය, නේපාලයේ මා ඕවාදීහු මහජන යුද්ධයේ නිරත වෙමින් හෝ ප‍්‍රතිසංවිධානය වෙමින් සිටී.

කොමියුනිස්ට් සංවිධාන – රතු අනාගතය (Red Future); ප‍්‍රංශයේ මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය (MCPF); සහ හිතවාදීහු.  

Advertisements

Posted on October 3, 2013, in France, International, Sinhala and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: