ඒකාබද්ධ මැයි ප‍්‍රකාශනය 2013

ඒකාබද්ධ මැයි ප‍්‍රකාශනය 2013

මහ ජනතාවට ධනවාදී, අධිරාජ්‍යවාදී රජයන් සහ ඒවාට කඹුරන රජයන් පෙරලා දැමීමට අවශ්‍යයි!
විප්ලවයට පෙළ ගැසීම සඳහා නිර්ධනීන්ට සමගිය අවශ්‍යයි!
ලෝක නිර්ධන පංති විප්ලවය උදෙසා මහජන යුද්ධ දියුණු කිරීමට සහ අධිරාජ්‍ය විරෝධී අරගල වලට කොමියුනිස්ට්වරු සහය දෙති!

අධිරාජ්‍යවාදය ‘‘ධනවාදයේ ඉහළම අවධියයි’’ – එය ‘‘පරපෝෂිත සහ නටඹුන් වන’’ අවධියකි (ලෙනින්, අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහළම අවධියයි). හැකි ඉක්මනින් එය වළලා දැමීමට දැන් කාලය එළඹ තිබේ. ධනවාදයේ අර්බුද වූ කලී වේදනාව පුපුරු ගස්වන නිදන්ගත රෝගයකි. එය එහි විනාශය සඳහා පදනම සකසයි.

ධනවාදී සමාජයේ අර්බුදය යනු අධිනිෂ්පාදනය නැමැති අර්බුදයයි: ‘‘මෙම අර්බුද වලදී ඊට කලින් හැම වකවානුවකදීම අමන කි‍්‍රයාවක් සේ පෙනී යා හැකි සාමාජීය වසංගතයක් – අධි නිෂ්පාදනය නැමැති වසංගතය දසත පැතිර යයි. හිටිහැටියේ සමාජය ම්ලේච්ඡුත්වය කරා ආපසු ඇද වැටුණු සැටියක් දැනෙයි.’’ (මාක්ස් එංගල්ස් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනය)

මේ පැමිණ ඇත්තේ අර්බුදයට වන්දි ගෙවීම සඳහා ධනේශ්වර පංතිය විසින් නිර්ධනීන් සහ ජනතාව නිර්මාණය කිරීම තීව‍්‍ර කරන කාලයයි. මාක්ස් සහ එංගල්ස් වසර 150 කට පමණ පෙර කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනයේදී ලියූ පරිදි ‘‘රදළ ක‍්‍රමය මුළින් උපුටා දැමීමට ධනපති පංතිය පාවිච්චි කළ අවි, දැන් ධනපති පංතියට එරෙහිව එල්ල වීමට පටන් ගෙන ඇත. තමනට මරණය ළඟා කරන අවි ධනපති පංතිය නිපදවූවා පමණක් නොව, මෙම අවි තමනට විරුද්ධව එල්ල කරන මිනිසුන්ද, එනම් සමකාලීන කම්කරුවන්, නිර්ධනීන් බිහි කළේය.’’

අද ලෝක නිර්ධන පංතිය වෙන කවරදාකටත් වඩා සංඛ්‍යාත්මකව විශාල වී සිටිත්, ජනතාව සමග ඔවුහු ලෝක ජනගහනයෙන් අවම වශයෙන් සියයට 90 ක් වත් නියෝජනය කරති, මේ සියයට 90 වූ කලී අර්බුද වලින් බැට කමින් සිටින සමාජය තුළ විප්ලවීය වෙනසක් අපේක්‍ෂා කරන කොටසයි. ‘‘නිර්ධන පංතික ව්‍යාපාරය, අති බහුතරයේ වුවමනාවන් සඳහා වූ අති බහුතරයේ ස්වාධීන ව්‍යාපාරයයි.’’ (එම)

ගෝලීය ධනවාදයේ මූල්‍ය අර්බුද ගැඹුරු වෙමින් සහ පළල් වෙමින් පවතී. පසුගාමී රටවල සියළු සම්පත් (මානව සහ ද්‍රව්‍යමය) කොල්ලකෑම අරබයා අධිරාජ්‍යවාදීහු අතරම කුලල්කා ගැනීම් හටගෙන ඇත, මීට අමතරව මේ අර්බුද ලිහා ගැනීමට ඔවුන්ගේම රටවල්වල කම්කරුවන් සහ මධ්‍යම පන්තිකයින් සූරා කෑම උග‍්‍රවී ඇත.

මෙය ලාභ ශ‍්‍රමය ඇති රටවල්වල, මහත් විනාශකාරී රැකියා සහ කම්කරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂක වියදම්වලට අළුත් සහ තව තවත් නිෂ්පාදන ක‍්‍රම හඳුන්වාදෙමින් නිෂ්පාදනය විතැන් කිරීමට මග සලසමින් යුරෝපයේ සහ ධනවාදී රටවල, නිෂ්පාදන, වෙළඳ සහ සේවාවන් ප‍්‍රතිව්‍යූහගත කිරීමෙන් හටගත් ප‍්‍රතිඵලයකි. මේ මොහොතේදී, බදු වැඩි කරමින්, ප‍්‍රතිලාභ අඩුකොට වැටුප් පහත හෙළයි. සාමාන්‍යයෙන් අර්බුදය තීව‍්‍රකරණය යන්නෙන් අදහස් කරනුයේ ‘‘කුඩා වෙළඳුන්, සිල්ලර වෙළෙන්දන් සහ ගම්බද වෙළෙන්දන් අනුක‍්‍රමයෙන් නිර්ධන පංතිය දක්වා කිදා බැසීමයි’’ (එහිම..).

අධිරාජ්‍යවාදය මගින් පීඩනයට පත් කරනු ලබන රටවල්වල, සිය ප‍්‍රාදේශීය මුරබල්න්ගෙන් ආරක්‍ෂාව ලබා ගෙන සිටින, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඒකාධිපතීත්වයට නිර්ධනීන් සහ අප‍්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමෙරිකානු ජනතාව යටත් කොට තිබේ; මේ බලවත්තු ප‍්‍රාදේශීය මුරබල්ලන් තමන්ගේ අභිලාෂයන් ආරක්‍ෂා නොකරන විට හෝ තදින්ම ආරක්‍ෂා නොකරන විට ඔවුන්ව නොතකා හරියි. ‘‘බෙදා වෙන්කිරීමේ සහ පාලනයේ’’ ප‍්‍රතිපත්ති භාවිතා කරන අධිරාජ්‍යවාදී බලවත්තු – ඔවුන්ගේ සේවයකයින් වී සිටින පාලනයන්ට සහ ඔවුන්ට නොදිරවන ඒවා පෙරලා දමන්ට යන මේ දෙකටම කිසිදු පැකිලීමක් තොරව හමුදාමය මැදිහත්වීම් සිදු කරති – එමෙන්ම ඔවුන්ගේ මර්ධනයට එරෙහි මහජන විරෝධය බිඳ දැමීමට සහ ඔවුන්ගේ අභිලාෂයන් රැක ගැනීමට වාර්ගික සහ ආගමික ඝට්ටනයන් අවුස්සවති. ඔවුහු ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික, සහ මතවාදී ආධිපත්‍යය හසුරුවා ගැනීමට උපායයන් ලෙස ආගමික ලෙස බුද්ධිය අවරෝධනය (බුද්ධිය විනාශ කිරීම) කිරීම හෝ ආගමික නොවන විමුක්තිය මත බලාපොරොත්තු තබති. තුන්වන ලෝක බලවතුන් බවට පත්ව සිටින – චීනය, ඉන්දියාව, බ‍්‍රසීලය හෝ දකුණු අප‍්‍රිකාව – සහ අනෙක් පීඩිත රටවල පාලක පංති, උපරිම ලෙස ශ‍්‍රම බලවේග සූරා කෑමට සහ අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ අභිලාෂයන් තුළම අමු ද්‍රව්‍ය හැසිරවීමට බලය ලබා ගැනීම සහතික කරගැනීමට තමන්ට කළ හැකි හැම දෙයක්ම කරමින් සිටී.

අධිරාජ්‍යවාදී සහ පීඩිත රටවල පාලක පංති, නිර්ධනීන් සහ ජනතාව සූරාකෑමේ සහ පරිපීඩනය කිරීමේ සිය ප‍්‍රතිපත්ති භාවිතාවට නගන ප‍්‍රතිගාමී දක්ෂිණාංශික බලවේග මෙන්ම ප‍්‍රතිසංස්කරණවාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සංශෝධනවාදී බලවේග තමන්ගේ මුර බල්ලන් ලෙස භාවිතා කරත්. නිළ වෙළඳ සංගම් විවිධ රජයන් සමග ,සකසුරුවම් ක‍්‍රියාමාර්ගයන්, සහ පෞද්ගලීකරණය කිරීමේ කූටෝපායයන් සඳහා සහයෝගිතාවයෙන් වැඩ කරමින් එමෙන්ම රජයට සහ අධිකාරීන්ට එරෙහිව හැප්පෙන අරගල නවතා ලීමට කම්කරුවන් ඔවුන් සමග සාමදාන කරවයි. සමාදාන වීම් හැමවිටම ධනවාදීන්ගේ ශක්තිය වැඩි කිරීමට ඉඩහරින අතර වසර සිය ගණනක් තිස්සේ අරගලවලින් යටිකූට්ටු උගුල් ඇද කම්කරු පන්තිය අභිබවීමෙන් ඔවුන් සිය විනාශකාරී වැඩ පිළිවෙල දිගටම ගෙන යනු ලබයි.

අධිරාජ්‍යවාදී රටවල්වල, වඩාත් එළිපිට ප‍්‍රතිගාමී දක්‍ෂිණාංශික සහ ප‍්‍රතිසංස්කරණවාදී සහ සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී ‘‘වම’’ ජනතාවගේ සහ නිර්ධනීන්ගේ කොටස ශක්තිමත් කරනු වෙනුවට විවිධ ආකාරයන් හරහා ‘‘ජාතික අනන්‍යතාවය’’ ඔසවා, පැරණි සහ නව ෆැසිස්ට්වාදයන්ට ෙදාර මෙලෙස විවර කරයි. බොහෝ ජනතාවාදී, ෆැසිස්ට්වාදී සහ නව නාසි පක්‍ෂ සහ සංවිධාන සියළුම සම්ප‍්‍රදායික පක්‍ෂ සහ ආයතන මගින් වගාකරන ලද පොලොව මත වැඩෙමින් පවතී. ධනේශ්වර පංතිය සිය ක‍්‍රමය සහ එහි ආයතන පොලිස් රාජ්‍යයන් මගින් සහ ජනතාව මැතිවරණ වලට සහභාගි කරවා ගැනීම මගින් ආරක්‍ෂා කර ගනී. අන්න ඒ නිසා නිර්ධනීහු සහ ජනතාව ඡන්ද වර්ජනය කිරීම දියුණු කිරීම සහ පංති අරගලය තියුණු කිරීම සිදු කළ යුතුයි.

‘‘කැරලි ගැසීම යුක්ති සහගතයි’’ (මා ඕ සේතුං)

අර්බුදයට මුහුණ දීමත් සමග නිර්ධනීහු – නරගවල සහ ගම්වල කම්කරුවන් කැරලි ගසමින් සිටී. කම්හල් වැසීමේහි තර්ජනයට ලක්ව සිටින ඒවායේ කම්කරුවෝ, වැඩ කිරීමෙහි තත්ත්වය පහත හෙලීමට, වැටුප් කැපීමට සහ වැඩ කිරීමේ කාලය ඉහළ දැමීමට එරෙහිව සටන් වදින්නේ මේ අර්බුදයට වන්දි ගෙවීමට ඔවුන්ට අවශ්‍ය නොවන නිසාය. ගොවි සහ කෘෂි කටයුතු කම්කරුවන් විරෝධතාවයන් දක්වන අතර සමහර විට ඉඩම් අත්පත් කර ගනියි. නිවාස වලින් එළවා දැමීමට, බදු වැඩි කිරීමට, ඔවුන්ගේ පරිසරය වැනසීමට, මහජන සේවා ලිහිල් කිරීමට, සංගම්වල නිදහසට සහ තරුණ අයිතීන්ට, කාන්තාවන්ට පහරදීමට යනාදී මේවාට එරෙහිව සටන් වැදීමට ජනතාව එක්රොක් වෙයි.

ප‍්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, සහ ඉතාලියේ මෝටර් රථ සහ ලෝහ වැඩ කම්කරුවෝ, ස්පාඥ්ඥයේ ආකර කම්කරුවෝ, නිවෙස් අහිමිවීමට එරෙහිව ජනතාව සටන් වදින අතරතුර, කැනඩාවේ දැවැන්ත ශිෂ්‍ය අරගල සහ එමෙන්ම අනෙක් රටවලද අධ්‍යාපනයට පහරදීමට සහ බදු වැඩි කිරීමට එරෙහිව සිදුවන මේ අරගල ලෝකයේ සෑම රටකම සිදු වෙමින් පවතී. තවදුරටත්, මෙලෙස, දශලක්‍ෂ සිය ගණන් කම්කරුවන් ඉන්දියාවේ වැඩවර්ජනය කිරීම නැතිනම් දකුණු අප‍්‍රිකාවේ කම්කරුවන් තලන පෙළන සුරාකන කළු සහ සුදු පාලක පංති වලට එරෙහිව ආකර කම්කරුවන් කැරලි ගැසීම, බ‍්‍රසීලයේ දිළිඳු ගොවියන් සහ ඉඩම් අහිමි අය ඉඩම් අල්ලාගෙන වැඩ කිරීම ආදී ලෙස අරගල ප‍්‍රකාශ වෙයි.

අරාබි රටවල්වල, විශේෂයෙන්ම ටියුනීසියාව සහ ඊජිප්තුවෙහි, තමන්ගේ අභිලාෂයන් ආරක්‍ෂා කිරීමට සහ නව මුරබල්ලන්ට සහය දීමට අධිරාජ්‍යවාදීන්ගේ උපායික මෙහෙයුම් තිබියදීත්, ජනතාව සහ කම්කරුවන් සුරාකෑමට අමතරව කැරලි විප්ලව බවට පත්වීමට පෙර ඒවා මැඩ පැවැත්වීම සිදු කරන මේ මුරබල්ලන් ආගමෙහි වෙස්මුහුණ පිටුපස සැඟවී සිටීම පවා නොතකා, ජනතාව තමන්ගේ මාවත සොයන්නේ, සිය වැරදිවලින් පාඩම් ඉගෙන ගනිමින්, කම්කරු පංති නායකත්වයක් නොමැතිව අව්‍යාජ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සාක්‍ෂාත් කර ගත නොහැකි බව අවබෝධ කර ගෙනයි, මෙය විප්ලවීය උපායයන්ගේ, සන්නද්ධ අරගලයේ සහ පෙරමුණු පක්‍ෂයක් ඉදි කිරීම පිළිබඳ ප‍්‍රශ්න මතු කරයි.

පලස්තීනයේ සිට ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලතින් ඇමරිකාව දක්වා ලෝකය තුළ පවතින අධිරාජ්‍ය විරෝධී අරගල සහ ලිබියාව, සිරියාව, මාලි හි නව අධිරාජ්‍යවාදී මැදිහත් වීම් වලට එදිරිව සිටීම, නැවැත්වීමට හෝ වැනසීමට අධිරාජ්‍යවාදීන්ට හෝ ඔවුන්ගේ මැදිහත්වීම්වලට නොහැකිය.

ඔබට සාමකාමී මාර්ගයෙන් විප්ලවය සිදු කළ නොහැක!

මුළු ලෝකයම සිටින්නේ අරගලවලයි; පැරණි සමාජය මුලිනුපුටා දමා පැරණි එකෙහි භෂ්ම මත නව සමාජයක් ඉදි කිරීමට අවශ්‍ය කරන, අධිරාජ්‍යවාදයේ ස්වභාවය සහ අර්බුද ගැන වූ සවිඥණක දැනීම පිළිබඳ මතවාදී අවබෝධ කරගැනීම නිර්ධන පංතිකයින් සහ ජනතාව සිදු කරනු ලබන්නේ, බිඳෙන් බිඳ හෝ පිමි සමග, ඉදිරියට යෑම් සහ පසුබැසීම් සමග යන ආකාරයෙනි.

අරගල සහ සටන්වල මේ නව රැල්ල තුළ, සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය කරා යන ගමන වෙත දිවෙන විමුක්තිය සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අරගල ශක්තිමත් කිරීමට අපි සහය දිය යුතු වෙමු. ලෝක නිර්ධන පංති විප්ලවයේ මතුවීම් සහ වර්ධනයන් වල සම්භාව්‍ය නව රැල්ලේ සන්දර්භය මෙයයි. එහි සමුද්දේශ (නිර්දේශ) ගතිගුණ සහ උපායික නැංගූරම ලෙස මා ඕවාදී පක්‍ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධ ක‍්‍රියා කරයි.

විප්ලවය සිදු කිරීමට ඇති වඩා උසස්ම ක‍්‍රමය මහජන යුද්ධයයි, එම නිසා, බල ඇණි රැස් කිරීම මගින් සූදානම් වීම, සහ එක් එක් රටවල සංකීර්ණ තත්ත්වයන්ට අනුව ප‍්‍රායෝගිකත්වය ක‍්‍රියාවට යොදවා සංවිධානය වන සෑම රටකම අපි සහය දිය යුතු වෙමු. මා ඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂය සාර්ථක ලෙස සතුරු ප‍්‍රහාරවලට එරෙහිව ප‍්‍රතිරෝධය දක්වමින් එය වඩා වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට හැකි බලයකි අත් කරගෙන සිටී. මා ඕවාදය ඉහළට ඔසවා තබමින් පිලිපීනය තුළ පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධය ක‍්‍රමයෙන් පුළුල් වෙමින් තිබේ. පේරුව තුළ දී එය, දියකරහැරීම්වාදීන්ගේ ක‍්‍රියාකාරිත්වය නොතකා පවත්වාගෙන යයි. තුර්කිය තුළ මා ඕවාදීන් විසින් නායකත්වය දෙන විප්ලවීය අරගලය මහජන යුද්ධයේ උපායික තත්ත්වයට අනුකූලව ඉදිරියට ගමන් කරමින් සිටී. අනෙක් රටවල්වල, සූදානම්වීම සඳහා නව මුල පිරීම් සහ ප‍්‍රගමනයට පත් වීම් සිදුවේ.

අතීත අත්දැකීම් කල්පනාවට ගනිමින් ඒවා අද දින අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ පවත්නා තත්ත්වයන්ට අනුව යොදමින් අපට අයත් රටවල්වල විප්ලවය සඳහා නිර්ධන පංති පක්‍ෂ, නව පන්නයක පක්‍ෂ, මාක්ස්වාදී-ලෙනින්වාදී-මා ඕවාදී පක්‍ෂ ඉදි කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කළ යුතුය.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීම සඳහා රටවල් 20 කටත් වැඩියෙන් නියෝජනය කළ මා ඕවාදී පක්‍ෂ සහ සංවිධාන, විප්ලවවාදී සහ අධිරාජ්‍ය විරෝධී සංවිධානවල සිය ගණනක නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, 2012 නොවැම්බර් 24 වන දින හැම්බර්ග් නුවර පැවැත් වූ ශ්‍රේෂ්ඨ සම්මේලනය සෑම රටකම පංති අරගලයන් ශක්තිමත් කිරීමට සහ එක්සත් කිරීමට ආමන්ත‍්‍රණය කොට ඇත. එය ජාත්‍යන්තරවාදය පිළිබඳ විශිෂ්ට උදාහරණයකි. අපි තවදුරටත් ශක්තිය වැඩි කර ගැනීම සඳහා ඉදිරියට යමින් නිර්ධන පංති ජාත්‍යන්තරවාදයට සංවිධානමය ස්වරූපයක් ලබා දිය යුතුය.

අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීමට සහ ප‍්‍රතික‍්‍රියා දැක්වීමට නව ජාත්‍යන්තර සංවිධානයක් ඉදිකිරීම කරා සහ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය සඳහා නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් සඳහා පෙළ ගැසීමට ලෝකයේ කොමියුනිස්ට්වරුන්ගේ ජාත්‍යන්තර සමගිය පසුපස අප ලූහුබැඳ යා යුතුය.

සියළු රටවල පීඩිත සහ නිර්ධන පංතික ජනතාව සමගි වව්!
අධිරාජ්‍යවාදය සහ එහි මුර බල්ලන් භංග වේවා!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගු කල් දිනේවා!
ලෝක නිර්ධන පංති විප්ලවය දිගු කල් දිනේවා!

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී-ලෙනින්වාදී) (නක්සල්බාරි)
මා ඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – ප‍්‍රංශය
මා ඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – ඉතාලිය
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (PCR-RCP කැනඩාව)
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය (MKP), උතුරු කුර්දිස්තාන් – ප‍්‍රංශය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය, ටියුනීසියාව
පංති සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වේල්සය – එක්සත් රාජධානිය
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව ගලීෂියාව, සපාඥ්ඥ රාජ්‍යය
කොමියුනිස්ට්වාදය උදෙසා මහා පාගමන (මැඞ්රිඞ් – ස්පාඥ්ඥ රාජ්‍යය)
නව මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායම (NMSG), ශ්‍රී ලංකාව
ජනතා අරගල සහයෝගීතාවය ඉන්දුනීසියාව
ෆියුචර් රූජ් (Future Rouge) කොමියුනිස්ට් සංවිධානය – ප‍්‍රංශය
Servir le peuple (ජනතාවට සේවය කරනු) – Sheisau sorelh -Occitany – ප‍්‍රංශ රාජ්‍යය

Advertisements

Posted on October 3, 2013, in International, Sinhala and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: