ෆැසිස්ට්වාදි සල්වා ජුදුම් නායකයා ඝාතනය – චටිස්ගාර් ප්‍රහාරය

ෆැසිස්ට්වාදි සල්වා ජුදුම් නායකයා ඝාතනය – චටිස්ගාර් ප්‍රහාරය

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී)

දන්දකර්ණයා විශේෂ කලාප කමිටුව

2013 මැයි 26

ෆැසිස්ට්වාදි සල්වා ජුදුම් නායක මහේන්ද්‍ර කර්මා මුලිනුපුටා දමීම: අමානුෂික සැහැසිකම්වලට, කෲර ඝාතන වලට බස්තාර්හි ආදිවාසීන්ට සිදු කළ කෙලවරක් නැති ත‍්‍රස්තවාදයට දැක්වූ යුක්ති සහගත ප‍්‍රතිචාරය!

ඉහළ පෙලේ කොංග‍්‍රස් නායකයා ප‍්‍රහාරයට ලක් කිරීම: විවිධ ප‍්‍රාන්ත රජයන් සමග එක්ව එක්සත් ප‍්‍රගති ශීලී සන්ධාන (UPA) රජය ගෙන යනු ලබන ෆැසිස්ට්වාදී හරිත දඩයම් මෙහෙයුමට එරෙහි නියත පළි ගැනීම!

1860a-th14_maoist_pic

2013 මැයි 25 වන දින 20 කට වැඩි කොංග‍්‍රස් පක්‍ෂයේ ආරක්‍ෂක රිය පෙළට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව දියත් කළ දැවැන්ත ප‍්‍රහාරය මගින්, බස්තාර් හි පීඩිත ජනතාවගේ පරම හතුරෙකු වූ මහේන්ද්‍ර කර්මා සහ ප‍්‍රාන්ත ඒකකයේ කොංග‍්‍රස් පක්‍ෂයේ සභාපති වූ නන්ද් කුමාර් පටෙල් ඇතුලූව කොංග‍්‍රස් පක්‍ෂ නායකයින්, ක‍්‍රියාකාරිකයින් සහ පොළිස් නිළධාරීන් ඇතුලූව අවම වශයෙන් 27 දෙනෙකු සමූලඝානය කරන ලදි. ඉදිරියට එළඹෙන මැතිවරණයට ලක ලෑස්ති වීමේ අරමුණ ඇතිව දියත් කරන ලද ‘පරිවර්තන් යාත‍්‍රා’ (වෙනස්වීමේ පා ගමන) වැඩ පිළිවෙලේ නියැලෙමින් බස්තාර් කලාපය හරහා ගමන් කරන විට එය සිදුවුණි. කොංග‍්‍රස් පක්‍ෂයේ පළපුරුදු නායකයෙකු සහ මධ්‍යම ඇමති විද්‍යා චරාන් ශුක්ලා ඇතුලූව අවම වශයෙන් තවත් 30 දනෙකු තුවාල ලදහ. කුප‍්‍රකට කෲර පාලකයෙකු, මිනීමරුවෙකු, ස්ත‍්‍රී දූෂකයෙකු, මංකොල්ලකරුවෙකු, සහ දූෂිතයෙකු ලෙස අපකීර්තියට පත්ව සිටියෙකු වූ මහේන්ද්‍ර කර්මා නමැති අධමයාගේ මරණය සිදු කළ, මේ ඓතිහාසික ප‍්‍රහාරයත් සමග සමස්ත බස්තාර් කලාපය තුළ උත්සවාකාරී වාතාවරණයක් ඇති විය. මෙයට පෙර දී ප‍්‍රාන්තයේ ස්වදේශ කටයුතු ඇමති වූ නන්ද් කුමාර් පටෙල්ටද ජනතාව මර්ධනය කිරීමේ ඉතිහාසයක් තිබුණි. ඔහුගේ නිළ කාලය තුළදී පැරාමිලිටරි බල ඇණි (CRPF) බස්තාර් කලාපය තුළ පළමු වතාවට විහිදුවන ලදි. හිටපු මධ්‍යම ඇමති වීසී ශුක්ලා ස්වදේශ කටයුතු ඇමති ධුරය ඇතුලූව විවිධ අමාත්‍ය ධුරයන් දරා ඇති බව කිසිවෙකුට සැඟවිය නොහැකි දෙයක් සේම සූරාකන රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී ප‍්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කළ, අධිරාජ්‍යවාදීන්ගේ, කොම්ප‍්‍රදෝරු නිළධාරිවාදී ධනපති පංතියේ සහ ඉඩම් හිමියන්ගේ සුවච කීකරු සේවකයෙකු ලෙස ක‍්‍රියා කළ අයෙක් විය. මේ ප‍්‍රහාරයේ මූලික අරමුණ වූයේ මහේන්ද්‍ර කර්මා සහ කොංග‍්‍රස් පක්‍ෂයේ අනෙක් ඉහළ පෙලේ ප‍්‍රතිගාමී නායකයින් මුලිනුපුටා දැමීමයි. කෙසේ හෝ, පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය, සන්නද්ධ පොලිස් බල ඇණි සහ ගරිල්ලා බල ඇණි අතර සිදුවූ දීර්ඝ වෙඩි හුවමාරුවේදී අහිංසක මිනිසුන් කිහිප දෙනෙකු සහ පහළ මට්ටමේ කොංග‍්‍රස් පක්‍ෂ ක‍්‍රියාකාරිකයින් මරණයට පත්වීමට සහ තුවාල වීමට භාජනය වූ අතර ඔවුහු අපගේ සතුරෝ නොවෙති. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි දන්දකර්ණයා විශේෂ කලාප කමිටුව මේ පිළිබඳව ශෝක වන අතර මරණයට පත් වූ අයගේ පවුල් වෙත සිය ශෝකය සහ සංවේගය ප‍්‍රකාශ කරයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි දන්දකර්ණයා විශේෂ කලාප කමිටුව මේ ප‍්‍රහාරය පිළිබඳ සම්පූර්ණ වගකීම දරයි. මේ අභීත ප‍්‍රහාරයට නායකත්වය දුන් මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ අණදෙන නිළධාරීන්ට, මෙය සාර්ථක කරගැනීමට දායක වූ රතු භටයින්ට, සක‍්‍රීය දායකත්වය ලබා දෙමින් මෙහි කොටස් කරුවන් වූ ජනතාවට සහ බස්තාර් ප‍්‍රදේශයේ සමස්ත විප්ලවීය ජනතාවට අපි විප්ලවීය සුභපැතුම් පුද කරමු. ජනතාවට පහත් හිංසනයන්, කෲරකම් සහ සංහාරයන් සිදු කළ මේ ෆැසිස්ට්වාදීන්ට කිසි දිනෙක ගැලවිය නොහැකි බවත් අනිවාර්යයෙන්ම ඔවුන් ජනතාවගෙන් ද`ඩුවම් ලබන බවත් යන ඓතිහාසික කරුණ මෙම ප‍්‍රහාරය මගින් නැවත වතාවක් තහවුරු කොට තිෙබි.

ආදිවාසී නායකයෙකු ලෙස හඳුන්වනු ලැබූ මහේන්ද්‍ර කර්මා රදළ මන්ජි පවුලක උපත ලැබූහ. ඔහුගේ මුත්තණුවන් වන මාසා කර්මා සහ පියා වන බෝද්දා මන්ජි යන දෙදෙනාම ඔවුන්ගේ කාලය තුළදී ජනතාවට අතිශයින් හිරිහැර කළ සහ යටත් විජිත පාලකයින්ගේ විශ්වාසනීය ඒජන්තයින් ලෙස කටයුතු කළ බවට කුප‍්‍රකටය. ඔහුගේ සමස්ත පවුලේ ඉතිහාසයම ආදිවාසීන් අමානුෂික ලෙස සූරා කෑමට සහ පීඩනයට පත් කිරීමට ප‍්‍රකටය. මහේන්ද්‍ර කර්මා නීතිය හදාරණ අතරතුර 1975 දී AISF හි සාමාජිකයෙකු වීමත් සමග සිය දේශපාලන දිවිය ඇරඹූහ. ඔහු 1978 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ MLA යට තේරී පත් වූහ. පසුව 1981 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය ඔහුග් සාමාජිකත්වය අවලංගු කළ පසු කොංග‍්‍රස් පක්‍ෂයට සම්බන්ධ වූහ. 1996 දී ඔහු මාධව්රා ඕ ෂින්දියා ගේ කාරණයක් නිසා ඉන් ඉවත් වී ඉන්දියානු පාර්ලිමේන්තුවේ නිදහස් අපෙක්‍ෂකයෙකු බවට පත් වූහ. පසුව ඔහු නැවත කොංග‍්‍රස් පක්‍ෂයට සම්බන්ධ වූහ.

1996 දී බස්තාර්හි, චක‍්‍රලේඛ 6 ක‍්‍රියාවට නංවන ලෙස බල කරමින් ජනතා ව්‍යාපාරයක් ඇති විය. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය එහි ප‍්‍රධාන වශයෙන්ම නායකත්වය ගෙන සිටියත් – අපේ පක්‍ෂයත්, ඒ කාලයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී ලෙනින්වාදී) (මහජන යුද්ධය) – එයට ජනතාව මහා පරිමාණයෙන් සම්බන්ධ කරවීමට සක‍්‍රීයව දායක වූහ.

නමුත් මහේන්ද්‍ර කර්මා එම ව්‍යාපාරයට දැඩි ලෙස එරෙහි වී, මුලින් පදිංචිකරුවන් ලෙස බස්තාර්වලට පැමිණ, අතිමහත් ධනයක් රැස්කරගෙන තිබුණු ආත්මාර්ථකාමී නාගරික ව්‍යාපාරික පැලැන්තියේ නියෝජිතයෙක් බව ඔප්පු කළහ. ඒ මොහොතේදී ජනතාව ඉදිරියේ ඔහුගේ ආදිවාසී-විරෝධී සහ පූර්ව කොම්ප‍්‍රදෝරුවාදී ස්වභාවය පැහැදිලිවම නිරාවරණය වුණි. 1980 සිට ඔහු බස්තාර්වල දැවැන්ත ව්‍යාපාරිකයින් සහ ධනපති පංතිය සමග සම්බන්ධකම් තර කරගෙන තිබුණි.

1999 දී ‘මලික් මක්බුජා’ ලෙස හැඳින්වූ දැවැන්ත වංචාවේදී ඔහුගේ නම හෙළිදරව් වුණි. 1992-96 කාලය තුළදී මහේන්ද්‍ර කර්මා වංචනික දැව ජාවාරම්කරුවන් සමග සමීපව සිට, ආදිවාසී ජනතාව රවටමින්, ආදායම් සහ වන නිළධාරීන්ට මෙන්ම දිස්ත‍්‍රික් මට්ටමේ එකතු කරන්නන්ට වංචා කරමින් රුපියල් මිලියන ගණනක් ඉපයූ බව ලෝකයුප්තා වාර්ථාව මගින් අනාවරණය කළහ. මධ්‍යම පරීක්‍ෂණ බියුරෝව (CBI) මගින් පරීක්‍ෂණයක් කිරීමට නියෝග කළත්, හැමවිටම සිදු වෙන්නා සේම මේ වැරදිකරුවන්ට ඉන් හානියක් නොවිණි.

මහේන්ද්‍ර කර්මා නොබෙදණු මධ්‍ය ප‍්‍රදේශ්හි බන්ධනාගාර ඇමති වශයෙන් පත්වූහ. පසුව චටිස්ගා ප‍්‍රාන්තය ඉන් කැඞී වෙන්වන විට ඔහු අජිත් ජෝගී රජයේ කර්මාන්ත සහ වෙළඳ ඇමති බවට පත් විය. එම කාලය රොමෙල්ට් (NMDC) විසින් නගර්නාර් හි ඉදිකිරීමට යෝජිත වානේ ෆැක්ටරිය සඳහා ඉඩම් බලාත්කාරය යොදවා අල්ලාගන්නා අවදියයි. ගම්බද ජනතාව ඔවුන්ගේ ඉඩ කඩම් ලබා දීමට එරෙහි වූ විට ධනපතීන්ගේ අභිලාෂයන් වෙනුවෙන් මහේන්ද්‍ර කර්මා ජනතාවට එරෙහිව නැගී සිටියහ. මිලේච්ඡු පොලිස් බල ඇණි වල සහය ඇතිව ජනතාව මර්ධනය කිරීමෙන් ඔවුන්ව පළවා හැර ඉඩම් අල්ලා ගැනීමේදී ඔහු ප‍්‍රධාන කාර්යභාරය ඉටු කළහ.  නගර්නාර්හි ඉඩම් අහිමි වුණු ජනතාවට රජය පොරොන්දු වූ පරිදි වන්දි ගෙවීමක් හෝ රැකියා ලබා දීමක් යන කිසිවක් මේ දක්වා සිදු නොවිණි. ඔවුන්ට විසිරී යාමට බල කරන ලදි.

මුල් ආරම්භයේ සිටම මහේන්ද්‍ර කර්මා විප්ලවීය ව්‍යාපාරයේ තද සතුරෙක් ලෙස නැගී සිටියහ. කාරණය පැහැදිලිය – අමු රදල පවුලකින් මතුවුණු ඔහු ධනේශ්වර පංතියේ සහ දැවැන්ත ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයෙකු ලෙස හැදී වැඩුණි. 1990-91 දී විප්ලවීය ව්‍යාපාරයට එරෙහිව පළමු ජාන් ජගරාම් (‘දැනුවත්බව’) ව්‍යාපාරය දියත් කරන ලදි. සංශෝධනවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයද එම ප‍්‍රති-විප්ලවවාදී ව්‍යාපාරයට සහභාගි වුහ. කර්මා සහ ඉඩම්හිමි පන්තිවලට අයත් වුණු ඔහුගේ ඥාතීන්ද මෙයට ක‍්‍රියාකාරීව සහභාගි වූහ. 1997-98 දී මහේන්ද්‍ර කර්මා විසින්ම දෙවැනි ජාන් ජගරාන් ව්‍යාපාරය දියත් කරන ලදි. මෙය මහේන්ද්‍ර කර්මා උපන් ගම වන ෆරස්පාල් සහ එය අවට ගම්මානවල ආරම්භ වී භයිරම්ගාහ් සහ කුම්රු යන ප‍්‍රදේශ දක්වා ව්‍යාප්ත විය. සිය ගණන් ජනතාව වධ හිංසනයට ලක් වුණු අතර අත් අඩංගුවට ගෙන සිරගත කළහ. නිවෙස් කොල්ලකෑමේ සහ ගිණි තැබීමේ ප‍්‍රහාරක ක‍්‍රියාකාරකම් බොහොමයක් සිදුවුණි. ගැමි ගැහැණුන් දූෂණය කරන ලදහ. කෙසේ හෝ අපේ පක්‍ෂයේ නායකත්වය යටතේ මහජන සංවිධාන සහ ජනතාව ඉදිරියට පැමිණ මේ ප‍්‍රති විප්ලවවාදී ආක‍්‍රමණයට එරෙහිව ප‍්‍රති පහර ගැසුහ. කෙටි කාලයක් තුළදී මේ ව්‍යාපාරය පරාජයට පත් වූහ.

පසුව විප්ලවීය ව්‍යාපාරය බලවත් ලෙස ශක්තිමත් වූහ. රදළ විරෝධී අරගල ප‍්‍රදේශයන්හි තීව‍්‍ර වූහ. මහේන්ද්‍ර කර්මාගේ සොහොයුරා වන පෝදියා පටෙල් වැනි ඉඩම් හිමියන් සහ ඔහුගේ අනෙක් සමීප ඥාතීහු ඝාතනයට ලක් වූයේ මේ විරෝධය දැක්වීමේ මහජන ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. බොහෝ ප‍්‍රදේශවල රදළ බලවේග සහ දුෂ්ඨ බලවේග සහ දුෂ්ඨ වංශවතුන් පළවා හරීන ලදුව, ජනතාවගේ විප්ලවීය බලයේ අවයවයන් ඉදි කිරීම ඇරඹුණි. සිය ඉඩම් දිළි`දු සහ ඉඩම් අහිමි ජනතාව අතර බෙදාදීම සහ චාරිත‍්‍රයක් වශයෙන් ඉඩම් හිමියන්ට බදු ගෙවන ලෙස අසාධාරණ ලෙස බල කිරීම නැවැත්වූ නිසා මහේන්ද්‍ර කර්මා ඇතුළු රදළ බලවේගයන් ඉමහත් ලෙස කෝපයට පත් වූහ. බලහත්කාරයෙන් කාන්තාවන් විවාහ කිරීම සහ බහු භාර්යා විවාහ නැවැත්වීම වැනි ප‍්‍රගතිශීලී පරිවර්තනවලට ඔවුහු විරුද්ධ වූහ. එම කාලය තුළදීම බස්තාර් කලාපය තුළ ස්වාභාවික සම්පත් කොල්ලකෑම ආරම්භ කළ ටාටා සහ එසාර් වැනි සංස්ථා සමාගම් විප්ලවීය ව්‍යාපාරය දක්නා ලද්දේ තමන් ඉදිරියෙහි වු වැට කඩුල්ලක් ලෙසයි. එමනිසා, ඔවුහු ස්වභාවයෙන්ම මහේන්ද්‍ර කර්මා වැනි ප‍්‍රති-විප්ලවවාදී මූලයන් රැවටීමට සැළසුම් කළහ. ඔවුහු සිය අත්තනෝමතික කොල්ලකෑම් සඳහා හිතකර වාතාවරණයක් තනා ගැනීම පිණිස රුපියල් මිලියන ගණන් මුදල් පෙට්ටි ඔහුට පිරි නැමූහ. අනෙක් අතට අව්‍යාජ විප්ලවීය සංවිධාන 2ක් එකට එක්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දීප ව්‍යාප්තව ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) බිහිවීමෙන් පසුව, සූරාකන පාලක පංතිය අධිරාජ්‍යවාදීන්ගේ මග පෙන්වීම ඇතිව විප්ලවීය ව්‍යාපාරය තලා පොඩි කර දැමීමට ප‍්‍රති-විප්ලවවාදී ආක‍්‍රමණයන් දියත් කිරීම තීව‍්‍ර කළහ. මෙලෙස කොංග‍්‍රසයේ අනුමැතිය ඇතිව බස්තාර් කලාපය තුළ BJP (භාරතීය ජනතා පක්‍ෂය) අරඹන ලද කෲර ප‍්‍රහාර ‘සල්වා ජුදුම්’ ලෙස හඳුන්වනු ලැබූහ.  මහේන්ද්‍ර කර්මාගේ බොහෝ අනුගාමිකයින් සහ ඥාතීන් වූ සෝයාම් මුකා, රම්භුවාන් කුෂ්වාහා, අජේ සිංග්, වික‍්‍රම් මන්දවී, ගන්නු පටෙල්, මධුකර්රාඕ සහ ගෝටා චින්නා වැනි අය සල්වා ජුදුම් හි ඉහළ නායකයින් බවට පත් වූහ.

සල්වා ජුදුම් විසින් බස්තාර් කලාපයේ ජනතාවගේ ජීවිතවලට සිදු කළ විනාශයට සහ අශික්ෂිතකම්වල බරපතලකමට සංසන්දනය කිරීමට ඉතිහාසය තුළින් එක් නිදර්ශනයක් හෝ සොයා ගැනීම අපහසුය. එය විසින් දහසකට වැඩි ජනතාවක් අමු අමුවේ මරා දමන ලදි, ගම්මාන 640 ක් ගිණි තබා අළු බවට හැරවූහ; නිවාස දහස් ගණනක් මංකොල්ලකෑහ; කුකුළන්, එළුවන්, ඌරන් ආදී සතුන් අල්ලාගෙන කෑම හෝ රැගෙනයාම සිදු කළහ; මිලියන දෙකකට වැඩි ජනතාවක් රජය යටතේ පාලනය වන අවතැන් කඳවුරු වලට ඇද දැමූහ. මෙලෙස සල්වා ජුදුම් ජනතාවට අතිශය පිළිකුළ උපදවන්නක් බවට පත් විය. සිය ගණන් කාන්තාවෝ සමූහ දූෂණයන්ට ලක් වූහ. බොහෝ කාන්තාවන් දූෂණයෙන් පසු මරා දමනු ලැබූහ. බොහෝ ස්ථානවල සමූලඝාතන සිදු විය. සල්වා ජුදුම් දාමරිකයන්, පොලීසිය සහ පැරා මිලිටරි බල ඇණි, විශේෂයෙන්ම නාගා සහ මිෂෝ බැටෑලියන් සියළු සීමාවන් ඉක්මවා ගියහ. ගංගාවල ගොඩ ගැසීමට පෙර මිනිසුන්ගේ සිරුරු කැබලිවලට කපා දැමීමේ සිදුවීම් ගණනාවක් විය. චෙර්ලි, කොටපාල්, මන්කෙලි, කර්රේමර්කා, මොස්ලා, මුන්ඬේර්, පඬේඩා, පරල්නාර්, පුම්බාද්, ගගන්පල්ලි… ආදී බොහෝ ගම්මාන වල ජනතාව සංහාර මගින් ඝාතනය කරන ලදි. සිය ගණන් ආදිවාසී තරුණයන් විශේෂ පොලිස් නිළධාරීන් ලෙස බඳවා ගෙන දරුණු දාමරිකයන් බවට පත් කරන ලදි. රැස්වීම් සහ පෙළපාලි පවත්වන්නේ යැයි පවසමින් මහේන්ද්‍ර කර්මා විසින්ම ගම්මාන ගණනාවකටම පහර දීමට නායකත්වය දුන්හ. ඔහුගේ ඍජු අධීක්‍ෂණය යටතේ ඔහුගේ කුලී මැර කල්ලිය බොහෝ කාන්තාවන් දූෂණය කරන ලදි. බොහොමයක් ගම්මාන පුළුස්සා දැමීම, මිනිසුන්ට වධදීම සහ මරා දැමීම යන සිදුවීම් ගණනාවකටම ඔහු ඍජුවම සම්බන්ධ විය. මෙලෙස බස්තාර් හි ජනතාවගේ සිත් සතන් තුළ ඔහු මිලේච්ඡු ඝාතකයෙකු, ස්ත‍්‍රී දූෂකයෙකු, මංකොල්ලකාරයෙකු සහ මහ ධනපතියන්ගේ කීකරු බ්‍රෝකර් කෙනෙකු ලෙස රැඳී තිබුණි. බස්තාර්හි සමස්ත ජනතාව අපේ පක්‍ෂයට සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට වසර ගණනක් තිස්සේ ඔහුට ද`ඩුවම් කළ යුතු බව ප‍්‍රකාශ කරමින් සිටියහ. ඔව්හු බොහෝ දෙනා මේ කාර්යයට ස්වේච්ඡුාවෙන්ම සහය දීමට ඉදිරියට ආහ. ප‍්‍රයත්න කිහිපයකදිම සිදු වූ සුළු අතපසුවීම් සහ වෙනත් කාරණයන් නිසා ඔහුට ගැලවීයාමට හැකියාව ලැබුණි.

මේ ක‍්‍රියාමාර්ගයත් සමග, සල්වා ජුදුම් හස්තය මගින් සහ රාජ්‍ය සන්නද්ධ බල ඇණි මගින් කෲර ලෙස ඝාතනය කරනු ලැබූ දහස් ගණන් ආදි වාසී ජනතාව වෙනුවෙන් අපි පළි ගත්තෙමු. තවද, කෲරතම ආකාරයේ හිංසනයන්ට, අවමන්කිරීමට සහ ලිංගික අඩන්තේට්ටම් කිරීම්වලට භාජනය වූ සිය ගණන් මව්වරුන් සහ සොහොයුරියන් වෙනුවෙන් අපි පළි ගත්තෙමු. එමෙන්ම සිය නිවෙස්, ගවයින්, කුකුළන්, එළුවන්, වළන් බඩු, සහ රෙදි පිළි, ධාන්‍ය, අස්වනු… ආදී හැම දෙයක්ම අහිමිවුණු සහ අමනුෂ්‍ය තත්ත්වයක් යටතේ කාලකණ්ණි ලෙස ජීවත් වීමට බල කෙරුණු දහස් ගණන් වූ බස්තාර් වැසියන් වෙනුවෙන් අපි පළි ගත්තෙමු.

මේ ප‍්‍රහාරය එල්ල වූ වහාම අගමැති මන්මෝහන් සිං, UPA (එක්සත් ප‍්‍රගති ශීලී සන්ධානය) සභාපති සෝනියා ගාන්ධි, චටිස්ගාර් මහ ඇමති රාමන් සින් යන අය මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරුෂාර්ථයන්ට එල්ලවූ ප‍්‍රහාරයක් යැයි කෑ ගැසූහ. සූරාකන පන්තීන්ගේ මෙම හුරතල් බල්ලන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන නම භාවිතා කිරීමට පවා සදාචාරාත්මක සුදුසුකමක් තිබේද යන්න මහ පුදුමයකි! මැයි 17 ට පෙරාතුව, බිජාපූර් දිස්ත‍්‍රික්කයේ එඞ්සමෙත්තා ගමේ පොලිස් සහ පැරා මිලිටරි බල ඇණි විසින් දරුවන් තිදෙනෙකු ඇතුළුව මිනිසුන් 8 දෙනෙකු ඝාතනය කරන ලදි. එවිට මේ නායකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සිතමින් කරදරවී කිසිවක් නොකලේ මන්ද? ජනවාරි 20 සිට 23 දිනවල දොද්දි තුම්නාර් සහ පිඩියා ලෙස හැඳින්වූ බිජාපූර් දිස්ත‍්‍රික්කයේ ගම්මාන වලට ඔබේ බල ඇණි පහර දී නිවාස 20 ක් සහ ජනතාව විසින් පවත්වාගෙන යනු ලැබූ පාසලක් ගිණි තැබූහ, ඔබේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ එහි වැජඹිණිද? හරියටම මාස 11 කට පෙර 2012 ජුනි 28 වෙනි දින රාත‍්‍රී සාර්කින්ගුඩා ගම්මානයේ ආදිවාසීන් 17 දෙනෙකු ඝාතනය කොට කාන්තාවන් 13 දෙනෙකු සමූහ ලෙස දූෂනය කරනු ලැබූහ. මේ සිදුවීම් ඔබේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ පුරුෂාර්ථ තුළ අන්තර්ගතද? ඔබේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ අදාල වන්නේ මහේන්ද්‍ර කර්මා වැනි ජන ඝාතකයින්ට සහ නන්ද් කුමාර් පටෙල් වැනි පාලක පංතියේ නියෝජිතයින්ට පමණක්ද? බස්තාර්හි දිළිඳු ආදිවාසීන්ට, වැඩිහිටියන්ට, දරුවන්ට සහ කාන්තාවන්ට ඔබේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ වහළ යටට පැමිණීමට හැකියාව තිබේද? නැද්ද? ආදිවාසීන් සමූලඝාතනය කිරීම ඔබේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ කොටසක්ද? මේ ප‍්‍රහාරයට එරෙහිව යටි ගිරියෙන් කෑ ගසන  ඕනෑම අයෙකුට මේ ප‍්‍රශ්නවලට දියහැකි කිසියම් පිළිතුරක් තිබේද?

2007 අගභාගය වන විට ජනතාවගේ ප‍්‍රතිරෝධය හමුවේ සල්වා ජුදුම් පරාජයට පත්වූහ. අනතුරුව 2009 දී කොංග‍්‍රසය නායකත්වය දෙන UPA-2 (එක්සත් ප‍්‍රගති ශීලී සන්ධානය)ල හරිත දඩයම් මෙහෙයුම (OGH) යන නමින් හැඳින් වූ ආක‍්‍රමණය රට පුරාම දියත් කළහ. අමෙරිකන් අධිරාජ්‍යවාදීහු මෙයට මග පෙන්වමින් සිය විශේෂ බල ඇණි ඉන්දියාව තුළ විහිදුවමින් කැරලි මර්ධන මෙහෙයුම්වලට සක‍්‍රීයව දායක වී සිටිති. එක්සත් රජය හරිත දඩයම් මෙහෙයුම නම්වූ ‘ජනතාවට එරෙහි යුද්ධය’ පවත්වා ගැනීමට චටිස්ගා වලට 50,000 කට අධික පැරා මිලිටරි බලකායක් යවනු ලැබූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස නානාවිධ ජන සංහාරයන් සහ විනාශයන් උත්සන්න වී තිබේ. මධ්‍යම රජයේ බල ඇණි විසින් 2009 යේ සිට මෙහි ආදිවාසීන් 400 කට වඩා ඝාතනය කරනු ලැබූහ. 2011 මැද භාගයේ සිට හමුදා බල ඇණි ‘පුහුණු පාසල්’ යන ව්‍යාජයෙන් බස්තාර් කලාපය තුළ හමුදා කඳවුරු පිහිටවමින් තිබේ. පෙර සහ වත්මන් ස්වදේශ කටයුතු ඇමති වන ච්දම්බරන් සහ ෂින්ඬේ යන දෙදෙනා සහ අගමැති මන්මෝහන් සිං සියළු සහයෝගයන් නොමසුරු ලෙස චටිස්ගා රජයට ලබා දෙමින් සහ විප්ලවීය ව්‍යාපාරය පොඩි පට්ටම් කර දැමීමට ක‍්‍රියා කරන රාමන් සිංගේ රජයට පූර්ණ සහයෝගීතාවය පළ කරමින් තිබේ. රාමන් සිං සෑම අවස්ථාවකදීම මධ්‍යම රජයේ උදව් වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කරමින් තිබුණි. එමනිසා චටිස්ගා වල විප්ලවීය ව්‍යාපාරය මර්ධනය කිරීමේ ප‍්‍රතිපත්ති වලදී පාලක භාරතීය ජනතා පක්‍ෂය සහ විපක්‍ෂ කොංග‍්‍රසය අතර කිසිදු වෙනසක් නැත. පොදු ජන බලපෑම නිසා සහ එමෙන්ම මැතිවරණ වාසි ලබා ගැනීමට පමණක් කොංග‍්‍රසයේ සමහර ප‍්‍රාදේශීය නායකයෝ සාර්කින්ගුඩා සහ එඞ්සමෙත්තා සංහාරයන් සිදුවෙන විට ඒවා හෙලා දුටහ. ඔවුන්ගේ ව්‍යාජ විරුද්ධත්වය අවස්ථාවාදය මිස වෙන කිසිවක් නොවේ. කොංග‍්‍රසය සහ භාරතීය ජනතා පක්‍ෂය යන මේ දෙපාර්ශවයම සංස්ථා සමාගම් හිතකාමී සහ මර්ධනකාරී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී එක සමාන වේ. වරින්වර ගේ‍්‍රහවුන්ඞ් (ඉන්දියාවේ විශේෂ පොලිස් බල ඇණියක්) බල ඇණි අන්ද්‍රා ප‍්‍රදේශ් හි සිට චටිස්ගා දේශ සීමාව හරහා ඇතුල් වීම, එය පළමු වරට ජන සංහාරකයන් විසින් කන්ඩාල් හිදී (2008) සහ මෑතදී පුව්වර්තී (මැයි 16, 2013) හි සිදු කිරීම කොංග‍්‍රස් පක්‍ෂය සකස් කරන ලද මර්ධනකාරී ප‍්‍රතිපත්තිවලින් පංගුවක් ක‍්‍රියාවට නැංවීමකි. අපි අන්න ඒ කාරණය නිසා කොංග‍්‍රස් පක්‍ෂයේ ඉහළ පෙළේ නායකයින්ව ඉලක්ක කරන්නෙමු.

අද දන්දකර්ණයාහි විප්ලවීය ව්‍යාපාරය තලා පොඩි කර දැමීමට හිතුවක්කාර ලෙස කටයුතු කරන, චටිස්ගා හි මහ ඇමති රාමන් සිං, ස්වදේශ කටයුතු ඇමති නන්කිරාම් කන්වාර්, ඇමතිවරුන් වන රාම්විචාර් නේතාම්, කේඩාර් කාශ්‍යප්, වික‍්‍රම් උසෙන්දි, ආණ්ඩුකාර ෂේඛාර් දුත්, මහාරාෂ්ට‍්‍රා ස්වදේශ කටයුතු ඇමති ආර්.ආර් පනිල් ආදීහු, DGP රාම් නිවාස්, AOG මුකේෂ් ගුප්තා සහ අනෙක් ජ්‍යෙෂ්ට පොලිස් නිළධාරීහු ඔවුන් කිසි කලෙක පහර කෑමට ලක් නොවන්නේ යැයි දැවැන්ත මිත්‍යාවක ගිලී සිටිති. Z ප්ලස් ආරක්‍ෂාවක් සහිතව සහ වෙඩි නොවදින වාහන ඇති විට හැමදාටම සුරක්‍ෂිතයැයි යන මිත්‍යාවෙහි මහේන්ද්‍ර කර්මා පවා ගිලී සිටියහ. ලෝකයේ ඉතිහාසය තුළද, හිට්ලර් සහ මුසෝලීනි ද, තමන්ට පහරදීමට කිසිවෙකුට නොහැකි යයි එම උඩ`ගු කමින්ම සිටියහ. අපේ රටේ සමකාලීන ඉතිහාසයේ, ඉන්දිරා ගාන්ධි, සහ රජිව් ගාන්ධි වැනි ෆැසිස්ට්වාදීහු පවා එම සැකයේ ගොදුරු බවට පත්වූහ. ජනතාව වූ කලී අනභිභවනීයයි. ඉතිහාසයේ එකම නිර්මාණකරුවන් වන්නේ ජනතාවයි. අවසානයේ සූරාකන්නන් අතලොස්ස සහ ඔවුන්ගේ කීකරු බල්ලන් රැළ ඉතිහාසයේ කුණු කූඩයට වීසි කර දැමෙනු ඇත.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි දන්දකර්ණයා විශේෂ කලාප කමිටුව, හරිත දඩයම් මෙහෙයුම වහාම නැවැත්වීමට; දන්දකර්ණයා වලින් සියලූම වර්ගයේ පැරා මිලිටරි බල ඇණි ඉවත් කර ගැනීමට; ‘පුහුණු කිරීමේ’ ව්‍යාජයෙන් හමුදාව විහිදුවා ලීමේ ද්‍රෝහී කුමන්තණය නවතා දැමීමට; විවිධ වර්ගයේ සිර ගෙවල් තුළ නිකරුනේ කල් ගෙවන සියලූ විප්ලවීය ක‍්‍රියා කාරීන් සහ සාමාන්‍ය ආදිවාසීන් වහාම නිදහස් කරන ලෙස; UAPA, CSPSA, MACOCA, AFSPA ආදී කෲර නීති ඉවත් කිරීමට; රටේ ස්වාභාවික සම්පත් කොල්ල කෑමේ අරමුණින් සංස්ථා සමාගම් විසින් ඇති කරගෙන තිබෙන ගිවිසුම් අහෝසි කර දැමීමට රජයට බල කොට ප‍්‍රකාශ කිරීම සඳහා නැගී සිටින ලෙස කම්කරුවන්ට, ගොවියන්ට, ශිෂ්‍යයින්ට, බුද්ධිමතුන්ට, ලේඛකයින්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදියන්ට සහ අනෙක් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට ආමන්ත‍්‍රණය කරයි.

ගුඩ්සා උසෙන්දි
මාධ්‍ය ප්‍රකාශක
දන්දකර්ණයා විශේෂ කලාප කමිටුව
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂවය (මාඕවාදී)
CPI Maoist

 

Advertisements

Posted on October 3, 2013, in CPI Maoist, India, International, People's War, PLGA Attack, Sinhala and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: