රාජ්‍ය අනුග‍්‍රහය ලත් ආගමික අන්තවාදය හෙලා දකිමු!

Oppose to Buddhist Fundamentalism!

රාජ්‍ය අනුග‍්‍රහය ලත් ආගමික අන්තවාදය හෙලා දකිමු!

අඳුරු අනාගතයක සෙවනැලි මතුවෙයි. පැරණි අවතාර නැවත හොල්මන් කරන්නට පටන් ගෙන ඇත. මෙයට දශක කිහිපයක කලින් අත්විඳි දැවැන්ත ලේ වැගිරීම් වල අනාගත සේයාව අප නෙත් ඉදිරියේ මැවි මැවී පෙනෙයි.

ගුවන් ප‍්‍රහාරයෙන් සමූලඝාතනය කොට මරා දමන ලද දමිළ පාසලේ දරුවන්….
වධ දී මරා දමන ළද රැුඳවියන්……
වධ කඳවුරු තුළ අමු ලේ විසිරීම් සමග විසිවෙන වේදනාවේ විලාපයෝ සමග, තවත් අප‍්‍රකට තැනක ආදරණීය මවෙකගේ, පියෙකුගේ සංවේදී හදවත් වළ දරාගත නොහැකි වේදනාව උණු කඳුළු වී රූරා වැටෙයි….

මේ නුදුරු අනාගතයේ වර්ගවාදය නිසා සහ ආගමික අන්තවාදය නිසා අප ජනිත වී සිටින මේ සාරවත් භූමියේ ඇති කළ ඉමක් නැති ෙවිදාවන්ගෙන් සමහරකි.

අහෝ අවාසනාවක තරම එය යලි නැවත නැවත එයි. ඉක්මනින්ම ලේ පිපාසිත නරුමයින්, එන් ජී ඕ මුදලින් උදර තර කර ගන්නා, ඇමෙරිකන් ක්‍ෂ් කුලී ඝාතකයන්ගේ වැඩ පහසු කරන, තවත් යුද්ධයක් උලූප්පවාලීමෙන් ලෝක ව්‍යාප්ත ධනපතියන්ගේ අවි කම්හල්වලට ලාබ ලබා දෙන්ට සැදී පැහැදී සිටින චීවරධාරී කාෂාය ත‍්‍රස්තවාදීහු මේ භූමිය ලේ විලක් කිරීමේ තිරිසන් සහ මෘග සූදානමට සැරසෙයි.

සියලූ ආගම් සහ ජාති හරහා ලෝකය තුළ සිටින සුවහසක් පීඩිතයින් බෙදා වෙන්කොට භේද භින්න කිරීමට නිර්ලජ්ජී පාලක තන්ත‍්‍රයෝ උත්සාහ දරත්, එය මෙහි මෙලෙස අපේ රටේ ඉතිහාසය තුළ ධනවාදයට අතිමහත් සේවයක් කොට ඇති බෞද්ධ අන්තවාදය හරහා සිදු කරනු ඇත. පදනම් විරහිත ඕපා¥ප සහ ප‍්‍රලාපයෝ නූගත් ජනතාව නොමග යවා මේ කඹ ඇදිල්ලක යෙදෙන්නේ සහෝදර ඔබ සහ මා පෙළන, අධම පාලන තන්ත‍්‍රයේ දඩ බල්ලන්ගේ අශූචි ලෙව කෑමටයි.

සියවස් ගණනක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී වියගහෙන් බැට කෑ අපේ ආදරණීය ජනතාවට තවමත් සුවසේ නිදන්නට හැකි වී නොමැත.. දුෂ්ට සහ කුහක බෞද්ධ අන්තවාදය මුස්ලිම් ලේ බීමේ තිරිහන් ආශාවෙන් මඩිනු ලැබ වියරුවෙන් කෑ ගසයි…

මෙහි ඓතිහාසික විiාත්මක ප‍්‍රවේශය පරීක්‍ෂා කිරීමෙන් ඔබට සත්‍ය ඉතා වේගයෙන් සහ ක්‍ෂණිකව දැන ගත හැකි වනු ඇත. ලක් ඉතිහාසය තුළ පෙර නොවූ විරූ දුෂ්ට සහ අධම ලෙස සුරා කන අතිශය රදළමය මතවාදී පාලනයක මාරාන්තික පීඩාව පොදු මහජනතාවගේ ඇට මිදුළුවලටද දැනෙන වකවානුවකි මේ. රාජ්‍ය වරප‍්‍රසාද ලබන ධනපති සහ මධ්‍යම පන්තියේ අතලොස්සක් හැරුණු විට ජනතාවගෙන් බහුතරය මේ විඩාවෙන් සක‍්‍රීය ලෙස විඳවනු ලබන අතර දැඩි ප‍්‍රතිරෝධයේ වෛරය ඔවුන්ගේ හදවත් තුළම මැවී ඇති බව දිගින් දිගටම රට තුළ පැන නැගුණු අර්බුද හරහා විශද වෙයි…

තවදුරටත් කිසිදු ජනප‍්‍රියතාවයක් ජනතාවගෙන් අත්නොවන විට, දේශපේ‍්‍රමී සහ විප්ලවීය සංවිධානයෝ රට තුළ රහසිගතව සිය ශක්තිය මාරක ප‍්‍රහාරයන් සඳහා සූදානම් කරන විට, තවත් වසර ගණනක් අපගේ ආදරණීය ජනතාවගේ ලේ මස් බුදීමට කැස කවන රාජපක්‍ෂ හමුදා රජයට දියත් කළ හැකි කදිම තුරුම්පුවකි බෞද්ධ අන්තවාදය…

ඒ මන්ද, රටේ අති බහුතරය බෞද්ධ වන බැවිණි, චීවරයක් පෙරවූ ඕනෑම සොර දෙටුවෙකු ලවා බොහෝ දෑ කළ හැකි බැවිණි, ඉතා සරලව පවසන්නේ නම් මුස්ලිම් විරෝධී සංකල්පයෝ කිසිදු පදනමකින් තොර කරුණු මත ඉදිකරන ලද දිරා ගිය මාළිගායි… සහෝදර ජනතාවෙනි! සත්‍ය වහ වහා වටහා ගන්න… එය රාජපක්‍ෂගේ සිහින මාළිගයක් බවට පත්කර දමමු!

පසුගිය වසරේ අවසන් කාලයේදී ආරක්‍ෂක අංශවල සහ බුදු අන්තවාදී කණ්ඩායම් වල සහයෝගයෙන් මුස්ලිම් දේවස්ථාන ඩෝසර් කොට විනාශ කර දමා එම ස්ථාන වල පන්සල් සෑදීය… ඒවා විටින් විට බොහෝ තැන් වල සිදු විය… ඒවායේ පූජකවරුන්ට, ප‍්‍රදේශ වැසි ජනතාවට රාජ්‍ය මර්ධනයේ වියරු හස්තය ඉදිරියේ කිසිවක් කළ නොහැකි විය… ඉරුනුවිල් මුස්ලිම් ගම්මානයේ කාන්තාවකට පිහියෙන් ඇණ, තවත් මවකට පොරොවකින් පහර දී මාරක තුවාල සිදු කළ එමෙන්ම ඒ ගමෙහිම දේපල සමහරක් ගිනි තබා විනාශ කළ ඊනියා මෙත්තා, කරුණා, මුදිතා ධජ ඔසවන රාජ්‍ය අනුගහය ලත් ත‍්‍රස්තවාදය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු! රජය වෙනුවෙන් කුලී ගණිකා වෘත්තියේ යෙදෙන මාධ්‍ය චෞරයෝ මේ සියල්ල ජනතාවගෙන් සඟවා තැබූහ…

බොදු බල සේනාව, රාවණා බලය සහ තවත් එවැනි වර්ගවාදී පටු ප‍්‍රවණතාවයන් හිස ඔසවන බව පෙනෙන්නට තිබේ. මේ සියල්ලම වත්මන් පොලිස් හමුදා රජයේ දේශපාලන ව්‍යාපෘති බව ඉතා පැහැදිලිය. බොදු බල සේනාවේ මෙත් සෙවණ තිප්පලට මුල්ගල තැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනි. එමෙන්ම පැපිලියාන සිදුවීම ඇතුළු බොහෝ අවස්ථාවල බොදු බල සේනාවේ මැරයින් නිදහස් කොට හැරියේද ගෝඨාභය ගේ අණ මතයි. මේවායින් පැහැදිලි වන්නේ පවත්නා පොලිස් හමුදා රජය ඔවුන්ගේ ගජ මිතුරන් බව නොවේද?

‘‘හැම තැනම ගෝනිබිල්ලෝ, හැම තැනම යටරැුවුල්කාරයෝ, අද, මේ මහරගම රැුස්වීමෙන් පස්සේ, හැම වැඩිහිටියෙක්ම,හැම තරුණයෙක්ම, අපේ ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව, නොනිල පොලීසි හදාගන්න ඕනේ…. ’’ ඒ ඥාණසාර නැමැත්තා කළ ප‍්‍රකාශයයි මේ රට තුළ කතා කිරීමට, විමර්ශණය කිරීමට ඇති තරම් දැවෙන ප‍්‍රශ්න තිබියදී ඒවා සියල්ල යට ගසා මතුවන්නේ ව්‍යාජ ගැටලූය. ඉතා පැහැදිලිව සමස්ත ජන විඥණය වෙනස් දිශාවකට කපටි ලෙස හරවා ඒවායින් පටු දේශපාලන වාසිලබා ගෙන පවත්නා මිලිටරි රජයට දීර්ඝායු ලබා දීම මේ නාටකයෙහි පිටුපස රැුව් දෙන සූත‍්‍රය වන්නේය.

1983 ඉතා බියකරු කළු ජූලිය වකවානුවේදී සිදු වූ අහස පොළොව නුහුලන අපරාධ පිළිබඳ අඳුරු මතකය අපගේ සිත් සතන් තුළට නැවත මතුව එන්නේ නිරායාසයෙනි. දමිල පුරවැසියකු කිසියම් ආයතනයක සේවය කිරීම හෝ ඇසට දැකීම පවා බලවත් අපරාධයක් ලෙස සලකා එකළ අහිංසක දමිල වැසියන් දහස් ගණනක් ඝාතනය කරනු ලැබිණි.

‘‘කම්හලෙහි සිටින කම්කරුවන් මරා දැමේ… කළමනාකරු රාත‍්‍රියේ පොලිස් සහය ඇතිව හෝටලයේදී මරා දැමේ… සිහංල මැරයින් කණ්ඩායමක් නිවසෙහි සිටින දමිළ තරුණියක සහ මව රාත‍්‍රියේ දූෂණය කොට මරා පුළුස්සයි… දමිල සරසවි සිසුවා වර්ගවාදීන් විසින් මරා දැමේ… දමිළ තරුණයින් පිරිසක් නිරුවත් කොට වධ දී මරා දැමේ… දේපළ ගිනි තබයි… පොලීසිය බලා සිටියි… රාජ්‍ය මැර සිරිල් මැතිව් සංචාරේ… මේ එකල සිදුවූ අතිමහත් සිදුවීම්වලින් අල්පයකි…

අද පවා බොහෝ ජනතාව මේ භීෂණයේ සැහැසිකම පිළිබඳ සාක්‍ෂි දරනු ඇත. අනෙකක් තබා දමිළ ජනතාවගේ සංස්කෘතික වටිනාකම් සහ උරුමයන් පවා ඔවුන්ට අහිමි කරනු ලැබූහ… යාපනයේ පුස්තකාලයේ වූ කාණ්ඩ 90,000 කට වඩා ඓතිහාසික ග‍්‍රන්ථ සහ ලේඛණ (මේවායින් සමහරක් කතෘවරුන් විසින් ලියන ලද එකම මුල් පිටපත පවා විය. මේවා ආසියාවේ අතිශයින් වටිනා ඓතිහාසික පොත් පත් විය) රජයේ කුලී ඝාතකයින් විසින් ගිනි තබා විනාශ කර දැමීම අප සැමගේ හද කම්පා නොකරන්නේද? ශත වර්ෂ ගණනක් ජනතාව විසින් එකතුකළ වටිනා බුද්ධියේ එකතුවට සිදු වූ දෙය එයයි.

… යාපනයේ පැවති සාමකාමී සත්‍යග‍්‍රහයට හමුදාව වෙඩි තබයි… හමුදා කඳවුර අවට ගම්මාන වල වැසියන් වෙඩි තබා මරා දැමේ… ජාතිය දමිල වූ බැවින් සිසුන් ට වෛද්‍ය පීඨයට ඇතුල් වීම තහනම් කෙරෙයි…

සදහම් දීපයක් ලෙස හඳුන්වනු ලැබූ රටෙහි වු මේ අයුක්ති සහගත අපරාධ පිළිබඳ දැවැන්ත සහ පුළුල් කතිකාවත් තවමත් සිදු කෙරී නොමැත…

සිංහල ධනපතියන්ට වෙළඳ ආධිපත්‍යය ලබා ගැනීම ඉලක්ක කොට දියත් වුණු මේ පිළිකුල් සහගත සංහාරය තුළ මතවාදී සහ න්‍යායික පදනම සැකසීම බෞද්ධ භික්‍ෂූන්ගේ ප‍්‍රධාන කාර්යභාරයක් විය. මේ භූමිය තුළ සුළු ජාතික සංහාරයක් සිදුවන සෑම විටකම ඔවුන් එහි පෙරමුණේ විය.

සිතන්න! මඳකට, පන්සල් ඩෝසර් කොට දමා එතැන පල්ලියක් සෑදී නම් තත්ත්වය කුමක්ද? ඔබට සිතා ගත හැක… එහෙත් සුලූතරයක් වූත්, පීඩනයෙන් පෙළෙන මුස්ලිම් සහෝදරවරු එය නිහඬව විඳ දරාගෙන සිටියහ. ඉන් නැවතිණිද? රාජ්‍ය බුද්ධි අංශ වල සහ ආරක්‍ෂක අංශ වල නොමසුරු මුදල් සහ පිරිස් ආධාර වලින් ඔද වැඩුණු අන්තවාදීහු මුස්ලිම් ව්‍යාපාර සහ ජීවිකාවන් විනාශ කර දැමීම ඊළඟ ඉලක්කය කර ගත්හ. කැබිතිගොල්ලෑව, පුදුකුඩු ඉරිප්පු වල බස් බෝම්බ තබා සිංහල සහ දමිල ජනයා මරා දමා ඒවා ඛඔඔෑ ගිණුමට බැර කළ නිවට කොමාන්ඩෝ කුලී ඝාතකයෝ මේ වන විටත් ගෙන්මුල්ල හමුදා කඳවුරේ යෙහෙන් සිටිති. සුදු වෑන් රංගනය හරහා දහස් ගණනින් වටිනා බුද්ධිමතුන්, නිදහස් මතධාරීන් සහ දේශපේ‍්‍රමී මිනිසුන්ගේ ජීවිත රහසිගතව විනාශ කර දැමූ සහ පැහැරගෙන ගොස් මේ වන විටත්, බූස්ස, වැලිකන්ද… දඩ බල්ලන්ගේ තිප්පලවල්වල තබාගෙන දසවද දෙමින් මිලේච්ඡුත්වය වගුරුවන කුලී ඝාතක හේවායින්ගේ කුප‍්‍රකට ඉතිහාසය ගැන කවර කථාද!

මෙතරම් බලසම්පන්න ශක්තියක් ඔවුන් පිටුපස නොවී නම් මේ බුද්ධ ත‍්‍රස්තවාදය මෙතරම් වේගයෙන් රට පුරා අන්තවාදී සහ කඩා කප්පල්කාරී නිහීන වැඩ සංවිධානය කරන්නේ කෙසේද? ධනවාදය ස්වභාවයෙන්ම නිරනුකම්පිත ලෙස ප‍්‍රාග්ධනය පොදිගැසීම සඳහා තරඟ කරයි. ධනවාදය සිය මෘග ධන ලාභ ගැරීමේ තරඟය ඇද ගෙන යනු පිණිස සෑම ආකාරයකම භේදයෝ උපයෝගී කර ගනියි. එය ජාති ආගම් කුළ මෙන්ම ස්ත‍්‍රී පුරුෂ ආදී ලෙස සීමාවක් නොමැතිව එහි කූට අරමුණු මස්තකප‍්‍රාප්ත කර ගැනීමට මිනිසාට සිතිය නොහැකි අවස්ථාවාදී කූටෝපායයන් භාවිතා කරයි. මෙයද එවැන්නක් නොවේද?

ඉතා පැහැදිලි මායාවන්ගෙන් එකක් නම් මුස්ලිම් වරුන්ගේ වෙළඳ සල්වලින් රෙදිපිළි ගැනීම, භාණ්ඩ මිළදී ගැනීම සහ ආහාර ගැනීමෙන් වළකින ලෙසයි. ඒවායේ සිංහල ජාතිය වඳ කරන වඳ බෙහෙත් කවා ඇතිලූ… කොතරම් හාසෝ‍යත්පාදකද? බෞද්ධ අන්තවාදී කල්ලිය විෂ රසායනයන්ගේ මූලික මූලධර්ම ගැන පවා හාංකවිසියක් දැන නොසිටී. ස්පර්ශ වූ පමණින් වඳභාවයට පත් කළ හැකි විෂ රසායනයන් අප දන්නේ ඉතා අල්ප ගණනකි, ඒවා සාමාන්‍ය භාවිතයේ තබා නිපදවීමට පවා අසීරුය, එක්කෝ එය න්‍යෂ්ටික විකිරණශීලී මූලද්‍රව්‍ය විය යුතුය.

අනෙක් අතට එය එසේ නම් විද්‍යාගාරයක් තුළ අදාළ ද්‍රව්‍ය විද්‍යානුකූලව පරීක්‍ෂා කොට තහවුරු කළ යුතුය. නමුත් එසේ නොකොට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා සිංහල ජන කොටස් වලට ව්‍යාජ තොරතුරු දිගින් දිගටම ලබා දී පටු ගැටුම් ඇති කොට ජාතීන් අතර සමගිය විනාශ කිරීමේ කාර්යයයේ නියැලී සිටියි.

අනිත් අතට මෙම භාණ්ඩ හා සේවා පරිශීලනය කරන්නේ සිංහලූන් විතරක් නොවේ. මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ දූ දරුවන්ද මේවා මෙලෙස පරිශීලනය කරයි.

වඳ භාවයට පත් වීමේ වැඩි ප‍්‍රතිශතයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ ගම්බද සහ නාගරික පෙදෙස්වල ඉතා දුෂ්කර ජීවිත ගත කරන්නන් බව ඕනෑම අයෙකුට සරල විපරමකින් පරීක්‍ෂා කොට දැන ගත හැක. ඊට හේතු සාධක වී ඇත්තේ කවරක්ද? ඔවුහු දිනපතා ජීවිතයේදී සිය ජීවිතය පවත්වා ගැනීම සඳහා මහපොළොව සහ යන්ත‍්‍රසූත‍්‍ර, උපකරණ සමග කරන යුද්ධයේදී අසීමිත දුක් ගැහැටවලින් පීඩාවට පත්වෙයි. දිවා කළ උග‍්‍ර සූර්ය තාපය සමග එන විෂ ඹඪ කිරණ ඔවුන්ගේ දේහයේ සමට මෙන්ම ශරීර පටකවල ජානවලට පවා බලපෑම් එල්ල කරයි. කෘෂි කර්මයේදී භාවිතා කරන කෘෂි රසායන, හෝර්මෝන වර්ග සහ වෙනත් රසායනයන්, මෙන්ම වගාබිම්වල තත්ත්ව පාලක ක‍්‍රමවේදයන් පවා ඔවුන්ගේ ජීවිතවලට අනිසි බලපෑම් ඇති කරයි. ඔවුන්ගේ මොළයෙහි ෙසෙල මෙන්ම, ස්නායු පටකවල නියුරෝන ෙසෙල මෙන්ම විශේෂයෙන්ම ලිංගික පද්ධතිවල ක‍්‍රියාකාරීත්වයටද දැඩි බලපෑම් ඇති වීම ස්වභාවයකි.

මෙයටත් වඩා භයානක ඉරණමක් ඇඟලූම් කම්හල්වල සහ වෙනත් කාර්මික නිෂ්පාදන ආයතනවල (බහු අවයවික, රසායනික ද්‍රව්‍ය), වතුකරයේ තේ වතු තුළ සහ තේ මෙන්ම රබර් කම්හල් තුළ සේවයේ යෙදෙන ජනතාවට අත් විඳීමට සිදු වේ. අධි කම්පන සහිත යන්ත‍්‍ර සමග වැඩ කරන බහුතරයකට හෘදය සහ පිලිකා සෑදීමේ මෙන්ම ලිංගික ග‍්‍රන්ථිවලට එල්ලවන අහිතකර කම්පන, උෂ්ණත්වය, අධික වෙහෙස, පෝෂණ ඌණතාවය වඳභාවය පමණක් නොවේ මුළු මහත් මිනිස් දේහයටම ඉවක් බවක් නැති රෝග දුබලකම්, නිර්මාණය කරයි. අප හොඳින් දන්නා කරුණක් නම් ශ‍්‍රමය වැගිරීමෙන් ජීවත්වන පවුල්වල ජීවන බරට උරදෙන කාන්තාවන්ට තත්ත්වය මානසිකව සහ ශාරීරිකව වඩා අයහපත් බවයි. ඇය සිය ආදරණීය සැමියා වෙනුවෙන් නිදි වැරීම, නිරාහාරව සිටීම, වෙනත් ඕනෑම දුෂ්කර කර්තව්‍යකට මැසිවිලි නොකියා ඉදිරිපත් වීම ආදරණීය සැමියෙකු පිළිග්නනා කාරණයකි. එසේම වර්ගයා පවත්වා ගැනීමේ කර්තව්‍යයේදී තමා පිට පැටවෙන බරද සමග බොහොමයක් එක්වුණු විට ඇයට ජීවිතය අපායක් වෙන අවස්ථා ඇතිවිය හැකිය. ලංකාව තුල සෑම දරුවන් හතරෙන් එක් අයෙකුම නිරක්තියෙන් පෙළෙන (ඇනීමියාව – ලේ අඩුකම) බව සමීක්‍ෂණවලින් සොයා දැනගෙන තිබෙන කරුණකි.

බොහෝ විට ජීවිතයේ අවසන් කාලය වන විට හටගන්නා බොහෝ රෝගාබාධයන්ට ප‍්‍රතිකාරයක් ලබා ගැනීමට පවා මිළ මුදල් අත නොමැතිව අවාසනාවන්ත මරණවලින් සිය ජීවිත කෙළවර වන අයුරු ශ‍්‍රමකරු ජනතාවට මෙන්ම ගොවි ජනතාවට පොදුවේ අත්දකින්නට හැකි දෙයකි.

ජනතාව රෝගාබාධයන්ට ගොදුරු වීම හෝ වඳ භාවයට පත් වීම වූ කලී ධනවාදය විසින් සිදු කරනු ලබන මිලේච්ඡ ලාභ ලැබීමේ තරඟයේ ප‍්‍රතිඵල මිස වෙන කවරකුත් නොවේ. ජනතාව මේ දු:ඛිත තත්ත්වයන්ගෙන් ගලවා ගැනීමට කළ යුත්තේ කුමක්ද? මේ තිරිසන් ධනේශ්වර සමාජ අර්ථ ක‍්‍රමය වනසා දමා නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් යුතු සමාජ ක‍්‍රමයක් ඉදි කිරීමයි.

මුස්ලිම් ගම්වලට, දේපලවලට ද්වේෂ සහගත ප‍්‍රහාර එල්ල කොට වනසා දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන ඕනෑම අයෙකුගේ හද සසල කරවනු ඇත. මේවා එකල දෙමළ විරෝධී වර්ගබේදවාදය අවුලූවාලූ කාලයේ මහා පරිමාණයෙන් සිදු විය. රාජ්‍ය ආරක්‍ෂක අංශ වල සහය ලැබූ සිංහල මැරයින් විසින් දමිළ ගම්මාන සමූලඝාතනය කර දමනු ලැබූ අතර ඉතා හදිසියෙන් එකට එක කිරීමක් ලෙස දමිල පාර්ශ්වයක් සිංහල ගමකට ප‍්‍රහාරයක් එල්ල කල විට මාධ්‍ය හුවා දැක්වුවේ එම දුලබ ප‍්‍රවෘත්තිය මිස දිගින් දිගටම සිදු වූ රාජ්‍ය සහය ලද සංවිධානාත්මක ක‍්‍රියාවලිය නොවේ. එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම කරා පදනම සැකසීම සහ සමාජ දේශපාලනික පාරිසරික තත්ත්වයන් නිර්මාණය කිරීම මේ අන්තවාදය හරහා සිදු වේ.

තවත් ප‍්‍රවාදයක් නම් මුස්ලිම්වරුන් නිසා සිංහලයින් දුක් විඳින බවයි. එය සත්‍ය වන්නේ රාජපක්‍ෂ පාලනය නිසා සමස්ත ජනතාව දුක් විඳීම බවට නොවේද? අනෙක සිංහල ජනතාව දුක් විඳින්නේ මුස්ලිම්වරු නිසා වන්නේ කෙසේද?

කෙතරම් ලද බොළඳ තර්කයෝද? සමාජයේ ආර්ථික හා නිෂ්පාදන සබඳතාවයන් ගැන මෙන්ම ඒවා ජනතාව මත බලපවත්නා ආකාරය ගැන හාන්කවිසියක් මේ මුසාවාදීන් දැන නොසිටින බව ප‍්‍රත්‍යක්‍ෂය. මේ පවත්නා දුක් කම්කටොලූ වලට හේතු මන් දැයි පහේ පන්තියේ දරුවකුට පවා සරල දැන උගත්කමක් සිය සමාජ භාවිතාව නිසා හටගෙන ඇති බව සහතිකය. අතලොස්සක් විසින් සමස්ත ජනතාව උපයන මහා නිෂ්පාදනය හැසිරවීම සහ එහි අතිරික්ත ලාභය මංකොල්ලකෑම, අප මුහුණ දෙන කාලකණ්නි ජීවන තත්ත්වයන්ට සැබෑ හේතු ප‍්‍රත්‍ය වේ. අහෝ බවුන් වැඞීමෙහි ආනිසංසයෙහි තරම. සිය ප‍්‍රකෘති බුද්ධිය පවා අහිමි වී ඇත.

අනෙක් අතට බෞද්ධ පූජකවරු ජනතාවගේ ජීවිත වලට සහනයක් ලබා දෙන්නේද? ජනතාවගෙන් පරපෝෂිතව යැපෙමින්, ජනතාවගේ මුදල් ගරා ගනිමින්, ගොවි ජනතාවගේ ධාන්‍ය අස්වැන්නෙන් පවා කොටසක් අධ්‍යාත්මිකව ඩැහැ ගනිමින්, ඇති තරම් බලි තොවිල්, හදි හූනියම්, මිත්‍යා විශ්වාස ජනතාවගේ හිස්ගෙඩි මතට පටවමින් ඔවුන්ගේ වේදනාකාරී ජීවිතවලට අතිරේක බරක්, භීතියක් එක් කිරීම ඔවුන් තෙපළන අත්‍යන්ත නිර්වාණයද?

මුස්ලිම්වරු මේ රට අල්ලන්නට තැත් කරයිලූ! එය කුමන ආකාරයේ තර්කයක්ද? නමුත් සත්‍යය අපගේ මාතෘභූමියෙන් අඩකටත් වඩා චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට විකුණා දමා සිටින, තවමත් බිම් අඟලින් අඟල විකුණමින් සිටින ආඩම්බරකාර තාත්තාගේ හොර නඩය කෙරේ දේශපේ‍්‍රමී ජනතාව ලේ කැකෑරෙන කෝපයෙන් සිටින බවයි. මේ රට අල්ලා ගැනීමෙහි යෙදී සිටින්නේ කවුද? චීන සහ ඇමෙරිකන් අධිරාජ්‍යවාදයයි. ඒයට සහය දෙන්නේ කවුද? බෞද්ධ අන්තවාදය සමග අත්වැල් බැඳි රාජපක්‍ෂ හොර නඩයයි. අපගේ භූමියට එරෙහි සැබෑ සතුරෝ ගැන තොරතුරු ස`ගවා තබමින්, සිංහල සහ මුස්ලිම් ධනේශ්වර කල්ලි විසින් සිදු කරනු ලබන කෙණෙහිලි කම් වලින් අතිශය පීඩාවෙකින් සිටින සුළු ජාතියකට එරෙහිව මෙවැනි පදනම් විරහිත මුසා ව්‍යාප්ත කිරීම ජනතාද්‍රේහී ඒජන්තයන්ට අයත් කාර්යභාරයකි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පමණක් සෑම පැයකටම කාන්තාවන් ගණනාවක් දූෂණය වන බව සංඛ්‍යාලේඛණ වලින් කියැවේ… වෙළඳ කලාප වල තරුණියන් දඩයම් කරන නීත්‍යනුකූල (ආරක්‍ෂක අංශ වල සහය ලබන) කාම වෙළෙඳුන්, බලෙන් රැුගෙන ගොස් එන්නත් විද සිහිය විකල් කොට ඔවුන්ව කෙලෙසා මාස ගණන් තබාගෙන දූෂණය කොට, ඉන් පසු දිගටම එම රැුකියාව කිරීමට බල කෙරීම… මේවා විවිධ මාධ්‍ය මගින් පවා වරින් වර අනාවරණය කෙරිණි. මේ ආදී වූ දැවෙන අසාධාරණයන් ජාතියේ දූ දරුවන් වෙත මාරක හානි සිදු කරද්දී ඒවා ගැන වචනයකුදු හෝ තෙපලන දේශපේ‍්‍රමියෙකු සිටීද?

ලෝකයේ අතිශයින්ම වටිනා ජෛව වටිනාකමක් ඇති ප‍්‍රාථමික වනාන්තර සහ රක්‍ෂිත භූමි විදේශිකයින්ට ෆැක්ටරි තැනීමට සහ තරුණියන්ව දූෂණය කිරීමට හෝටල් තැනීමට විකුණන්නේ කවුද? යම් අයෙකු මේවා ගැන තොරතුරු එළදරවු කරයි නම් පනාගොඩ යුධ කඳවුරේ සිට විහිදෙන කුලී මිනීමරුවන් (සුදු වෑන් කල්ලිය – පුහුණු ඉන්දීය ශ්‍රී ලංකා එකාබද්ධ කොමාන්ඩෝ භටයින්) ඔවුන්ගේ ජීවිත වලට නැවතිමේ තිත තබනු ඇත.

ශ්‍රී ලංකාවේ ආවේණික ශාක ප‍්‍රභවයන්ගෙන්, නිෂ්පාදනයේ යෙදීමට අපට අයිතියක් නැත. ඒවායේ අයිතිය විදේශිකයින්ට විකුණා ඇත. හලාල් ගැන කෑ ගසමින් ගෝරනාඩු කරන කපටින්ට මේවා නොපෙනේද? ඔවුහු දේශ ෙදා්හීහු මිස දේශ පේ‍්‍රමීහු නොවේ! ඔවුහු ත‍්‍රස්තවාදීහු මිස මනුශ්‍යයෝ නොවේ!

අපගේ සහෝදර ජනතාව තරම් පවිත‍්‍ර, පිරිසිදු මෙන්ම අවංක භාවයක් කිසිදු පූජකයෙකුට හිමි නැත. ඔවුහු සිය ජීවිතය ගැට ගසා ගැනීමට සහය දෙන කැත්ත උදැල්ල වැනි උපකරණ පවා ගරු කොට සලකයි. එසේනම් ඔවුහු සිය සහෘදයින්, සිය ජීවිතයේ සියලූ දුක්ඛ ෙදාමනස්සයන් ඉත සිතින් බෙදා හදා ගැනීමට සිටින අසල්වැසියන් සිංහල ද, දමිල ද, මුස්ලිම් ද, කුළය ද, වත්කමද නොතකා ආදරයෙන් වැළඳ ගනු ඇත. අතලොස්සක් දෙනා තුළ ඇති වැරදි සහගත ආකල්ප සහ නොමග යෑම් ඉතා ඉක්මනින්ම පහ වෙනු ඇත. අපගේ ශක්තිය වන්නේ අපගේ සහෝදරත්වයයි, අපගේ එක්සත්කමයි, අප සතු නිවැරදි දැක්මයි, අප සතු තිරසර ධෛර්යසම්පන්න බවයි. අප සැමගේ පොදු සතුරා වන මිලේච්ඡු පාලන තන්ත‍්‍රය හොබවන ජාත්‍යන්තර අධිපතීන්ගේ රූකඩ කඩදාසි පඹයින් පුළුස්සා දැමීමට එය අපට ඇති කදිම අවියයි.

ජාති, ආගම්, භාෂා භාවිතයෙන් අද ධනේශ්වර පාලක කල්ලි සිදු කරන්නේ ලෝකය පුරා සිටින සුවහසක් පීඩිත ජනතාව වඩ වඩා සූරා කෑම පිණිස බෙදා වෙන්කර තැබීමයි. ජනතාව සිය අයිතීන් දිනා ගැනීමට සහ මේ ජඩ පාලන ක‍්‍රමයට එරෙහිව සංවිධානය වීම වැළැක්වීමට භාවිතා කළ හැකි හොඳම ක‍්‍රමවේදය මෙවැනි අතිශය පටු භේදයන් උපයෝගී කර ගැනීමයි. සමකාලීන ආගම ධනේශ්වර හාම්පුතා වෙත මස්කටු ගෙන යන වැහැරුණු බල්ලෙකුගේ භූමිකාව නිර්ලජ්ජීව රඟ දක්වන බව පෙනේ. ජනතාව මේ සර්ව සාධාරණ විශ්ව සත්‍යය ග‍්‍රහණය කර ගත යුතුය. ලෝකය පුරාම ඇත්තේ පංති දෙකක් පමණි. ඒ සූරාකන්නන්ගේ පංතිය සහ සූරාකෑමට පාත‍්‍රවුණු පංතියයි. සියළු ජනතාව අයත් වන්නේ ඉහත කී සූරාකෑමට පාත‍්‍රවුණු පීඩිත පංතියටයි. ජනතාවගේ ශක්තිය බෙලහීන කිරීමට, ඔවුනතර අසමගිය වැපිරිමට ක‍්‍රියා කරන්නේ සූරාකන පීඩක පංතියේ පා ලොවින අවස්ථාවාදීන් මිස ජනතාවට නිර්වාණය පෙන්වන්නන් නොවේ. අපි මේ අසීරු වකවානුවේදී වඩා බුද්ධිමත්ව කටයුතු කොට මේ අර්බුදයන්, මර්ධනයන් ඉදිරියේ එක්සත්ව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුත්තේ සිංහලද, මුස්ලිම්ද, දමිළද යන්න සැලකිල්ලට ගෙන නොවේ. අපි සියල්ලෝම මේ කෲර සමාජ ක‍්‍රමවේදය යටතේ වියරු පීඩාවෙන් බැට කන පීඩිතයින්ය. අපට අයිති වන්නේ නිර්ධන පංති ධජය යටතේ සටන් කොට මේ දුෂ්කරතාවයන්ගේ සාගරය තරණය කොට සැබෑ නිර්වාණය ලබා ගැනීමයි. එනම් මිනිසෙකු විසින් මිනිසෙක් සූරාකෑමෙන් තොර මනුෂ්‍යත්වයේ සැබෑ විජයග‍්‍රහණය ලෙල දෙන පංති රහිත කොමියුනිස්ට් සමාජයක් ඉදි කිරීම කරා සහෝදරත්වයෙන් පා තැබීමයි.

කාෂාය ත‍්‍රස්තවාදය, ආගමික අන්තවාදය හෙලා දකිමු!
රාජ්‍ය සහය ලබමින් ත‍්‍රස්තවාදය වපුරන ආගමික අන්තවාදීහු මනුෂ්‍යයෝ නොවේ!
සියළු සුළු ජාතීහු අපගේ සහෝදරයෝය!
සියළු ජාතීන්ට අයත් ධනේශ්වර පාලක කල්ලි අපගේ සතුරෝය!
ජනතාව භේද කරන්නෝ දේශ ද්‍රේහීන් සහ ජනතා ද්‍රේහීන් වෙති!
සියළු ජාතීන්ට අයත් සහෝදර ජනතාව නිර්ධන පංති ධජය යටතේ සමගි වව්!

 

මාඕවාදී විප්ලවීය ලීගය
Maoist Revolutionary League (MRL)
මැයි 1, 2013

Advertisements

Posted on October 3, 2013, in Muslim, Racism, Sinhala, Sri Lanka, Tamil and tagged , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: