ඉන්දියානු විප්ලවය අපේ විප්ලවයයි. එයි ජයග‍්‍රහණය අපේ ජයග‍්‍රහණයයි. එහි පරාජය අපේ පරාජයයි.

ඉන්දියානු විප්ලවය අපේ විප්ලවයයි. එයි ජයග‍්‍රහණය අපේ ජයග‍්‍රහණයයි. එහි පරාජය අපේ පරාජයයි.

චටිස්ගාර් කලාපය තුළ මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව විසින් ෆැසිස්ට්වාදී නායකයින්ට මෑතකදී එල්ලකළ ප‍්‍රහාරය ඉන්දියානු පාලක පංතියට එල්ල වූ බලවත් පහරක් වන අතර දිවි පිදූ ඉහළ පෙලේ නායකයින් වන සහෝදර අෂාඞ් සහ කිෂෙන්ජි සහ ෆැසිස්ට්වාදී සල්වා ජුදුම්, ප‍්‍රාන්ත සහ මධ්‍යම රජයේ ඝාතක යන්ත‍්‍රය මගින් සිදු කරනු ලැබූ මර්ධනය නිසා කාලක්ණ්ණි ලෙස ජීවත් වීමට සිදු ජනතාව වෙනුවෙන් සිදු කළ විශිෂ්ට පළි ගැනීමකි. ලොව පුරා සිටින විප්ලවවාදී සොහොයුරන්ට සහ ජනතාවට එය අතිශයින් ප‍්‍රීතිමත් ප‍්‍රවෘත්තියකි. මේ මොහොතේ අපි මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ අභීත සොහොයුරන්ට සහ මේ අභීත ප‍්‍රහාරය සඳහා සිය සහයෝගය ලබා දුන් විප්ලවීය ජනතාවට සහ ඉන්දියාවේ මහජන යුද්ධය තීව‍්‍ර කරමින් සිටින ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට අපේ රතු උත්තමාචාරය පුද කරමු.

හරිත දඩයම් මෙහෙයුමේ අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ගතවන සෑම දිනකම ඉන්දියානු සහෝදරවරු සමස්ත ඉන්දියාව තුළ විප්ලවීය ව්‍යාපාරය වර්ධනය කරමින් සිටී. මුළු මහත් ඉන්දියාව පුරාම විප්ලවීය ජනතාව මර්ධනය කර දැමීමට ඉන්දියානු රජය අධි බලැති යුධ තාක්‍ෂණය, චන්ද්‍රිකා, ඩිජිටල් (සංඛ්‍යාංක) ඉලෙක්ට්‍රොනික පද්ධති සහ නව යුධ දැනුම භාවිතා කරයි. මාඕවාදී මතවාදය අපරාජිත බව ඉතා පැහැදිලිය. සහෝදර මා ඕ සේතුං විසින් නායකත්වය දෙනු ලැබූ ශ්‍රේෂ්ට නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය නිර්ධන පංතියේ අත්දැකීම් වල ඉහළම කඳු මුදුන වේ. ආරම්භයේ සිටම සහෝදර චාරු මෂුම්දාර් ශ්‍රේෂ්ට නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය සමග තදින් බැඳී එහි ආත්මය උරා ගනිමින් මා ඕගේ න්‍යායයන් භාවිතාවේ යෙදවූහ. චීන නිර්ධන පංති ආඥදායකත්වය බිඳ වැටීමෙන් පසු ලෝකයේ කිසිදු සමාජවාදී රටක් නොවීය. නමුත් ශ්‍රේෂ්ට නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය මුළු මහත් ලොව පුරා ගිණි පුපුරු විසි කළ අතර ඉන්දියාව, පිලිපීනය, තුර්කිය, පේරුව සහ කොලොම්බියාව වැනි නව පතන් ගිණි අවුළුවාලූහ. එම නිසා ලොව පුරා පීඩිත සහ විප්ලවීය ජනතාවට ඉන්දියාවේ මහජන යුද්ධය ශ්‍රේෂ්ට උරුමයක් වනු ඇත.

ෆැසිස්ට්වාදී ඉන්දීය පාලක පංතිය අමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ආධාර ඇතුව ජනතාවට එරෙහි දැවැන්ත යුද්ධයක් පවත්වාගෙන යයි. සෑම දිනකම අතිවිශාල ආයුධ සහ පතරොම් ප‍්‍රමාණයක් විප්ලවීය ව්‍යාපාරය වළලා දැමීම පිණිස නිෂ්පාදනය කරමින් තිබේ. නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ දෑත් තබමින් ලෝක විප්ලවයේ මූලස්ථානය ලෙස අපි ඉන්දියානු විප්ලවය ආරක්‍ෂා කරගත යුතු වෙමු. සාරවත් ඛණිජ සහ සම්පත් පොළොව යට වැළලී තිබෙන දිළිඳු ආදිවාසී ජනතාවගේ ඉඩම් උදුරාගැනීමට මහ ධනපති ගිජුලිහිණියන් බලා සිටී. මාඕවාදී ව්‍යාපාරය සමූලඝාතනය නොකොට එකදු බිම් අඟලක් වත් අල්ලා ගත නොහැකි බව ඔවුහු දනිති. ඔවුන්ට මේ සම්පත් සූරාකන්නට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දැවැන්ත ආර්ථික අර්බුද වල තුවාල සුව කර ගැනීමටයි.

අප රටේ ජනතාව අතර ඉන්දියානු විප්ලවය ප‍්‍රචලිත කිරීමට අප විසින් විවිධ ක‍්‍රියාමාර්ගයන් ගෙන යන්නෙමු. අපි මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ ලිපි ව්‍යාප්ත කරන අතර මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පළ කරනු ලැබූ සහෝදර කිෂන්ජි ගැන වූ කෘතිය විප්ලවීය නායකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ අව්‍යාජ සහ තිරසර විප්ලවවාදියෙකු ලෙස වැඩ කරන්නේ කෙසේද යන්න උගෙනීමට අත් පොතක් ලෙස භාවිතා කරන්නෙමු. ජනතාව වෙතට ඉන්දියානු විප්ලවයේ පණිවුඩය ගෙනයාමට සහ මැතිවරණ ක‍්‍රියාකාරකම් වර්ජනය කරන ලෙස ආමන්ත‍්‍රණය කරමින් අපි සමහර ප‍්‍රදේශවල පෝස්ටර් ව්‍යාපාර දියත් කිරීමද සිදු කළෙමු.

අප රට තුළ බොහෝ දෙනෙකු ඉන්දියානු විප්ලවය ගැන නොදනිති. තමන් සමාජවාදීන් සහ මාඕවාදීන් ලෙස හංවඩු ගසාගෙන සිය පුද්ගල අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගන්නා සමහර නින්දිත සංශෝධනවාදී දේශපාලන පක්‍ෂ සහෝදර ශන්මුගදාසන්ගේ විප්ලවීය උරුමය කෙලසන අතර විප්ලවීය ව්‍යාපාරය තියුණු කිරීමට හෝ වර්ධනය කිරීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැත. නමුත් මේ වන විට අපගේ ක‍්‍රියාකාරීත්වය නිසා ජනතාවගෙන් ටික දෙනෙක් ඉන්දියාවේ විප්ලවීය යුද්ධය පිළිබඳව තතු දැන සිටී. විවිධ ආකාරයන්ගෙන් වඩ වඩාත් අපි එය ජනතාව අතරට ගෙන යමින් සිටින්නෙමු. එය මුවග රැව්දෙන වචනයක් තරමට පත් කිරීමට අපිට අවශ්‍යයි.

තවද ඉන්දියාවේ මහජන යුද්ධය දකුණු ආසියානු කලාපය තුළ පාලක පංතීන්ට කරනු ලබන අනතුරු හැඟවීමක්ද වෙයි. මන්ද යත් ශ්‍රී ලංකාවේ සහ අනෙක් රටවල්වල පාලක පංතිය එය ඔවුන්ගේ ඊළඟ අනතුර ලෙස දකී. විප්ලවීය ව්‍යාපාරයේ ඓතිහාසික වටිනාකම් විකෘත කරමින් ධනේශ්වර මාධ්‍යය මාඕවාදී ත‍්‍රස්තවාදයේ නැගීම පිළිබඳව තොරතුරු පළ කරයි, විකාශය කරයි. ඉන්දියානු විප්ලවය පිළිබඳව උද්වේගකර ප‍්‍රවෘත්ති ජනතාව අතර පළ වන විට ඔවුහු එමගින් අනුප‍්‍රාණයක් ලැබීමට සහ විප්ලවීය ආත්මය උරා ගැනීමට නැඹුරු වෙයි. එම නිසා එය හැමතැනෙකම පාලක පංතීන්ට බරපතළ බාධකයකි. එමනිසා අද දින ලෝක අධිරාජ්‍යවාදයට තිබෙන බරපතළම තර්ජනය මා ඕවාදයයි. අන්න ඒ නිසා වීරෝධාර ජනතාවගේ සන්නද්ධ අරගලය තලා පොඩිකර දැමීමෙන් විප්ලවය වළලා දැමීමට ලෝක අධිරාජ්‍යවාදයට අවශ්‍යව තිබේ.

ඉතා පැහැලිවම සමකාලීන ලෝක ඉතිහාසය තුළ මා ඕවාදය යනු පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසා වන අනභිභවනීය දේශපාලන ගමන් මග ලෙස තහවුරු වී ඇත. සෑම විප්ලවවාදියෙකුම ඉන්දියානු විප්ලවය ඔසවා තැබිය යුතුයි. ඉන්දියානු විප්ලවය සමග තද බැඳීමක් නොමැතිව, ඉන්දියාවේ ශ්‍රේෂ්ට මහජන යුද්ධය ආරක්‍ෂා කිරීමට සහය දෙන්නේ නැතිව කිසිවෙකුට ලෝක නිර්ධන පංති ව්‍යාපාරයේ කොටස්කරුවෙකු විය නොහැක. නිර්ධනීන්ගේ ජාත්‍යන්තර සමගිය නොමැතිව කිසිදු විප්ලවයකට විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගත නොහැක. ඉන්දියානු විප්ලවය අපේ විප්ලවයයි. එයි ජයග‍්‍රහණය අපේ ජයග‍්‍රහණයයි. එහි පරාජය අපේ පරාජයයි. අපි එයට සහය දිය යුතුය, එය ආරක්‍ෂා කළ යුතුය.

එමනිසා ඉන්දියානු විප්ලවය හැමතැනෙකම ප‍්‍රචලිත කිරීමෙන් සහ පැතිරවීමෙන්, මා ඕවාදයේ ශ්‍රේෂ්ට ධජය යටතේ අපගේ රටවල්වල විප්ලවීය ව්‍යාපාරය තියුණු කිරීමෙන් සහ අපිට කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමෙන් එයට සහය දැක්වීමට හැකිය.

ඉන්දියානු විප්ලවයට සහය දීමේ ජාත්‍යන්තර දිනය වන ජූලි 1 වන දින සහයෝගීතාවයට අපගේ මුළු හදවතින්ම සහය පළ කර සිටිමු. නිර්ධන පංති ව්‍යාපාරයේ නව රැල්ලක් ඇති කිරීමට ජූලි 1 ව්‍යාපාරය මග පාදනු ඇත. සහෝදර අෂාඞ්, කිෂෙන්ජි සහ අනෙකුත් දිවි පිදූවන්ගේ මතකය සහයෝගිතා ව්‍යාපාරයේ සෑම තැනෙකම ජීවමානව විහිදෙනු ඇත.

අපි උස් හඬින් නැවත නැවත හඬගා සිටිමු: ඉන්දියානු විප්ලවය අපේ විප්ලවයයි. එයි ජයග‍්‍රහණය අපේ ජයග‍්‍රහණයයි. එහි පරාජය අපේ පරාජයයි.

ඉන්දියාවේ මහජන යුද්ධය දිගු කල් දිනේවා!
දිවි පිදූ දහස් ගණන් වූ විප්ලවීය සොහොයුරන්ට, රතු ගරිල්ලා භටයින්ට සහ විප්ලවීය ජනතාවට අපගේ රතු උත්තමාචාරය!
අධිරාජ්‍යවාදයට විනාශය!
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) දිගු කල් දිනේවා!
මාක්ස්වාදය ලෙනින්වාදය මාඕවාදය දිගු කල් දිනේවා!

 

මාඕවාදී විප්ලවීය ලීගය (MRL)
ශ්‍රී ලංකාව
2013 ජුනි 17

Advertisements

Posted on October 3, 2013, in International, MRL, Sinhala, Solidarity, Sri Lanka and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: