ආමන්ත‍්‍රණයක් උදෙසා සිය ගණන් හඬවල්

2011 නොවම්බර් 24 වැනි දින හැම්බර්ග් වල පැවැත්වූ ශ්‍රේෂ්ට සම්මේලනයේ…. උදෘතයන්

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර දිනය

ආමන්ත‍්‍රණයක් උදෙසා සිය ගණන් හඬවල්

2012 නොවැම්බර් 24 වන දින ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීම උදෙසා වූ ජාත්‍යන්තර සම්මේලනය විසින් පවත්වන ලද කථා වල උදෘතයන්

සෑම රටකම මේ වැඩ පවත්වා ගෙන යාමට, ප‍්‍රචාරක ව්‍යාපාරයේ සිට, ජනතාව එක්සත් කිරීමට සහ තොරතුරු ව්‍යාප්ත කිරීමට, ඉන්දීය රජයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව සංකේතාත්මකව පහර දීමට ක‍්‍රියාමාර්ගයන් ගැනීම දක්වා වන සෑම විධියකම අරගල වල නිරත වීමට, මේ කාර්යය සඳහා එකට එක්ව දායකත්වය දුන් හැම කෙනෙකුටම අපි ආමන්ත‍්‍රණය කරන්නෙමු.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව

ඉන්දියාව තුළ අපේ සහෝදරවරු අධිරාජ්‍යවාදීන්ට සහ එහි ගැත්තන්ට එරෙහිව ජීවිතයත් – මරණයත් අතර අරගලයක සටන් කරමින් සිටී. ජීවිත පරිත්‍යාග කිරීම අතිමහත් වන අතර ඔවුහු අධිරාජ්‍යවාදයේ වියගහ යටතේ අතිශයින්ම පීඩිත, අතිශයින්ම සූරාකෑමට ලක් වූ මිනිස් වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරමින් සිටී.

අධිරාජ්‍යවාදී ආක‍්‍රමණයන්ට එරෙහි ලීගය – හැම්බර්ග්

මහජන යුද්ධය ආරක්‍ෂා කිරීමට පුළුල් සහයෝගයක් ගොඩනැගීම, අමානුෂික මර්ධනයට එරෙහිව පුළුල් විරෝධයන් ගොඩනැගීම – මේ දෙකම අන්‍යෝන්‍යව බැඳී පවති. මෙහි නව යථාර්ථය වන්නේ  මහජන යුද්ධයේ වර්ධනය විසින් සංක‍්‍රාන්තික තත්ත්වයක් නිර්මාණය කෙරෙමින් පැවතීමයි. ගෝලීයකරණයේ සහ අධිරාජ්‍යවාදයේ අර්බුද වල විනාශකාරී තත්ත්වයන් යටතේ මෙය නිර්මාණය කෙරෙමින් පවති. එනමුදු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගීමට සහ බලය අල්ලාගැනීමට වන විප්ලවය මහජන යුද්ධය මගින් නිර්මාණය කරයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි

අපි හරිත දඩයම් මෙහෙයුමට එරෙහිව ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයන් පැවැත්වීමු. රටෙහි විවිධ ප‍්‍රදේශ වල තාප්ප මත (ස්ථීර ආකාරයෙනුත්) ‘‘ඉන්දියාවේ මහජන යුද්ධය දිගුකල් දිනේවා!’’, ‘‘මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය දිගුකල් දිනේවා!’’, ‘‘හරිත දඩයම් මෙහෙයුම බිම හෙළනු!’’ යන සටන්පාඨ වර්ධනය කරමින් රටෙහි කලාප ගණනාවකම නැවත නැවත පෝස්ටර් දහස් ගණනින් පිටපත් කළෙමු. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ සහ සමස්ත ඉන්දිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ලිපි ප‍්‍රචලිත කිරීමටද වෑයම් කළෙමු.

ජනතා අයිතීන් සුරැකීමේ විප්ලවීය පෙරමුණ (බ‍්‍රසීලය)

ඉන්දීය ජනතාව ප‍්‍රතිපහර දෙමින් සිටී, ඔවුහු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක නිරත වෙති. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය යටතේ, ඉදිරියට ඇදෙමින් පවතින මහජන යුද්ධය ගම් දනව්වල දහස් ගණන් ජනතා සංවිධාන සහ විප්ලවීය ජනතා කමිටු ඉදි කරමින් පවතී. නගර තුළ, මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය නායකත්වය දෙන මහජන සංවිධාන ප‍්‍රතිගාමී රාජ්‍ය බලයේ පදනම් වෙවුලවමින් මහජන විරෝධතා ක‍්‍රියාමාර්ගයන් දියත් කරයි.

පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය

අර්ධ රදළවාදයට, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගල හැම තැනම තීව‍්‍ර කිරීම ඉන්දියාවේ විප්ලවීය යුද්ධයට සහය දීමේ හොඳම මගයි. තවද එය කියාපාන්නේ හැමතැනම මහජන යුද්ධ දියත් කරන ලෙසයි.

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය

අද මහජන විමුක්ති ගරිල්ලා හමුදාව අපේ හමුදාවයි. ඉන්දියාවට භූ-දේශපාලනික සහ ගෝලීය ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමිව ඇති නිසා අධිරාජ්‍යවාදයට, රදළවාදයට සහ ධනවාදයට එරෙහි අරගලයේදී ඔවුහු ප‍්‍රම්ඛස්ථානයේ සිටී.

විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය – කැනඩාව

අධිරාජ්‍යවාදය අර්බුදයකට පත්ව ඇති මේ මොහොතේ ලෝකය පුරා සියළු වැඩ කරන ජනතාවට, විප්ලවවාදීන්ට, කොමියුනිස්ට්වාදීන්ට ඉන්දියාවේ මහජන යුද්ධය මහත් අනුප‍්‍රාණයක් සපයන උල්පතකි.

ප‍්‍රංශයේ මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය

ලෝකයේ අනෙක් රටවල ජනතාවගේ අරගලවලට ඉන්දියාවේ මහජන යුද්ධය සහය දෙයි, එමනිසා එකම අරමුණු වලට: ජාතික සහ සමාජ විමුක්ති සඳහා සටන් කරන අනෙක් රටවල ජනතාවට එය ගැන දැනගැනීමට සැලැස්විය යුතුය

ඉන්දියානු විප්ලවයට සහය දීමේ කමිටුව, ප‍්‍රංශය

මේ ඉන්දියාවේ කොම්ප‍්‍රෙදා්රු නිළධාරිවාදී පාලක පංතියට එරෙහිව නැගී සිටීමට කාලයයි. එමෙන්ම මෙය, එම අරමුණ සඳහා ධෛර්යයෙන් සහ කැපවිමෙන් අප විසින්ම සංවිධානය විය යුතු කාලයයි. රාජ්‍ය මර්ධනයේ අති දුෂ්කර තත්ත්වයෙන් වටවී තිබෙන ඉන්දියානු ජනතාවට ප‍්‍රායෝගික ලෙස සහය දීම පිණිස ලෝකය පුරා යෝධ ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.

ජන මාවත, නෙදර්ලන්තය

ඉන්දියාව තුළ සහ හැමතැනකම අපේ අධිරාජ්‍යවාදියාට එරෙහිව සටන් කරන්නේ කවරෙක්ද, ඔවුහු අධිරාජ්‍යවාදයට සහ අපේ පක්‍ෂය ඉදිකිරීම සඳහා ප‍්‍රතිසංස්කරණවාදී නායකත්වයට එරෙහිව කරනු ලබන අරගලයේ මිතුරන්ද වෙති.

OCML Voie Prolétarienne ප‍්‍රංශය

මේ අපරාධකරුවන් බලවත් බව පෙනෙන්නට තිබුණත්, විශ්වාස කළත් ඔවුන්ගේ ලේ පැල්ලම් තැවරුණු දෑත් ජනතාව විසින් කපා දමන බවට අපිට කිසිම සැකයක් නැත, ඔවුහු සර්වබලධාරී සහ අනභිභවනීය වූ සාමූහික මහජන යුද්ධය අභිමුව කඩදාසි වලින් තැනූ කොටියන් වෙති.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ගලීෂියානු කමිටුව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව ගලීෂියාව, ස්පාඥ්ඥ රාජ්‍යය

 

ඉන්දියානු විප්ලවයේ ප‍්‍රගමනය ඉදිරියේ උපේක්‍ෂා සහගත ලෙස බලා සිටිය හැකි එකදු ජාත්‍යන්තරවාදියෙකු හෝ නැත.

කොමියුනිස්ට්වාදය දෙසට මහා පා ගමන – මැඞ්රිඞ්

ඉන්දියාව තුළ සහ ලෝකය පුරා ඉතා ප‍්‍රචණ්ඩ වූ – බරපතල ලිංගික හිංසනකාරී තත්ත්වයන් යටතේ සහ පරිපීඩනය යටතේ අද දින විමුක්තිය උදෙසා වූ සිය වගකීම ඉටු කිරීම වෙනුවෙන් විශාලතම සහ අනභිභවනීයම මහජන යුද්ධය වෙනුවෙන් සටන් වදින ඉන්දියානු කාන්තාවන්ට අපගේ සහයෝගය. ඉන්දියාව තුළ ස්ත‍්‍රියගේ කෝපය සහ ශක්තිය වනසා දැමීමට පැරාමිලිටරි බල ඇණි දූෂණය කිරීමේ යුද්ධය තුළ බොහෝ දූෂණයන් සිදු කරති. නමුත් බොහෝ ස්ත‍්‍රීන්ට ඔවුන්ව පීඩාවට පත් කළ දූෂණය කිරීම් සහ හිංසනයන් කැරලි ගැසීමට සහ මහජන යුද්ධයට එක් විමට ඔවුන්ට ලබා දුන් ලීවරයකි.

විප්ලවීය නිර්ධන පංතික ස්ත‍්‍රීවාදී ව්‍යාපාරය, ඉතාලිය

ඉන්දීය සහෝදරවරු ජීවිත පරිත්‍යාගයන් කැටයම් කරති. මහජන යුද්ධය තනි පුද්ගලයෙකුට වඩා සාමූහිකත්වයේ ඇති සැබෑ වැදගත් කම අපිට පෙන්වයි. ඔවුහු ඉදිරියට දැමුවේ ආදිවාසීන් පමණක්ම නොව, කුල හීන, ගොවි සහ ඉන්දීය නිර්ධනීන් ඔවුන්ට පෙර ස්වයංවම ඉදිරියට ආහ. ඔවුන්ගේ ජීවිත පිටුපස ලෝකයේ වැඩ කරන ජනතාවට සහ මනුෂ්‍ය සංහතියට අභිලාෂයක් ගෙන දුන්හ.

ඉන්දියානු සහයෝගීතාවය, නෝර්වේ

ඉන්දියානු මහජන යුද්ධයේ වැදගත්කම රදා පවතින්නේ අධිරාජ්‍යවාදය විසින් ඉන්දියානු ජනතාවට එරෙහිව සිදු කරනු ලබන ජන සංහාරක කෲරකම්වල විශාලත්වයට සමානුපාතිකව පමණක් නොව එහි ශක්ති සම්පන්නභාවයද මතය.

රතු ක‍්‍රියාකාරිත්වය, ක්‍රොඒෂියාව

අධිරාජ්‍යවාදය සහ ඉන්දීය රජය විසින් සිදු කරනු ලබන ත‍්‍රස්තවාදය ගැන තොරතුරු බෙදා හැරීම ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමට සිදු කරනු ලබන ප‍්‍රචාරක වැඩවල වැදගත් අංගයකි. ඉන්දියාවේ මහජන යුද්ධය සමග පුළුල් සහයෝගිතා පෙරමුණක් ඉදිකිරීම සහ විප්ලවීය ඥණ දර්ශනය ජනතාව වෙතට පතුරවමින් අරගල සඳහා ජනතාව ඒකාග‍්‍ර කිරීම අවශ්‍ය නොවන්නේද

Revolutionarer Aufbau
ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ කමිටුව, ඔස්ටි‍්‍රයාව

ඉන්දියාවේ බහුජන යුද්ධය අපේ යුද්ධය ලෙස අපි තිර ලෙසම කියන්නෙමු, මන්දයත් අධිරාජ්‍යවාදීහු සහ ඔවුන්ගේ ගැත්තන් සමස්ත ලෝකය පුරාම පීඩිත ජනතාවට සහ සූරාකනු ලබන කම්කරුවන්ට එරෙහිව යුද්ධයක් ගෙන යන අතර ප‍්‍රතිගාමී රාජ්‍ය හිංසනය අභිමුව මුහුණට – මුහුණ ලා සිටිය හැක්කේ සමාජවාදය වෙතට මං පාදන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන බලය ගොඩනගන සහ විමුක්තිය, ජයග‍්‍රහණය පිණිස නායකත්වය දෙනු ලබන මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂයක් විසින් මෙහෙයවනු ලබන මහජන යුද්ධයකින් පමණි.

මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය, ටියුනීසියාව

 

Advertisements

Posted on October 3, 2013, in International, People's War, Sinhala and tagged , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: